Monday, July 23, 2018

මාදුළුවාවේ සෝභිත හිමියන් සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය



1942 ජපනුන් කොළඹට බෝම්බ දමන අවධියේ කොළඹ බොරැුල්ලේ හා කෝට්ටේ කව්රුත්් දුවගෙන ගියේ පාදුක්ක ප‍්‍රදේශයේ මාදුළුවාව ගම් පියසටයි. එහිදී බොහෝ දෙනෙකුට ආරක්ෂාව ලැබිණි. මේ ගමේ සිටි පීරිස් අප්පුහාමි තමන්ගේ නිවස මේ පැමිණෙන පිරිසට ලබා දෙමින් ඔහු තමන්ගේ වඩුමඩුවේ බිරිද සමග ජීවත් වුවෝය.මේ කාලය තුල ඔහුගේ බිරිද වූ කරලිනාහාමි තමන්ගේ දෙවන දරු ප‍්‍රසුතිය සදහා ගැබ් ගෙන සිටියාය. මේ වූ දරුවා රත්නසේකර නම් වියග රත්නසේකර වයස අවු 13 දී මාදුළුවාවේ සෝභිත නමින් පැවිදි දිවියට පත් වුවේය.

විද්‍යාලංකාර හා විද්‍යෝදය සෙවනේ උසස් අධ්‍යාපනය ලැබූ සෝභිත හිමියන්ගේ චරිතයේ කැපී පෙනෙන දුර්ලභ ගුණයක් වන්නේ අන්‍ය ආගමික නායකයන් සමග මිත‍්‍රත්වයෙන් කටයුතු කිරීමයි. කිසිම ආගමක් අවප‍්‍රමාණ වන අන්දමට කිසිම ආගමික ව්‍යාපාරයකට  සෝභිත හිමියන් මැදිහත් වී නැතග මෑතකදී ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ක‍්‍රියාකලාපයන් ජාතික සංහිදියාවට තිබෙන මාවත්  විවර කර ගැනීමට තිබෙන අවකාශයන් දුර්වල කිරීමට සමත් වුයේ එමගින්  අන්‍ය ආගමික ජන කොටස් අවප‍්‍රමානයට ලක් වූ බැවිනි.

මේ අභාග්‍යසම්පන්න තත්ත්වය අබිමුව සෝභිත හිමියන් කටයුතු කල අන්දම ගෞරවනීය වේග උන්වහන්සේ අන්‍ය ආගමිකයන් සමග ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂුන් වහන්සේලා සමග අරෝවක් ඇති කර ගනිමින් උන්වහන්සේලා සමග ගැටුමකට ගියේ නැත.සෝභිත හිමියන් කලේ අන්‍ය ආගමික නායකකාරකාදීන් සමග ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටීමයි ග එය ආගමික වෛරය තුනී කරමින් ආගමික සංහිදියාව වෙනුවෙන් හිතකර සාධනීය තත්වයක් බව කිව යුතුය.

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් සෝභිත හිමියන් ප‍්‍රගතිශීලී අදහස් දැරූ බව ගෞරවයෙන් සදහන් කල යුතුය. ත‍්‍රස්තවාදය නිසා රටට අත්වුණ විනාශය ගැන උන්වහන්සේ කණගාටු වුවද ජාතිවාදය හිසින් ගෙන  ජන විඥානය දුෂණය කිරීමට කිසිදු පියවරක් නොගත්තේය. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පෙනී සිටි උන්වහන්සේ ජාතික සංහිදියාවක් ඇති කිරීම උදෙසා පියවර නොගැනීම ගැන සිය කනස්සල්ල පල කර සිටියේ යුද්ධය අවසන් වූ අවස්ථාවෙදිමයි මේ රට තුල සාමකාමීව සියලූ පුරවැසියන්ට ජිවත් වීමට හැකි වාතාවරණයක් ඇති කිරීමත්, නැවත යුද්දයක් ඇති නොවන අන්දමට ජාතික ඒකාග‍්‍රතාව ඇති කිරීමේ වැදගත්කමත් සෝභිත හිමියන් උවමනාවෙන්ම පැහැදිලි කර සිටියේය


භික්ෂූන් වහන්සේ ගිහියන්ට සමාන අන්දමින් දේශපාලනයක නිමග්න වීම සෝභිත හිමියන් දුටුවේ නොකළ යුතු දෙයක් ලෙසිනිග ගිහි සමාජයේ නායකයන්ට ඉහලින් සිටිමින් රටේ හා ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේට කල හැකි මෙහෙවර වෙනුවෙන් අකම්පිතව කැපවීම සෝභිත හිමියන් ආදර්ශයෙන් පෙන්වා දුන්නේය


සෝභිත හිමියන් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ල පොදු ජනතාවගේ යහපත වෙනුවෙන්  ර්‍ණ සාධනීය දේශපාලනයක ” නිමග්න වූ භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ අනුදත් දේශපාලනය  ර්‍ණ පක්ෂ දේශපලනය ” නොවේ ග බලය උරුම කර ගැනීමේ දේශපලයනය නොවේ  රාහුල හිමියන් පවසන පරිදි ල ධර්මයට අනුගත ල ලෝකයට වැඩදායක ල දේශපාලනයක සෝභිත හිමියන් තරුණ භික්ෂුවක අවදියේ සිටම නිමග්න විය.





විධායක ජනාධිිපතික‍්‍රමය අහෝසි කල යුතුය යන හඩට සියලූ දේශපාලන පක්ෂඅවදිව පාරට එන්නේ සෝභිත හිමියන් ලබා දුන් නායකත්වය නිසායග සියලූ සිවිල් සංවිධාන උන්වහන්සේ කරා  පිය නගන්නේ ඒ නායකත්වය කෙරේ පරම විශ්වසයකිනිග

සෝභිත හිමියන් රාජපක්ෂ පාලනයේ මර්ධනකාරී පලිගැනීම් වලට එරෙහිව නැගී සිටි අවස්ථා දෙකකිග ඉන් එකක් වන්නේ ල ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් මහින්ද රාජපක්ෂ පළිගත් අවස්ථාවයි ග අනෙක අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකගෙන් මහින්ද රාජපක්ෂ පළිගත් අවස්ථාවයි


මහින්ද රාජපක්ෂ රට මහා විනශයක් කරා තල්ලූ කරන බව අවබෝධ කරගනිමින් ඔහු සුදුසු අවස්ථාවකදී පරද කල යුතුය යන අදහස සිවිල් සමාජය තුල මුල් අල්ලා වැඬේන්නට පටන් ගත්තේ මේ ව්‍යාපාර  දෙක හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දීර්ග කාලීන වර්ජනයයි. මෙහිදී සිදු වුන වැදගත්ම දේ නම් සොභිත හිමියන්ගේ හඩට විවිධ වෘත්තිකයන්ගේ හා සිවිල් සමාජයේ ක‍්‍රියාදරයන්ගේ අවධානය යොමු වීමයි. එය සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය  බිහිවීමට හා වැඞී වර්ධනය වීමට හොද පසුබිමක් උදෙසා හේතු සාධක විය.

සෝභිත හිමියන් ඉතා පැහැදිලිව ස්වකීය ස්ථාවරය අකම්පිතව පල කර සිටියේය.
" අපේ මුලිකම යෝජනාව තමයි මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට  බලය පැවරිය යුතුයි කියන එක ග අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් රට පාලනය කල යුතයි ”
:2014.03.09 රාවය *

2015 ජනාධිපතිවරණයේදී ජනතාව වෙත ගෙන ගිය ප‍්‍රධානම පනිවිඩය මෙයයි ග එය පොදු ජනතාව වෙත නිසි ලෙස හා දැනෙන ලෙස කාවැද්දීම සිදු කලේ සෝභිත හිමියන් ය.මහින්ද රාජපක්ෂට සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය  පෙනී ගියේ මල් වෙඩිල්ලක් ලෙසටය . ඔහු තැනක පවසා සිටියේ  ර්‍ණ මල් වෙඩිලිවලින් ජනතාව මුලා කිරීමට තමා ඉඩ නොතබන ” බවයි.තවත් අවුරුදු දෙකක් ඉදිරියට රට පාලනය කිරීමට බලය උරුමව තිබියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරනයක් පැවත්වීමට තීරණය කරන්නේ රටේ වාසනාවකටය. වැදගත්ම දේ වන්නේ ඒ අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට පොදු අපේක්ෂකයෙකුව තෝරා ගැනීමට අවශ්‍ය කාර්යභාරය සොභිත හිමියන් ඉටු කර තිබීමයි.

පොදු අපේක්ෂකයා කරලියට පැමිණි තැන් සිට ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රට පුරා සැරිසරමින් සිය හඩ අවදි කරමින් සෝභිත හිමියන් කටයුතු කලේ සිය ජීවිතාශාව අත්හරිමින් යයි පැවසීම නිවැරදිය.
පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කල පසුව සෝභිත හිමියන් නිහඬව පැත්තකට වුනේ නැතග පොදු අපේක්ෂකයා පරද කිරීමට කැප වුන දේශපාලඥයන්ගේ පොදු අපේක්ෂකයාට ලංවී වරදාන ලබන විට සෝභිත හිමියන් පොරොන්දු ඉටු කර ගැනීමේ සටනට යලි අවතීර්ණ වන්නේය. සුපුරුදු පරිදි බලය සමග නොව බලයට ප‍්‍රතිපක්ෂව සිට ගත්තේයගඉන්පසුව දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවට මහින්ද රාජපක්ෂට යලි බලය ලබා ගැනීමේ ව්‍යාපාරයක්  ඇරභිනි සෝභිත හිමියන් මේ අවස්ථාවේ යලි පෙරමුණ ගත්තේ අශීලාචාර මහජන නියෝජිතයන්ගේ පටු අරමුණු පරාජය කිරීමට බව කිව යුතුය

19 වැනි සංශෝධනය සම්මත නොවී නම්ල අද වන විට හඩ නගන්නේල  " මහින්ද අගමැති කරමු ” යන සටන් පාටය ගෙන නොව  " මහින්ද යල ජනාධිපතිිපති කරමු ” යනුවෙන් සටන් පාටයක් අතට ගනිමිනි . ඒ තත්ත්වය වලක්වා ගැනීමට හැකි වන්නේ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙනි ග සෝභිත හිමියන් පවසා සිටියේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගෙනීම මොන අන්දමකින් හෝ එය සම්මත කල පාර්ලිමේන්තුවෙනම සිදු කර ගත යුතු බවයි

19 වැනි සංශෝදනය සම්මත නොවුනහොත් කොමිෂන් සභා ටික වත් ක‍්‍රියාත්මක නොවන බැවින් සෝභිත හිමියන් මහා මගට බැස පවසා සිටියේ ල
 ර්‍ණ19 වැනි සංශෝධනයට ඡුනදය නොදී ගමට එන්නට එපාග” යන්නයිග
සෝභිත හිමියන් සිය නමට නම්බු නාම එල්ලගෙන ල ඒ නම්බු නාම වලින් බැබලෙන්නට කිසි විටක උත්සුක නොවූ භික්ෂූන් වහන්සේ නමකි ග උන්වසන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත‍්‍රයෙක් වන්නාහ.
මෑත ඉතිහාසයේ පැවතී ආණ්ඩු සිදු කල අකටයුතුකම් වලට එරෙහිව නිර්භයව ප‍්‍රබල බලපෑමක් එල්ල කල භික්ෂු ප‍්‍රතිරූපයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් හැදින්විය හැකිය . ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිට මහින්ද රාජපක්ෂ පාලන සමය දක්වා පැවති රජයන් විවිධ අකටයුතුකම් වෙනුවෙන් සිය බලය යොදවන විට ඊට එරෙහිව හඩ නැගූ සෝභිත හිමි ජාතිල ආගම්ල කුල භේදයන් නොසලකමින් කටයුතු කළේය. එමනිසා ශ‍්‍රී ලංකාව තුල ජීවත් වූ සියලූම ජාතීන්ගේ හා ආගම් වල ජනතාවගේ මනසේ සෝභිත හිමිගේ ප‍්‍රතිරූපය රැුදී තිබුනෝය.
සොභිත හිමි මෙරට දේශපාලන වියුහය තුල කැපී පෙනෙන ප‍්‍රතිරූපයක් බවට පත්වීම ආරම්භ වන්නේ 1980 දශකයේය. මෙම කාල වකවානුව තුල උතුරේ ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කටයුතු නිසා මෙන්ම දකුණේ ක‍්‍රියාත්මක වූ රාජ්‍ය ත‍්‍රස්තවාදය නිසාවෙන් රටම කැලභී සිටියෝය. මෙවන් භීෂණකාරී තත්ත්වයක් නිර්මාණය වීම පිලිබදව වර්ෂ 1986 අගෝස්තු මස ර්‍ණරාවය”සගරාව වෙනුවෙන් ලිපියක් සම්පාදනය කරන සෝභිත හිමි එමගින් අවස්ථාවාදී දේශපාලකයන්ල රාජ්‍ය ත‍්‍රස්තවාදය හා එහි අනිසි ප‍්‍රතිපල පිලිබදව විවේචනාත්මකව කතා කරයිගඑතැනින් සෝභිත හිමි ආරම්භ කල ගමන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ රජයන් ක‍්‍රියාත්මක වන අවදීන් හිදී ඉතා ප‍්‍රබලව ඉස්මතු විය. එම අවස්ථා පහත පරිදි දැකිවිය හැකිය.


  •  විධායක ජනාදිපතිධූරය අහෝසි කිරීමේ ව්‍යාපාරය
  •  නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වා දීමේ ව්‍යාපාරය
  •  ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ව්‍යාපාරය
  •  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ව්‍යාපාරය රැු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට එරෙහිව ක‍්‍රියාත්මක වූ    ව්‍යාපාරය
  •  අමද්‍යප ව්‍යාපාරය
  •  මහින්ද රාජපක්ෂ පාලනය බිද දැමීමේ ව්‍යාපාරය
  •  එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමේ ව්‍යාපාරය


ඉහත සදහන් අවස්ථා තුල සෝභිත හිමිගේ ප‍්‍රතිරූපය ජනතාවගේ සිත් තුලට තදින්ම කාවැදුණු අතර ජනතාව උන්වහන්සේ සමග ඒකරාශී වීම නිසාවෙන් එය ආණ්ඩුවට ප‍්‍රබල තර්ජනයක්ද විය.

80 දශකයේදී ජේග ආර්ග ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිිපතිධුරයට මෙන්ම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සංවිදානය කල උද්ගෝෂණ මාලාව හා විරෝදතාවන්හි ඉදිරි පෙළ කථිකයා වුයේ සෝභිත හිමිය . ආක‍්‍රමණශීලි ප‍්‍රවේශයකින් එම විරෝදතා ව්යාපාරයන්හි සෝභිත හිමි සමහර විද්වතුන්ගේ හා දෙෂපාලකයින්ගේ දෝෂාරෝපණයටද ලක් විය.

80 දශකය තුල සෝභිත හිමි දේශපාලනික වශයෙන් දායක වූ කටයුතු වෙනුවෙන් ජනමාධ්‍ය ලබා දුන් ප‍්‍රචාරය ලංකේය ජනතාව අතර ප‍්‍රබල ප‍්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට සෝභිත හිමි උපකාර වියග එසේ ගොඩනගාගත් ප‍්‍රතිරූපය පදනම් කර ගනිමින් මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හඩ නැගීම වෙනුවෙන් අමද්‍යප ව්‍යාපාරය ගොඩනැගීය. ඒ ඔස්සේ විවිධ වැඩසටහන් මාලාවන් සංවිධානය කරමින්ල දේශන පවත්වමින් තරුණ පරපුර ඉන් මුදවා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දැරියග සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේ ඊට මුහුණ දුන් පොදු ජනතාව නගා සිටුවීම වෙනුවෙන් භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් නායකත්වය දෙන්නේ සෝභිත හිමිය ග එම තත්ත්වය මත ද සෝභිත හිමිගේ ප‍්‍රතිරූපය තව තවත් ජනතාවට සම්ප විය.

මෙසේ ගොඩනගාගත් ප‍්‍රතිරූපය පදනම් කරගනිමින් මෑත ඉතිහාසයෙ උන්වහන්සේ හඩ නැගු ප‍්‍රධාන කරුණක් වන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාල මහින්ද රාජපක්ෂ රජය විසින් සිරගත කල අවස්ථාවේදී ඊට එරෙහිව කටයුතු කිරීමයිග මෙහිදී මාධ්‍ය සාකච්ඡුාල විරෝදතා ව්‍යාපාරල අධිෂ්ඨාන පුජාල ජනතා පෙත්සම් වැනි විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් එම ක‍්‍රියාවට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැගීමට උන්වසන්සේ සමත් විය.

 ර්‍ණසමාජ සාධාරණත්වයල ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ යහපත් ආණ්ඩුකරණය සහ විවිධ වාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර සහජීවනය අපේ සමාජ පර්යාය පදනම් විය යුතු මුලික ප‍්‍රතිමාන ලෙස පොදු පිලිගැනීමක් අප අතර පැවතියද එම පිළිගනිම සහ ඇත්ත වශයෙන්ම පවතින තත්වය අතර අතිවිශාල පරතරයක් දක්නට ලැබේ. මේ නිසා සමාජ අසාධාරණයල පිරිහුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයල අයහපත් ආණ්ඩුකරණයල ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර විශ්වාසය බිද වැටි අසමගිය වර්දනය වී තිබීමල පවත්නා සමාජ යථාර්ථයේ මුලික අවලක්ෂණ බවට පත් වී ඇත.

මෙහි ප‍්‍රතිපලය වී ඇත්තේ සමස්ත දේශපාලන දේහය ම දුෂිත එකක් බවට පත් වී තිබිමයි. දේශපාලන දේහය රාජ්‍ය බලය උපයෝගී කරගෙන තම පටු පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සදහා සැදී පැහැදී සිටින පිරිස්වලට තෝතැන්නක් වී ඇතග රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මේ දුෂිත ක‍්‍රමය පවත්වා ගැන යෑමට පහසුකම් සපයන සහ එම දුෂිත ක‍්‍රමයට මහජයාගේ සහයෝගය බලමුලූ ගන්වන යාන්ත‍්‍රණ බවට පත් වී ඇත.

මේ තතු යටතේ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්යාපාරය මේ ප‍්‍රකාශනය මහජනයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ අපගේ දේශපාලන දේහය නැවත සුවපත් කොට ඉහත කී යහපත් ප‍්‍රතිමාන ඊට ඇතුලත් කිරීමේ අරමුණ ඇතිවයි.

බලයේ සිටින පක්ෂය කුමක් වුවද මේ මුලික ප‍්‍රතිමාන වලට අනුකුල වන ලෙස ආණ්ඩුකරණයේ නියැලෙන ලෙස ආණ්ඩු බලයට පත් වන පිරිස්වලට බලපෑම් කරන ලෙස අපි මෙරට පුරවැසියන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමුගඑසේම ඒ පදනම මත මේ ප‍්‍රකාශනය මගින් හදුන්වා දෙනුලබන මුලික දැක්ම වෙනුවෙන් පෙනී සිටීමට සංවිධානාත්මකව සහ කැපවීමෙන් යුතුව ගොනුවන ලෙසද අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමුග”

: පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි - සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයග*

වරෙක සරත් ෆොන්සේකාගේ නිදහස වෙනුවෙන් තමන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සිරගත වීමට සුදානම් බව පවා උන්වසන්සේ ප‍්‍රකාශ කළේය ග මෙම සියලූම ක‍්‍රියාමාර්ගයන් හේතුවෙන් ආණ්ඩුවට එල්ල වූ ජාතික හා අන්තර්ජාතික පීඩනය මත අවසානයේ සරත් ෆොන්සේකා නිදහස් කිරීමට පැවැති ආණ්ඩුවට සිදු විය ග ඊට මුලික සාධකය වුයේ සෝභිත හිමි දියත් කල ව්‍යාපාරයයිග

විධායක ජනාධිපතිධුරය අහෝසි නොකරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එහි බලය තවත් වර්දනය කරමින් සිටි මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීමට ද ප‍්‍රමුඛ වන්නේ සෝභිත හිමියග එහිදී සිවිල් සංවිධාන එකමුතු කරමින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතාව පෙලගස්වන්නේද සොභිත හිමියග එහිදී මාධ්‍ය සාකච්ඡුාල දැනුවත් කිරීම්ල ජනරැුලි අමතමින් මහින්ද රාජපක්ෂ විරෝධී මතයක් ඇති කිරීමේ ගාමක බලවේගය බවට සෝභිත හිමි පත් වියග

විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ එක් පොදු විපක්ෂයක් බවට ගොඩනගා 2015 ජනාධිපතිවරණයේදී බල පෙරලියක් සදහා පසුබිම තනා එය යථාර්තයක් බවට පත්කරන්නේ සෝභිත හිමිය ග අවරුදු 20 ක් යනතුරු බිදදැමිය නොහැකි යයි ප‍්‍රකාශ කර තිබු රාජපක්ෂ පාලනය බිද දැමීමට මුලික හේතුව සෝභිත හිමිගේ ප‍්‍රතිරුපය කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ ජනතා ව්යාපාරය බව සදහන් කල හැකිය ග

එමෙන්ම 2015 මැතිවරණය තුලින් නැවත වරක් බලයට පැමිණීමට උත්සහ දරූ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පරාජයට පත් කර යහපාලනය වෙනුවෙන් වූ එක්සත් ජාතික පෙරමුණ බලයට ගෙන ඒමටද ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ සෝභිත හිමිය ග එහිදී සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය  වෙනුවෙන්  ර්‍ණ දස විද ප‍්‍රතිපත්තියක් ” සදහා එක්සත් ජාතික පක්ෂය පොරොන්දු කරවා ගනිමින් ඊට සහය දක්වන ලෙස ජනතාවට ප‍්‍රකාශ කලේ සෝභිත හිමිය ග


දසවිධ ප‍්‍රතිපත්තිය 

1. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් අවශ්‍ය වේ 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආණ්ඩුකරණයේ පදනම විය යුතුය ග ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට  කරන ලද 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාමය  ආඥාදායකයෙකු බිහි කරන විධායක ජනාධිපති ක‍්‍රමය තරමක් දුරට දුර්වල කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් සිදු වී තිබුනත් ප‍්‍රජාත‍්‍රන්තවාදී ආණ්ඩුකරණයක් ඇති කර ගැනීම සදහා යා යුතුව ඇති දුර බොහෝයග

ඒ සදහා කෙටිකාලින වශයෙන්ල සමානුපාතික නියෝජන ක‍්‍රමයේ මුලික ලක්ෂණ රැුක ගන්නා අතරල මහජන නියෝජිතයා සහ ඡුන්ද දායකයා අතර සම්බන්දය කිට්ටු කරන සහ වර්තමානයේ  ඇති මනාප ක‍්‍රමය අහෝසි කෙරෙන නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම වැනි ප‍්‍රතිසංස්කරණ මෙන්ම දීර්ඝ කාලින වශයෙන් මහජනයාගේ පුර්ණ සහභාගීත්වය යටතේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්  නිර්මාණය කර ගැනීම සදහා කටයුතු කිරීම අවශ්‍ය වේ ග

2. ආණ්ඩුකරණය පටු න්‍යායපත‍්‍ර වලින් තොර විය යුතුයිග

දැනට දක්නට ඇති තත්වය වන්නේ ආණ්ඩු බලයට පත් වන පක්ෂයේ ඥාතීන් හිතවතුන් පමණක් වාසි ලබන සහ ඒ අය මහජන අරමුදල් සහ බලය අපහරණය කරන අයහපත් ආණ්ඩුකරණයක් ඇති වී තිබිමයිග මේ තත්ත්වය සාධාරණත්වයේ මුලධර්මය උල්ලංඝනය කරන්නකිග මේ නිසා මේ වෙනුවට සෑම පුරවැසියෙකුටම සමාන ව හා සාධාරණව සැලකීම ආණ්ඩුකරණයේ මුලික මුලධර්මය විය යුතු අතරල ආණ්ඩු බලය හොබවන පිරිස් මෙන්ම ආණ්ඩු බලය ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස්ද මේ මුලධර්මය වෙනුවෙන් කැප වීම අවශ්‍ය වේග

3. නීතියේ පාලනය ස්ථාපිත කිරීමග

නීතියේ පාලනය බිද වැටීම පසුගිය කාලය තුල අප සමාජය අත්විදි අවාසනාවන්ත අත්දැකීමක් වියග මේ නිසා නීතියේ පාලනය යලි ස්ථාපිත කිරීම අවශ්‍ය වේග විශේෂයෙන්ම රාජ්‍ය බලයේ රැුකවරණය ලබමින් විවිධ අපරාධ ක‍්‍රියාවන්හි නියැලෙනමින් නීතියෙන් ගැලවී සිටීමට ඉඩ ලැබෙන තත්වය වෙනස් විය යුතුයග මහජන අරමුදල් අවභාවිත කොට විවිධ දුෂිත ක‍්‍රියාවන්හි නිරත විවිධ දේශපාලන රැුකවරණ නිසා නීතියෙන් ගැලවී සිටීමට ඇති හැකියාව අවසන් කල යුතුය



4. විවිධ ජන කොටස් අතර සහජීවනය මත පදනම් වූ තෘප්තිමත් පුරවැසි ප‍්‍රජාවක්ග

පසුගිය ආණ්ඩුව විසින් පත් කරනු ලැබූ උගත් පාඩම් හා සංහිදියාව කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති පරිදි විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර ඇති දුක්ගැනවිලි සහ ගැටලූවලට ඵලදායි ලෙස ආමන්ත‍්‍රණය කෙරෙන දීර්ඝ කාලීන දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීම සහ යුද්දයෙන් විපතට පත් සිය ජන කොටස් සම්බන්දයෙන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ගත යුතු සියලූ පියවර ගැනීම ඇතුළුව අනෝන්‍ය ගෞරවය පිළිගනිමින් ජනවර්ග අතර සංහිදියාව සහ ආගමික කණ්ඩායම් අතර සහජීවනය ගොඩනැංවීමට කැප වීම ග


5. ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම

අයථා ආයෝජනය සහ අයථා පරිබෝජනය අප රටේ ආර්ථිකය බිද වැටීමට තදින්ම බලපා ඇත ග මේ තත්වය තුල සේවා සහ සැපයුම් සදහා දිරි දෙන ආර්ථිකයකට වඩා නිෂ්පාදන කර්මාන්ත සදහා ප‍්‍රමුකතාවක් දෙමින්ද ල කෘෂිකර්මාන්තය නවීකරණය කර දැනට අවශ්‍ය වැව අමුණු ඇළ දොළ සංරක්ෂණය වහාම ක‍්‍රියාත්මක කොට සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය නංවාලන ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම අවශ්‍ය වේග

කෘෂි නිෂ්පාදන නංවාලීම සදහා එම නිෂ්පදිතයන්ට නිසි මිලක් සහතික කල යුතු අතරල කෘෂිකර්මයේ නියැලෙන පිරිස් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ විශ‍්‍රාම දිවිය ස්ථාවර එකක් කිරීම පිණිස ගොවි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය විදිමත් කිරීමද අවශ්‍ය වේග අගය එකතු කරන ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රියාවලිය නැංවා විදේශ විනිමය උපදවන අපනයනයන් වැඩි දියුණු කිරීමල රටේ ආර්ථිකයට වින කරන අනවශ්‍ය ආනයනයන් සැලසුම් සහගතව පාලනය කිරීමග


6. අධ්‍යාපනය හා සෙෘඛ්‍ය ඇතුළු සමාජයීය යටිතල පහසුකම් වර්ධනය කිරම

අද වන විට අධ්‍යාපනයල නිදහස් සොඛ්‍ය සේවයල මහජන ප‍්‍රවාහනයල ජලය පිරිසිදු කොට බෙදා හැරීමල කසල බැහැර කිරීම වැනි සමාජයීය යටිතල පහසුකම් මුළුමනින්ම බිද වැටි ඇතග මේවා ජනතවගේ මුලික අවශ්‍යතාවන් ් වන බැවින් ඒවා වෙළද පොළ මගින් හසුරුවනු ලැබීමට ලක් නොකර ඒ සදහා ප‍්‍රමාණවත් ලෙස මහජන අරමුදල් වෙන් කොට ඒවා මහජන සේවාවන් ලෙස රාජ්‍යය විසින් කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යෑම අවශ්‍ය වේග
7ග මානව අයිතිවාසිකම් සහ නිදහස සහතික කරන සමාජයක්ග

මානව හිමිකම් සහ මිනිස් නිදහස ක‍්‍රමානුකුල ලෙස බිද වැටීම පසුගිය දශක හතරක පමණ කාලයක් තිස්සේ අපේ සමාජය අත්විදිමින සිටින යථාර්තයකි ග විශ්වීය වශයෙන් පිලිගැනීමට ලක් වී ඇති අයිතිවාසිකම්ල විශේෂයෙන්ම ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති නිදහසල අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැන ගැනීමේ අයිතියල ජීවත් වීමේ අයිතිය වැනි දෑ සහතික කිරීම අවශ්‍ය වේග


8ග ස්ත‍්‍රීන්ල ළමුන් හා ආන්තීකරණයට ලක්ව ඇති විවිධ සමාජ කොටස් සදහා විශේෂ රැුකවරණ සැලසීමග

ස්ත‍්‍රීන්ල ළමුන්ල විවධ අබාධ සහිත පිරිස්ල ආර්ථික සහ විවිධ සමාජයීය හේතු නිසා ආන්තිකරණයට ලක්ව ඇති පිරිස් අප සමාජයේ විවිධ වියුහාත්මක හිංසනයන්ට භාජනය වේග මේ නිසා ඒ පිරිස් සදහා විශේශ රැුකවරණය සැලසීම අවශ්‍ය වේ ග විශේෂයෙන් ල බෙහෙවින් අනාරක්ෂිත තත්වයන් යටතේ අඩු මිලට මැද පෙරදිගට නූතන අර්ධ වහල් ශ‍්‍රමිකයන් ලෙස යැවෙන ස්ත‍්‍රීන් ඒ තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම ඉතාම හදිසි කර්තව්යක් වී තිබේග


9ග පරිසරය සුරැුකීම සහ චිරස්ථායි සංවර්ධනයග

මනුෂ්‍යයා සහ පරිසරය අතර සමතුලිත පැවැත්ම බිද වැටි සමස්ත පෘතුවි ගෝලයම මනුෂ්‍යාගේ පමණක් නොව සෙසු ජීවින්ගේද පැවැත්මට තර්ජනයක් බවට පත් වී ඇති තත්වයක් මේ වන විට ගෝලීය මට්ටමෙන්ම ඇති වී තිබේග මේ තත්වය පසු ගිය කාලය තුල අපේ සමාජයද මුහුණ දුන් යථාර්තය වියග විශේෂයෙන්ම සීඝ‍්‍ර සංවර්ධනයේ නාමයෙන් දියත් කෙරෙන ව්‍යපෘතිි වලදී පරිසර සහ මනුෂ්‍ය අතර සහසම්බන්දය මෙන්ම චිරස්ථායි බව කෙරෙහි සැලකිලිමත් වීම කාලීන අවශ්‍යතාවක් වී ඇතග


10ග ශිෂ්ට සම්පන්න නීති ගරුක සමාජයක් සදහා ජනතාව සවිබල ගැන්වීම

සමස්තයක් ලෙස අපගේ ශිෂ්ටාචාරය නැවතත් ගොඩනැංවීමේ අභියෝගය අප ඉදිරියේ පවතීග ඒ අභියෝගයට අපි සමාජයක් ලෙස එකාවන්ව මුහුණ දිය යුත්තෙමු ග මේ සදහා ජනතාව සවිබල ගැන්වීම මෙන්ම බලමුළු ගැන්වීමද අද අත්‍යවශ්‍ය කාර්යක් වී තිබේ.

2015 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග‍්‍රහණය කරන්නේ සෝභිත හිමි ලංකේය ජන සමාජය තුල ගොඩනගා ගෙන තිබු ප‍්‍රතිරූපය මත උන්වහන්සේ වෙත තැබූ විශ්වාසය නිසාවෙනි ග

විහාර මහා දෙවි උද්‍යානයේදී අත්සන් කල අවබෝදතා ගිවිසුම
සාධාරණල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සදහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්ගශ‍්‍රී ලාංකිකයන් ලෙස අපි බැ?රුම් අභියෝග කිහිපයකට මුහුණ දෙමින් සිටිමුග දශක කිහිපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබු ශ‍්‍රී ලංකාවල වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කල නොහැකි තැනක් බවට පත් වී තිබේග

මේ ඛේදජනක තත්වයේ ඉතාම පැහැදිලි මතුපිට ප‍්‍රකාශනයන් වන්නේ ථ

1ග නීතියේ පාලනය මුළුමනින්ම බිද වැටීම ග
2ග සමස්ත ප්‍රජාතන්ත්‍රීය  ආයතන පද්ධති ඛාදනය වී තිබීම ග
3ග සාමාජ විෂමතාවය පෙර නොවූ විරු ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මුලික ලක්ෂණයක් බවට පත් වී තිබීම ග
4ග විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිද වැටී අ්සමගිය හා අවිශ්වාසය ව්‍යාප්ත  වීමග
යනාදියයි

මේ තත්වය සැලකිල්ලට ගෙන රට තුල නැවත යහපත් ආණ්ඩුකරණයල සමාජ සාධාරණයල නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්වෙන වැඩපිළිවෙල ඉදිරිපත් කෙරේග ඒ අනුව වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝදීල අධිකරනවාදී හා දුෂිත පාලන තන්ත‍්‍රය පරාජය කොට මේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරවීම සදහා එළබෙන ජනාධිපතිවරණයේදී සැමට එකග විය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග‍්‍රහණය කරවීමටත් ඉන් පසුව ඇති කෙරෙන අන්තර්වාර ආණ්ඩුවක් මගින් මස හයක් ඇතුලත කෙටි කාලීන වැඩපිළිවෙල ක‍්‍රියාවට නැගීමටත්ල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුව පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යටතේ සෙසු අරමුණු ක‍්‍රියාත්මක කරවා ගැනීම සදහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ ග

ක්ෂණික කාර්යයන්

1. දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය මස හයක් ඇතුලත සම්පුර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වග කියන පර්ලිමන්තුක‍්‍රමයක් ස්ථාපිත කිරීමග අලූතින් ඇති කරන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුල ජනාධිපතිවරයා රාජ්‍ය නයකයා වන අතරල ජනාධිපති දුරයට ඊට උචිත වගකීම සහ බලතල පැවරීමටදල ජනාධිපති දුරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමුර්තියක් ලෙස ස්ථාපිත කිරීමටද කටයුතු කර ඇත ග

2. අධිකරණ ල පොලිසියල රාජ්‍ය සේවයල මැතිවරණ බලධාරීන්ල නිතිපතිල විගණකාධිපති වැනි ස්වාධීන ව කටයුතු කල යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කිරීම සදහා 17 වන ව්යවස්ථා සංශෝධනය නැවත බල ගැන්වා වඩාත් ශක්තිමත් කිරීමග

3ග මනාප ඡුන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සැම මැතිවරණ ආසන කොට්ටාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ විවිධ ජන කොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන ල පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම ග

මීට අමතර වශයෙන්

මීට අමතර වශයෙන්

1. පෙර නොවූ විරු ආකාරයෙන් සිදු වන මහා පරිමාණ වංචාල දුෂණල අල්ලස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැලක්වීමට ක්ෂණික පියවර ගැනීමටල

2. ජනයා මත පටවනු ලබා ඇති අතිමහත් ජීවන වියදම සැහැල්ලූ කිරීම සදහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සවිස්තරත්ම වැටුප් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට සහ දේශීය නිෂ්පාදනයන්ට සාදාරණ මිලක් සහතික කිරීමටල


3. නීතියේ පාලනයට ප‍්‍රමුඛ ස්ථානය දීමටල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීමට සහ මුලික මිනිස් නිදහස සුරැුකීමටල

4. රටේ සියලූ පුරවැසියන්ට සමාජල සංස්කෘතිකල ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරිමට් අවශ්‍ය පියවර ගනු ලැබේග

ඉහත කී මහජන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සදහා කැප වන බව පහත අත්සන් කරන දේශපාලන පක්ෂ ල කණ්ඩායම් සහ පුරවැසි සංවිධාන මේ මගින් සපථ කර කියා සිටි ග






ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කරන බවට පොරොන්දු වී බලයට පැමිණෙන වර්තමාන ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුවුයේ  බලවත් කලකිරීමෙනිග

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීමට පෙර පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළ කළහග

එහිදී සෝභිත හිමියෝ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේයග

ප්‍ර-ඔබ වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ වූ .සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇතිකිරීම සඳහා කැපවී කටයුතු කළාග ඒ අනුව නව ආණ්‌ඩුවක්‌ද පිහිටුවා ගනු ලැබුවාග ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය ගැන මොනවද හිතෙන්නේ?

පි - පසුගිය ජනවාරි 8 දා මේ රටේ ඇතිවූ වෙනස මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමල මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කිරීම ඇතුළු ප්‍රගතිශීලී ප්‍රතිසංස්‌කරණ ආණ්‌ඩුව ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට අප ඉල්ලීම් කළාග ඒ අනුව තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේග ඒකෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල අඩු කරන බව කියා සිටියත් එය පාර්ලිමේන්තුවේදී සම්මත වන අවස්‌ථාව වන විට එහි වෙනස්‌කම් රාශියක්‌ සිදුකොට තිබුණාග පක්‍ෂ මාරු කිරීමට නොහැකි බවට එහි තිබූ වගන්තිය විපක්‍ෂය විසින් සංශෝධනවලදී ඉවත් කළාග සුළුතර ආණ්‌ඩුවකින් මෙය සම්මත කිරීමට සිදුවූ නිසයි මේ තත්ත්වය ඇතිවුණේග අන්තිමේදී පාර්ලිමේන්තුව වසර 4 1රැු2 ක්‌ ගතවනතුරු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකිවීමල ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 දක්‌වා අඩු කිරීම මගින් පමණයි ජනාධිපතිවරයාගේ බලතල සීමාවුණේග 19 වැනි සංශෝධනයෙන් අනිකුත් විධායක බලතලවල කිසිදු වෙනසක්‌ සිදුවී නැහැග

දින 100 තුළ සම්මත කර ගැනීමට නියමිතව තිබූ 20 වැනි සංශෝධනයල විගණන පනතල තොරතුරු දැනගැනීමේ පනත ආදී ප්‍රගතිශීලී පනත් රැසක්‌ ඇනහිටියාග දැන් ඒවා මේ ආණ්‌ඩුව මගින් ඉටුකරවා ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවාග අපි රට ප්‍රගතිශීලී මාවතට ගෙන එන්න විශාල බලපෑමක්‌ කළත් එය කළ නොහැකි වුණාග ඒත් අපි අධෛර්යමත් වන්නේ නැහැග මේ ආණ්‌ඩුුව බලයට පත්කිරීමට කටයුතු කළ සිවිල් සංවිධාන සමඟ අපි ශක්‌තිමත් ලෙස ආණ්‌ඩුවට බලපෑම් කළ යුතුව තිබෙනවාග

ප්‍ර - ඒ වුණාට ආණ්‌ඩුව ඔබ වහන්සේලාගේ බලපෑම් ගණන් ගන්නා බවක්‌ පෙනෙන්නට නැහැ නේද?

පි- ජනාධිපති සිරිසේන මැතිතුමා බලයට පත්කිරීම සඳහා කැපවී කටයුතු කළ සිවිල් සංවිධාන රාශියක්‌ පසුගිය මැතිවරණයේදී පගාකාරයන්ල කුඩුකාරයන්ල එතනෝල්කාරයන් ආදී දූෂිතයන්ට නාමයෝජනා ලබා නොදෙන ලෙස මාර්තු 12 ප්‍රකාශය මගින් සෑම දේශපාලන පක්‍ෂයකින්ම ඉල්ලා සිටියාග පක්‍ෂ නායකයන් සියලු දෙනාම එදින පැමිණ අපේ ඉල්ලීමට එකඟවෙමින් එම ප්‍රකාශයට අත්සන් කළාග ඒත් මොකද වුණේ? මැතිවරණයට නාමයෝජනා දීමේදි මෙම චෝදනා එල්ලවූ දූෂිතයන් ර රාශියකට නාමයෝජනා ලබාදී තිබුණාග එවැනි පුද්ගලයන් ගණනාවක්‌ මෙවර ජයගෙන තිබෙනවාග

ප්‍ර - මෙහෙම වෙන්නට හේතුව කුමක්‌ද?

පි - දේශපාලන පක්‍ෂ බලන්නේ කොහොමහරි ඡන්දය දිනාගන්නටයිග මේ ක්‍රමය යටතේ අපේක්‌ෂකයකුට ඡන්දයක්‌ දිනා ගැනීමට රුපියල් කෝටියක්‌ පමණ වියදම් කිරීමට සිදුවෙනවාග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මසකට ලැබෙන වැටුප් හා දීමනා රුපියල් ලක්‍ෂය යෑයි සිතමුග එවිට අවුරුද්දකට ලක්‍ෂ 12 යිග අවුරුදු 5 ට ලක්‍ෂ 60 යිග ඉතින් මේ රුග ලක්‍ෂ 60 උපායගන්න කෝටි 15 ක්‌ වියදම් කිරීමේ රහස කුමක්‌ද? සාමාන්‍ය කෙනකුට ඒ තරම් මුදලක්‌ වැයකර ගන්නට පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් කුඩුල එතනෝල් වැනි නීති විරෝධී ජාවාරම්වලින් මුදල් උපයන අයට පමණයිග මේ මනාප ඡන්ද ක්‍රමය පවතිනතුරු මේ තත්ත්වය වෙනස්‌ කරන්නට බැහැග



ප්‍ර - ජනතාව විසින් ඡන්දයෙන් පරාජය කරපු අය ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරුන් ලෙස පත්කොට ඇමැති තනතුරුත් දීල නේද?

පි - පසුගිය ඡන්දෙදි මිනිස්‌සු සමහර අපේක්‌ෂකයන් පාර්ලිමේන්තුවට යෑවීමට සුදුසු නැහැ කියලා පරාජය කළාග කාලයක්‌ තිස්‌සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බූදලයක්‌ කරගෙන සිටි කට්‌ටියකට අකුලාගෙන ගෙදර යන්නට සිදුවුණාග ජනමතය ඒ තරම් ප්‍රබලයිග ඒත් පරාජිතයන් ජාතික ලැයිස්‌තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම මගින් මේ ආණ්‌ඩුව ජනමතයට පයින් ගසා තිබෙන බවයි කියන්න තියෙන්නේග

එසේම ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්‌තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභනයිග මේක විලිලැඡ්ජා නැති වැඩක්‌ග මීට පස්‌සේ ඒ ලෙවෙල් විභාගෙටත් ජාතික ලැයිස්‌තුවක්‌ දාන්න ඕනග විභාගයෙන් පේල්වෙන අය ජාතික ලැයිස්‌තුවෙන් පාස්‌ කිරීමටග ඒ වගේම වැඩක්‌නේ මේකග මේ බහුබූත වැඩවලින් ජාතික ලැයිස්‌තුවේ අරමුණු සම්පූර්ණයෙන් බිඳ වැටිලාග

ප්‍ර - වර්තමාන ජාතික ආණ්‌ඩුව ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පි - මේක ජාතික ආණ්‌ඩුවක්‌ නොවෙයිග සභාග ආණ්‌ඩුවක්‌ග ජාතික ආණ්‌ඩු පිහිටුවන්නේ රටක යුද්ධයක්‌ල ජාතික ආපදාවක්‌ වැනි අවස්‌ථාවලයිග මේ ජාතික ආණ්‌ඩුව පිහිටුවාගෙන තියෙන්නේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතුවෙලා ඇමැතිකම් බෙදා ගැනීමටයිග මේ ජාතික ආණ්‌ඩු සංකල්පය මගින් රටේ බරපතළ අර්බුදයක්‌ ඇතිකර තිබෙනවාග අගමැතිවරයා දිවුරුම් දුන් අවස්‌ථාවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයාත්ල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයාත් ගිවිසුමක්‌ අත්සන් කළාග අපි ඒ ගිවිසුමේ අඩංගු කරුණු ගැන කිසිවක්‌ දැනගෙන සිටියේ නැහැග

ප්‍ර - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක්‌ ගැන එහි වචනයක්‌වත් සඳහන් වෙලා නැහැ නේද?

පි - ඔව්ග ඒකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟ වෙලා නැහැග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඒ ගිවිසුමට ඇතුළත්කොට තිබූ වගන්තිය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ විරෝධය නිසා ඉවත්කළ බව දැනගන්නට තියෙනවාග ජාතික ආණ්‌ඩුවකට මේ අය එකතුවුණේ ඇයිදැයි කියා අපට තේරෙන්නේ නැහැග

ප්‍ර - ජාතික ආණ්‌ඩුවක කැබිනට්‌ ඇමැති තනතුරු 30 යි කියලනේ 19 වැනි සංශෝධනයේ තියෙන්නේග දැන් එය 48 දක්‌වාත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති තනතුරු ගණන 45 දක්‌වාත් වැඩිකරගෙන තිබෙනවාග ඒ පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබුණේ 16 දෙනයිග?

පි - මං කලින් කිව්ව වගේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට තරම් සුවිශේෂී තත්ත්වයක්‌ මේ රටේ නැහැග ප්‍රධාන පක්‍ෂ දෙකටම බහුතර බලයක්‌ නොලැබුණු නිසා ඔවුන් එකතුවී ඇමැති තනතුරු බෙදා ගැනීමටයි මේ ජාතික ආණ්‌ඩුව පිහිටුවාගෙන තිබෙන්නේග ඇමැති තනතුරු ලබා ගැනීමට වැඩි දෙනා කැමැති නිසා ඔවුන් මේ යෝජනාවට ඡන්දය දී තිබෙනවාග එතෙනදී පක්‍ෂ භේදයක්‌ තිබිල නැති බවයි පේන්නේග

මේක නියම ජාතික ආණ්‌ඩුවක්‌ නම් දෙගොල්ලොම පැහැදිලිව රටට කියන්න ඕන ජාතික ආණ්‌ඩුවක්‌ හැදීමට තිබෙන ජාතික වැදගත්කම මොකක්‌ද කියලාග නියම ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නට නම් ටීග එන්ග ඒග පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් එකතුකරගන්න ඕනග පක්‍ෂ දෙකක්‌ එකතුවෙලා පිහිටුවන ජාතික ආණ්‌ඩුව මොකක්‌ද?

ප්‍ර-මේ ආණ්‌ඩුවට ඇමැති මණ්‌ඩලය පත්කර ගැනීමටත් සති ගණනාවක්‌ ගතවුණානේග?

පි - මේ ආණ්‌ඩුවේ ආරම්භය අප්‍රස්‌සන්නයිග එය බොහොම නරක ආරම්භයක්‌ග ඇමැති තනතුරු බෙදා ගන්නට ගිහින් කුලල් කා ගැනීම නිසයිග ඇමැති මණ්‌ඩලය පත්කිරීමට කල්ගතවී තිබෙන්නේග හැමෝම බලන්නේ වැඩියෙන් රස්‌සා දෙන්නට පුළුවන්ල වැඩියෙන් සල්ලි සොයන්න පුළුවන් අමාත්‍යාංශ ලබා ගන්නයිග ඒ වගේම ජනාධිපතිතුමා බලන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කරන්නග අගමැතිතුමා හදන්නෙ යූඑන්පිය ශක්‌තිමත් කරන්නග නමුත් කළ යුතුව තිබෙන්නේ පක්‍ෂ නොව රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යැමටයිග පක්‍ෂයට තැන දෙන්න ගියොත් ඉවරයිග

ප්‍ර - පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56 ක්‌ අත්සන් කොට විපක්‍ෂ නායක ධුරයට කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස ඉල්ලා තිබියදීත් මන්ත්‍රීවරුන් 18 ක්‌ සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබාදීම ගැන විවේචන තියෙනවාග ඒ ගැන ඔබවහන්සේගේ අදහස?

පි - සන්ධානයේ අයත් ආණ්‌ඩුවට එකතුවෙලා ඇමැතිකම් ලබාගෙන තිබියදී සන්ධානය විපක්‍ෂයේ පක්‍ෂයක්‌ ලෙස හඳුන්වන්නට බැහැග .ඊළඟට වැඩිම ආසන ගණනක්‌ ලබාගෙන තිබූ දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය දිය යුතු වුණාග ඒකෙ වරදක්‌ නැහැග ඒක නීත්‍යනුකූලයිග ව්‍යවස්‌ථානුකූලයිග සන්ධානය ආණ්‌ඩුවට එකතු නොවී සිටියා නම් ඔවුන්ට විපක්‍ෂ නායක ධුරය ලබාගන්න තිබුණාග

ප්‍ර- පසුගිය ආණ්‌ඩුව කාලයේ සිදුවුණා යයි කියන සොරකම් වංචාල දූෂණ ගැන එi් සීග අයිග ඩීල එක අල්ලස්‌ කොමිසමල රහස්‌ පොලිසියල බරපතළ වංචා විභාග කිරීමේ ජනාධිපති කොමිසම ආදිය මගින් පරීක්‍ෂණ පවත්වනවාග මාසයක්‌ පමණ ගතවෙලා තියෙනවාග කෝ කාටවත් තවම අධිකරණයකින් දඬුවම් දීල නැහැනේ?

පි - ඒවා ගැන පරීක්‍ෂණ පැවැත්වීමට දිර්ඝ කාලයක්‌ ගතවන බව කියනවාග දැනටමත් විශාල පිරිසකගෙන් ප්‍රශ්නකොට තිබෙනවාග ඒත් සමහර සිද්ධවෙන දේවල් බැලුවාම සැකයකුත් ඇතිවෙනවාග මොකද දැන් දෙගොල්ලොම එකතුවෙලා ඒගොල්ලන්ට විරුද්ධව දාපු නඩු මේ ගොල්ලො අස්‌කරගන්නවාග මේගොල්ලන්ට විරුද්ධව දාපු නඩු ඒගොල්ලො අස්‌කර ගන්නවාග මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දෙපැත්තේ පවරා තිබූ නඩු ඒ අනුව අස්‌කර ගත්තාග අපි තමයි රැවටුනේග පසුගිය කාලෙ කුඩුකාරයොල එතනෝල්කාරයො කියා චෝදනාකොට තිබූ අයටත් දැන් ඇමැති තනතුරු ලැබිලා තියෙනවාග ජාතික ආණ්‌ඩුවට ආවා කියලා ඒ චෝදනා නැති වෙන්නේ නැහැග

ප්‍ර - මේ ආණ්‌ඩුව බලයට පත්කරන්නට මූලික වූ කෙනකු වශයෙන් ආණ්‌ඩුව හරිපාරට ගැනීම සඳහා නායකයන්ට බලපෑම් කිරීමට ඔබවහන්සේට පුළුවන්කම තිබෙනවාල?

පි - පක්‍ෂ දේශපාලනයට වඩා ප්‍රතිපත්ති දේශපාලනයට මේ නායකයන් යොමුකරවන්න ඕනග රටට පොරොන්දු වූ දේවල් ඉටුකරදෙන්න කියලා අපි බලපෑම් කරන්න ඕනග අපි හැමවිටම අපේ පැත්තෙන් බලපෑම් කරනවාග පසුගිය දවසක අගමැතිතුමා එක්‌කත් මේ ගැන සාකච්ඡා කළාග අපි බලපෑම් නොකර ඉන්නේ නැහැ

අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හදාගෙනල සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ හදාගෙන සැලසුම්සහගතව ඉදිරි ගමනක්‌ යැම සඳහා ආණ්‌ඩුව මෙහෙයවීමට පුරවැසියන් වශයෙන් අපි බලපෑම් කරනවාග දැන් බලන්න ලංකාවෙ වැඩිහරියක්‌ ගොවීන් ඉන්නෙග අවුරුදු දහස්‌ ගණනක්‌ මේ රටේ ගොවිතැන් කළාග රජයක්‌ හැටියට ඇයි තාම සූදානමක්‌ තියෙනවද ගොවියගෙ නිෂ්පාදන ටික මිලයට ගන්නග වී ටික මිලයට ගෙන ඒ මිනිහට සැනසිල්ලෙ ගෙදර යන්න පුළුවන්කමක්‌ තියෙනවද? මහන්සිවෙලාල ණයවෙලාග 

කිසිදු දේශපාල පක්ෂයකට හේත්තු නොවී සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් සටන් කල සෝභිත හිමියන් කිසි විටෙක අන් ආගමක් හෝ ජාතියක් පහත් කොට නොසැලකීයග එකම රටක් ලෙස සියලු ආගමිකයන් සහ සියලු ජාතිකයන් ජීවත් විය යුතු බව උන්වහන්සේ නිතොර කීවේයගහදිසියේ හර්දයාභාදයක් නිසා 2015 නොවැම්බර 1 දා උන්වහන්සේ කොළඹ පුද්ගලික රෝහලකට ඇතුල් කරන ලදීග පසුව  ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා නොවැම්බර්  03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළද සෝභිත නා හිමියෝ නෙවැම්බර 8  වැනිදා අලුයම 4ග30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් වූ සේකග

දශක ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තනිව මෙන්ම පොදු ජන ව්‍යාපාර වල  නියමුවෙක් ලෙස හඬ නැඟූ උන්වහන්සේ පිළිබද මතකය කිසිදාක ශ්‍රී ලාංකික හදවත් තුළින් නොමියෙනු ඇතග
මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවා


No comments:

Post a Comment