සන්නිවේදනයේ මානව විදයයාත්මක ස්වරූපය
මිනිසුන්ද, සතුන්ද, අජිවි වස්තුන්ද යන්ත්‍ර සුත්‍රද විසින් සන්නිවේදනය සිදු කරනු ලබයි. එනම් මිනිසාගේ සන්නිවේදනය (මානව සන්නිවේදනය) ට අමතරව අප පරිසරය තුළ වෙනත් සන්නිවේදන ක්‍රියාදාමයක්ද දැක ගත හැකිය. සතුන් සමඟද අජිවි, වස්තුන් සමඟද, මිනිසුන් සමඟද සන්නිවේදනය සඳහා හඬ හා අභිනය යොදා ගැණින. මිනිසුන් පමණක් නොව සතුන්ද එම අවශ්‍යතා ඉටු කර ගැනීමට ශබ්ද නැගීම හෝ ඉඟි කිරීම සිදු කරති.
මේ අනුව සත්ව සන්නිවේදනයේ මුලික අරමුණ වන්නේ සතුන්ගේ මුලික අවශ්‍යතා සපුරා ගැනීම බව පැහැදිලිය. මිනිසාගේ සන්නිවේදනය සතුන් අභිබවා ගිය ස්වරූපයක් ගන්නා අවස්ථා ඇත. එනම් සෞන්දර්යය, රසවින්ඳනය, ඥාණ ගවේෂණය, ජාතික සංවර්ධනය ආදි අරමුණු ඉටු කර ගැනීමට අප සන්නිවේදනය කරමු. නමුත් එදිනෙදා ජිවිතයේදි සන්නිවේදනය බහුලව භාවිතා වන මුලික මිනිස් අවශ්‍යයතා ඉටු කර ගැනීම සඳහාය. එහෙත් දැනුම හා තොරතුරු හුවමාරුව, අධ්‍යයාපනය හා විනෝදාස්වාදය ලබා ගැනීම, එකිනෙකාට හිතවත් බව පෙන්වීම, යම් කාර්යකට යමෙකු පොළඹවා ගැනීම ආදි විවිධ අරමුණු හා අවශ්‍යතා සඳහාද මිනිසුන් විසින් සන්නිවේදනය කරනු ලබන බව අමතක නොකළ යුතුය.
පරිසරයේ පවතින අජිවි වස්තු විවිධාකාර සංඥා නිකුත් කරයි. ඒවා පරිසරය සමඟ බැඳී පවතින නිසා ස්වභාවික සංඥා ලෙස හැඳින්වේ.
යන්ත්‍ර සුත්‍ර සමඟ සන්නිවේදනයේ දි සිදුවන්නේ ඒවා නිර්මාණය කරන අවස්ථාවේ මිනිසා විසින් ලබා දෙන දත්ත හා විධාන අනුව යන්ත්‍රය මගින් සංඥා නිකුත් කිරීමයි.
උදා :- පොදු දුරකතන කුටියකින් ඇමතුමක් ලබා ගැනීමට රිසිවරය අතට ගත් විට පියවරෙන් පියවර Insert
Your coins, please wait dial now ආදි ලෙස තිරයේ දිස්වේ.
මේසේ සතුන්, අජිවි වස්තුන් හා යන්ත්‍ර සුත්‍ර සන්නිවේදනය කළද එය මිනිසා විසින් කරනු ලබන සන්නිවේදනට වඩා ප්‍රාථමිකය. එහි ඇත්තේ මානව පරිණාමයේ මුල්ම යුගයේ භූගත ගුහාවාසි වානර මිනිසාගේ සන්නිවේදනයේ පැවති මුලික ස්වරූපයයි. සත්ව සන්නිවේදනය අභිභවා යාමට මිනිසාට අවස්ථාව හිමි වී ඇත්තේ මිනිසා සතු භාෂාව හා නිර්මාණශිලි බුද්ධි මහිමය නිසාය. එය දිනෙන් දින වර්ධනය වු අතර එහි ප්‍රතිඵලය වුයේ සන්නිවේදනය මිනිසාට අයත් හෙවත් මානවිය මෙවලමක් බවට පත් වීමයි. අද අප සන්නිවේදන ක්‍රියාවලිය අධ්‍යනය කිරීම යනුවෙන් සිදු කරන්නේ මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන හැදැරීමයි. එහිදි එදිනෙදා ජිවිතයේ ප්‍රධානතම මානව ක්‍රියාවලිය ලෙස සන්නිවේදනය හඳුනාගත හැකිය. දවස ආරම්භයේ සිට නිමාව දක්වාද, ළදරුවකුගේ උපතේ සිට ඔහු වයෝවෘද්ධ වී මිය යාම දක්වාද මිනිසාගේ පංච ඉන්ද්‍රීය, මොළයය හා ස්නායු පද්ධතිය අවදිව ඇති සෑම නිමේෂයකම කුමන් හෝ සන්නිවේදනයක් සිදු වේ.
මිනිසාගේ ජිවන අත්දෑකිම්, අදහස් හා ආකල්ප, දැනුම හා අධ්‍යාපනය, ජීවත් වන සමාජ මට්ටම හා වටපිටාවට අනුකුලව සන්නිවේදනයේ ස්වරූපය වෙනස් වේ. නමුත් මිනිස්සුන්ට මිනිසුන් පදනම් කර ගනිමින්, මිනිසුන් අවබෝධ කර ගැනීමට ඇති උපකරණය සන්නිවේදනයයි.
■ ජර්ගර රූෂ් පවසන්නේ මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි බලපෑම් කරන සියලු ක්‍රියාදාමයන් සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකි බවයි.
■ මහාචාර්්‍යය විල්බර් ශ්‍රාම් දක්වන පරිදි සන්නිවේදනය යනු මිනිසාගේ තෙවන ශ්‍රවන ඉන්ද්‍රීයකි.
■ විලියම් එෆ් තෙම්සන් පැහැදිලි කරන්නේ පරිසරය තුළ අප ජිවත් කරවන සෑම බලවේගයක්ම කිසියම් අයුරකින් මාධ්‍යයක් වන බවය. එම මාධ්‍යය බිහි කරනු ලැබුවේ, හැඩ වැඩ කරනු ලැබුවේත්, එහි බලය හා ශක්තිය පාලනය කරනු ලැබුවේත් මිනිසා විසිනි. උදාහරණ ලෙස කැමරාව නිපදවීම යනු මිනිසාගේ ඇස දිගු වීම මිස වෙන කිසිවක් නොවේ.
මානව පරිණාමය සමඟ සන්නිවේද්නය දැඩි ලෙස බැඳී පවතියි. මානව සන්නිවේදන විකාශනය තුළ දැවැත්ත ඉදිරි පිමි ලෙස සාකච්ඡා වන අවස්ථාවන් මානව පරිණාමයේද සන්ධිස්තාන ලෙස හඳුනාගැනීමෙන් පැහැදිලි වන්නේ මිනිසාගේ පැවැත්ම හා දියුණුව සඳහා සන්නිවේදනය අත්‍යයවශ්‍ය වු බවයි. මිනිසාගේ අවශ්‍යයතාවයක් නොවන්නේ නම් සන්නිවේදනයටද පැවැත්මක් හෝ දියුණුවක් නොමැත. එනම් සන්නිවේදනයේ දැක ගත හැක්කේ හුදකලා හෝ ගුප්ත ස්වභාවයක් නොව මිනිසා සමඟ අවියෝජිනයව බැඳුණු ස්වරූපයකි. මානව සන්නිවේදනයට මිනිසා විසින්ම ලබා දෙන ජිවයක් මිස සන්නිවේදනයටම ආවේනික වු වෙනත් ජීවයක් නැත. මිනිසුන් විසින් පනිවිඩයකට අර්ථක් ලබා දෙනවා මිස වෙනත් අර්ථයක් පණිවිඩය සතුව නැත. මේ නිසා මිනිසුන්ගේ ක්‍රියාවලියක් ලෙස මානව සන්නිවේදනය වටහා ගත හැකි බව ප්‍රත්‍යක්ෂ වේ.
සන්නිවේදනයේ සමාජ විද්‍යාත්මක ස්වරූපය
ජනතාව අතරට පත් කිරීම, පොදු බවට පත් කිරීම, බෙදා හදා ගැනීම හුවමාරු කර ගැනිම වැනි අර්ථ සන්නිවේදනට පවතියි. මේ අනුව මිනිසුන් එකිනෙකා අතර සබැඳියාව හෙවත් පුද්ගලයින්ගේ “අන්තර් සම්බන්ධය” ගොඩනගනු ලබන්නේ සන්නිවේදනය මගිනි.
ලෝකයේ මුල්ම මිනිස්සු අඳුරු ගුහා වලට වී තනි තනිවි ජීවත් වූහ. පසුව ඔවුන්ගේ පංච ඉන්ද්‍රීය, මොළය හා ස්නායු පද්ධතිය වර්ධනය වීමෙන් ගුහාවෙන් පිටත පරිසරය දැක ගැනීමේ උවමනාව ඇති විය. ගුහාවෙන් එළියට පැමිණි එම වානර මානවයන් එකිනෙකා සමඟ ඉතා ප්‍රාථමික ඉඟි මගින් කු`ඵපග වීමට උත්සහ ගන්නට ඇත. එතැන් පටන් ක්‍රමයෙන් මිනිසා කණ්ඩායම් ලෙස ජීවත් වීමට පෙළඹුණේ ඔවුන් අතර සන්නිවේදන ක්‍රියාදාමයක් සිදු වු බැවිනි. එකිනෙකා හඳුනා ගැනීම, හිතවත් වීම, අදහස් හා අත්දෑකිම් බෙදා ගැනීම, සාමූහිකව වැඩ කිරීම ආදී සියල්ලටම සන්නිවේදනය මූලික වු බව මෙයින් පැහැදැලි වේ. සන්නිවේදනයේ ව්‍යාප්තියට සමාන්තරව මිනිස් සමාජයේ ගෙැඩනැගීමද සිදු වී ඇති බව සන්නිවේදන විකාශනය දෙස බැලීමෙන් තහවුරු වේ.
සමහර විද්‍යාඥයන් පවසන්නේ සමාජක් බිහි වීමටත්, සමාජය ව්‍යාප්තියටත්, සුරක්ෂිත වීමටත් සන්නිවේදනය අනිවාර්යය අවශ්‍යතාවයක් වන බවයි.
■ චාල්ස් කුලී සන්නිවේදනය හැඳින්වුයේ මානව සම්බන්ධතා ඇති වන හා වව්ධනයය වන මාර්ගය වශයෙනි.
■ ඩැනියෙල් ලර්නර්ට අනුව සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිණුම් දන්ඩද එයයි.
■ රොබර්ට් ඩී. මර්ෆි සඳහන් කරන පරිදි සන්නිවේදනය යනු මනුෂ්‍යත්වයේ හරයයි. සන්නිවේදනය හේතු කොට ගෙන මිනිසුන්ගේ පාඵව තනිකම නැති වේ. සන්නිවේදනය මගින් සමාජය ගොඩනැගේ.
■ විලියම් ආර්. රිවර්ගේ අර්ථකනය අනුව සන්නිවේදන යනු මානව පැවැත්මේ සහ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි. සන්නිවේදනය මානව සමූහයා අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය පහසු කරනවා පමණක් නොව මිනිසුන්ට සමාජ සත්ත්වයින් ලෙස ජීවත් වීමටද අවස්ථාව සලසයි.
■ කොලින් චෙරිටි අනුව සන්නිවේදනය යනු පවත්නා රීති පද්ධතියක් මගින් විවිධ චර්යාංග හෝ ජීවන ක්‍රම බෙදා හදා ගැනීමයි. එය අතවශ්‍ය සමාජ කටයුත්තකි.
■ සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිනුම් දණ්ඩ එයයි- මෙසේ ඩැනියල් ලර්නර් අවධාරණය කරන්නේද සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ ඇති වැදගත්කමයි-
■ විශ්වයේම මිනිසුන් එකම ගම්මානයක වෙසෙන ආකාරයට සමීප කිරීමට සන්නිවේදනය ක්‍රියාදාමයට හැකි බව මාෂල් මැක්ලුහන්ගේ “විශ්ව ගමමාන” සංකල්පයෙන් පැහැදිලි කරයි- අද ලෝක වාසී මිිනිස් සමාජය එකම “විශ්ව පවුලක්” වී ඇතැයිද පැවසේ- මේ අනුව පෙනී ය්නනේ මානව සමාජය නමැති ගෙය සන්නිවේදනය නමැති අත්තිවාරම මත ඉදි වන බවයි-
No comments:
Post a Comment