වක්කඩ ලග දිය වැටෙන තාලයට
වක්කඩ යනු කෘෂිකර්මාන්තය , ගැමි සිරිය සමග බැදුණු සුන්දර වචනයකි
වක්කඩක් ලග දිය/ජලය වැටෙන තැන තවත් සුන්දර තැනක්
අහස්දියෙන් ගොවිතැන් කරන ගොවීන් එම කුඹුරට අවශ්‍ය ජලය ඇලකින් / දොළකින් / වැවකින් ලබාගැනීමට උපකාරී වන ස්ථානයයි වක්කඩ.වක්කඩ මගින් කුඹුරට ජලය ලබාගන්නවා
මෙන්ම අතිරික්ත ජලය පිටකර යැවීමට උපකාරී වනවා.
" වක්කඩ ලග දිය වැටෙන තාලයට - තිත්ත පැටව් උඩ පැන නැටුවා "
ජලය
ගලා වැටෙන වක්කඩ ලග තිත්ත පැටවුන් සැරිසැරීම ඉතා සුලබ දර්ශනයක්.ලාංකේය ගීත කලාව තුල පරිසරය හා ඉතා
අවියෝජනීය සබදතාවයක් ඇත.මිනිසා
පරිසරය සමග ගනුදෙනු කිරීම මානව සංහතිය
ආරම්බයේ සිටම පැවත එන්නකි.එම
නිසා බොහෝ ගීත තුලට ස්වභාවික පරිසරයේ සංසිද්දීන් ගැලපීමට කලාකරුවෝ පෙළඹෙති. නමුත් මෙම මුල් පද පේලියේ වචන තුල ඊට
එහා ගිය ගැඹුරු ප්‍රබල සිතුවමක් අසන්නා
තුල ජනනය කිරීමට මහගම සේකරයන් සමත් වෙයි.මෙම තිත්ත පැටව් සතුටින් ඉන්නේ වක්කඩ ලග දිය
වැටෙන නිසාවෙනි.එම දිය වැටෙන තාලයට ඔවුන් උඩපැන නැටුවා
කියයි.නමුන් මේ තුල යම් වක්‍ර්රෝතියක් ඇත.එනම් පුද්ගල "සතුටක්" ඇතිබව වටහාගත හැකිය.වක්කඩ ,තිත්ත පැටව් යන වචන සඤ්ඤාර්ථ ලෙස
යොදාගෙන ඇති බව පෙනී යයි.
වැස්ස වහින්නට ඉස්සර අහසේ - වලාකුලෙන් විදුලිය කෙටුවා
වර්ෂාව
පතනය වීමට පෙර අහසේ වලාකුලෙන් විදුලිය කෙටිම ඉතාම සරල සුලභ දර්ශනයකි.එය විටෙක බියකරු වන අතර තවත් විටෙක
අලංකාර දර්ශනයකි.නමුත් මහගමසේකරයන්ගේ මෙම ගීතය තුලට එම
සිදුවීම ඇතුලත් කර ඇත්තේ නිමිත්ත යන්න අදාලව වේ .පුද්ගල සිත තුල ජනිතවන හැගීම විදුලිය කෙටීමක්
වැනිය.යමෙකුට යමක් කිරීම සදහා උත්තේජනයක්
අවශ්‍ය වේ.එම උත්තේජනය සිතට දැනෙන්නේ විදුලි
කෙටීමක් පරිදි වේ
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
කටරොළු මල ඉතා අලංකාර මලකි.මෙහි " කිව්වට වස් නැත " යනාදී සරල භාෂාව යොදාගෙන යමක් ඉතා ප්‍රබලව වර්ණනා කරයි. මෙහිදී කටරොළු මල් වැට වට කෙරුවා යන්න
තුල තවත් සුන්දර වයන්ගාර්ථයක් ගෙන එනු ලබයි.එත් සමගම " තුන් දවසක් අමනාපෙන් සිටි කළු " යන වදන තුල අසන්නා ගේ සිත ප්‍රබල ලෙස වෙනත් අරුතක්
පිලිබදව සිතීමට පොලබවයි.මතු
පිටින් බැලූවිට ඔහු සමග යමක් දින ගණනාවක් අමනාප වී සිටි බව පෙනී යයි . මෙහිදී නෝක්කාඩු බැල්ම යන වචනය තුල මෙහි
එන පුද්ගලයා හා ගැටෙන අනෙක් පාර්ශවය තරමක් ආඩම්බර කාරී
බවකින් යුතු යමක් විය යුතුය.
මහගමසේකරයන්ගේ නිර්මාණ තුල දැකිය හැකි
සුවිශේෂී බව නම් සඤ්ඤා හා සංකේත ප්‍රබල ලෙස භාවිතා කිරිමයි.කටරොළු මල මෙහි ලා දක්වෙන්නාවූ ප්‍රබල
සංකේතයයි.කටරොළු මලෙහි විද්‍යාත්මක නාමය clitoria
teranatea කටරොළුවලට blue
pea ,cordofam pea ,Draving pea
ලෙස විවිධ නම් තිබේ.ඊට හේතුව නම් ස්ත්‍රී භාහිර ලිංගික අවයවයේ
ස්වභාවය ගන්නා නිසාය.මහගමසේකරයන්
මෙම කටරොළු මල සඤ්ඤාවක් ලෙස යොදාගෙන ඇත.එසේනම්
මෙමෙ පුද්ගලයා ආමන්ත්‍රණය කරන්නේ ලිංගිකත්වය සම්බන්ධ දෙයකට වේ .කෙමෙන් කෙමෙන් ඉතා සියුම් ලෙස ව්‍යංග භාෂාව යොදා
ගනිමින් ලිංගිකත්වය නිර්මාණශීලි ලෙස ඉදිරිපත්
කිරීමට ගන්නා උත්සාහයක් ලෙස දැක්විය හැකිය
" තුන්
දවසක් අමනාපෙන් සිටි කළු " මෙහි
කළු යනු ස්ත්‍රිය යන පදය හැගවිමට යොදාගන්නා පදයකි.ඇයඔහු සමග දින තුනක් අමනාපෙන් සිටි බවට ප්‍රකාශ
කරයි.නමුත්
මෙහි එන දිනතුන හා අමනාපය කුමක්ද යන්න තවත් ගැබුරින් විමසාබැලිය යුතුය.
කාන්තාව හා දින තුන අතර සම්බන්ධයක් තිබේ.එනම් එය ජනවහරේ එන්නේ කිල්ලක් ලෙසිනි මල්වර
වීමෙන් පසු ආර්තවයට ( ඔසප් ) බවට
පත්වන කාන්තාවට කිල්ල දින තුනක් පවතින බවත් අවසානයේ ස්නානය කිරීමෙන් අනතුරුව එය
නැතිවන බවත් ජන වහර තුල සදහන් වේ.මෙම
ගීතයේ එන පරිදි දින තුනක් අමනාපෙන් සිටීම යනු ඔසප් බව හා ගැලපීමක් සිදුවේ.කාන්තාවකට ඔසප් තත්වයකට මුහුණ දෙන්නට සිදුවූ
විට දින තුන හතරක් ලිංගික සබදතා පැවැත්වීමට නොහැකි තත්වයක් ජිව විද්‍යාත්මකව ඇත.මෙහි එන අමනාපය නම් එම කාන්තා ඔසප් බව හා දින
තුනක් ලිංගික සබදතා පැවැත්වීමට නොහැකි
වීමයි.රචකයා
මෙය දක්වන්නේ අමනාප වීමක් ලෙසය.පරිසරය
හා මනස්කාන්ත චිත්‍රයකින් ආරම්භ කල ගීතය මේ වන වුට ලිංගික සිදුවීමක් බවට චිත්‍රණය
කරන්නට රචකයා තියුණු ලෙස උත්සහා කර ඇත.
" නෝක්කාඩු
බැල්මෙන් බැලුවා " මෙහි නෝක්කාඩුව යන වචනය තුල ආදරය සමග කැටිවුන
ලැජ්ජාව යන අර්ථයන් ගම්‍යමාන වේ.මෙම
කොටස තුල එන " කළු " , "නෝක්කාඩු " යන
වචනයන් ගෙනහැර දැක්වීම තුල " ස්ත්‍රියක් "
සම්බන්ධ
කිරීමට උත්සහා ගන්නා බව පැහදිලි මනාය.එසේනම්
මෙම කොටස තුල මහගමසේකරයන් කිල්ල හා ස්ත්‍රිය සම්බන්ධ කරගෙන යමක්
කියාපෑමට උත්සහ ගන්නා වගක් වැටහෙයි.එනම්
දින තුනක කිල්ල නිමාවීමත් සමග දෙදෙනාගේ ලිංගික
එක්වීම සම්බන්ධ අවස්ථාව බව මනාව වැටහේ .එසේනම් මුල් පද වල දක්වන ලද ආකාරයට " තිත්ත පැටව් උඩපැන නැටුවා " යන්න
තුල මෙම කිල්ලේ නිමාවත් සමගම දෙදෙනා
අතර ඇතිවුණු බලාපෙරොත්තුවේ සතුට වේ .මෙහි
උඩපැන නැටුවා යන්න තුල බලාපොරොත්තුවේ චිත්ත ප්‍රීතියේ ඉහලම අවස්තාව වේ.තවද මුලින් දක්වන ලද ආකාරයට " වැස්ස
වහින්නට ඉස්සර අහසේ - වලාකුලෙන්
විදුලිය කෙටුවා " යනු
සිතේ ඇතිවූ බලාපෙරොත්තුවේ සතුටත් සමග ඇතිවන මානසික වෙනස්වීමයි. මනෝවිද්‍යාව
තුල කියවෙන පරිදි ලිංගික බලාපොරොත්තුවක් සිත තුල ජනනය වීම සමග මොලය මගින් එම හැගීම
මානසිකව හා ශාරීරිකව ඉතා ප්‍රබල මට්ටමකට ගෙන එන බව සදහන් වේ.මෙහි එන වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන්
විදුලිය කෙටිම නම් එයයි.
වැහි
වහැලා ගග පිරෙන්න - ගග
උතුරා හිත පිරෙන්න
ගල මතුපිට මල පිපිම හා මල වට බඹරිදු නැටීම යන
වචන තුල යම්
ලිංගිකත්වයක් ගම්‍යමාන කරවයි.මල වටා බඹරා නටන්නේ සතුටිනි.ලංකාවේ සාහිත්‍ය කලාව තුල බඹරා හා මල අතර
ගනුදෙනුව ලිංගික සබදතාවයක් බවට පත්ව තිබේ.මෙහිදී මෙම ගීතය තුලද රචකයා අපේක්ෂා කර
තිබෙන්නේ එවන් අරුතම ගම්‍යමාන කරවීමටය. මහගමසේකරයන් සන්කෙතාර්ථයෙන් එම සතුට දක්වන්නේ ලිංගික සතුට පිලිබදවයි . තාලය
වෙනස් කරමින් ගැයෙන මෙම පද පෙල මුල් පද පෙලට වඩා ඉතා ප්‍රාණවත්ව ගායනා කරයි . මුල් පද
පේලිය මගින් ආලින්ගනයේ පෙර අවස්තාව දැක්වුවද මෙම අවස්ථාව තුලින් ආලිංගනය අදහස්
කරන්නේ බඹරා මල වට නටමින් රොන් ගන්නා ආකාරය පවසමිනි.පුරුෂයෙකුට ආලින්ගනය සදහා කායික මානසික ශක්තිය
අවශ්‍ය සේම මෙම පද පෙලද මුල් පද වලට වඩා ගැඹුරු හඩක් / ප්‍රාණවත්
හඩකින් යුතුව ගායනා කරයි.මුලදී
වැස්ස සදහා පෙර නිමිති ප්‍රකාශ කලද මේ වන විට වැස්ස වහින බව කියයි "වැහි
වැහැලා ගග පිරෙන්න ලෙස " යලිත් වයන්ගයෙන් දක්වන්නේ ලිංගිකත්වය තුලින් ලබන ප්‍රබල සතුට වේ
.ගඟ පිරෙන්නේ වැස්ස ප්‍රමාණවත් ලෙස ලැබුණු විටය එසේනම් මෙම අවස්ථාව තුල ප්‍රමාණවත්
සතුටක් ඔහු ආලින්ගනයෙන් ලබා ඇති බව ගම්‍ය වන්නේ "ගඟ
උතුරා හිත පිරෙන්න " ලෙස
දක්වන අවස්තාව තුල වේ .නමුත්
විචාරශීලි අසන්නෙකුට හැර අනෙක් අසන්නන්ට මෙය වැටහෙන්නේ වැස්ස සම්බන්ධ අවස්තාවක්
පිළිබදවය.නිර්මානාත්මක
රචනය තුල ඇති ශක්‍යතාවය එයයි.ඉහත පද
පේලිය ගායනය තුල එකම අවස්ථාවේ දෙවරක් සදහන් කරයි මෙමගින් බලාපොරොත්තු වන්නේ
ලිංගිකත්වය පිළිබදව ගැඹුරු පරිකල්පනයක්
ඇති කිරීමටය මිනිසාගේ තෘප්තිමත් බවේ බලා පොරොත්තුව ආලිංගනය අවස්ථාවේද ඇතිවේ.මෙම ගීත කොටස කාන්තා හඩින් ගායනා කරවීම තුල එහි
ප්‍රබල අවස්ථා
නිරුපනයක් වචනය මගින් දක්වයි.ආලිංගනය
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම එකගත්වය මත ආරම්භ වුවා සේම එහි ක්‍රියාකාරිත්වය තුල
දෙදෙනාගේම ඇති දායකත්වය මෙහිදී වචනයෙන් නිරුපිත මනාය ගීතය තුල වැඩි අවස්ථාවක් ලබා
දී තිබෙන්නේ මෙම අවස්ථාව නිරුපනය කිරීමට වේ.මෙම කොටස ගායනා කරන ගායිකාවන් තුල සාම්ප්‍රදායික
තැන්පත් ගායනයෙන් ඔබ්බට ගොස් කලබලකාරී වේගවත් හුස්මස්වරයෙන් ගායනා කරවයි.අර්ථය තුලින් අවස්ථාව වටහා ගත නොහැකි වුවද
සංගීතය තුලින් ගායනා කරන ශෛලිය තුලින් මනාව
මෙකි අරුත නිරුපිත වේ.
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා
මෙගේ හිත හිනාවකින් තව
හිනා
වෙයන් කළු හිනාවෙයන් //
ඊලග පද
පේලිය තුලින් ආමන්ත්‍රණ ශීලි භාෂාව භාවිතා කරමින් එයට කරන ආමන්ත්‍රණය දක්වා ඇත.මුලින්ම ආත්ම ගත භාෂාව භාවිතා කල මහගම
සේකරයන් පසුව ආමන්ත්‍රණශීලි බස
යොදාගනිමින් ඉදිරිපත් කරයි මෙය හුදෙක් වැස්ස සහ පරිසරය සම්බන්ධ සිදුවීමක් නොව ඊට එහා ගිය යමක් ඇති බව සැක පහල
වන්නේ මෙම අවස්ථාවේදීය.මෙහි එන
යුවතියට " හිනා
වෙයන් කළු හිනාවෙයන් " ලෙස
පුරුෂයා ඉල්ලා සිටින්නේ ඇයව තවත් සතුටු කිරීමට බව පෙනී යයි.ගලා හැලෙන වැහි වතුර ලෙස තවත් සකෙතාර්ථයක්
දක්වමින් කියාසිටින්නේ ලිංගික සතුට පිලිබදවයි.බොහෝසෙයින් ලිංගික සතුටක් ලබා ඇතිබව මෙම අවස්තාව
විමසීමට ලක් කිරීමේදී පෙනී යයි .ඇය තරමක්
ආඩම්බරකාරී යුවතියක් විය යුතුය.ආලිංගනය අවසාන අවස්ථාව මෙම පද පේලි තුල ගම්‍යමාන
කරවයි.අවසානයේ
ඇගේ මනස තුල භාහිර සතුටක් නොතිබූ නිසා මෙම ආමන්ත්‍රණය කළා වැන්න."දින
තුනක් අමනාපෙන් සිටි කළු " යනුවෙන්
මුලින් දක්වන පදය හා මෙම "හිනාවෙයන්
කළු හිනාවෙයන් " පදය අතර
ඉතා සමීප සබදතාවයක් ඇති බව පැහැදිලි වේ.ඔහු මේ
හිනා වෙන්න ලෙස ඉල්ලා සිටින්නේ දින තුනක් අමනාපෙන් සිටි එනම් ඔසප් බවට පත් වූ ඇගේ
ශරිරයෙනි . කාන්තාවක්
ලිංගිකව සතුටු කිරීමට පිරිමියා ගන්නා
උත්සාහය මෙහිදී මනාව කියාපායි
මෙහි එන
ගායන ශෛලිය තුලද අමරදේවයන් සියුම් හඩින්ගයනා කරන අතර සමුහ කාන්තා පිරිස
සමුහස්වරයෙන් ගායනා කරයි ආලිංගනය සදහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ එකගතාවය අවශ්‍ය
මෙන් මෙම ගීතයද එකී දෙපාර්ශවයේම සක්‍රිය හඬ අන්තර්ගත වේ.මෙහි ලිංගිකත්වයට පෙර හැගීම මෝදු වන අවස්තාව ඊට අදාළ ස්වරයන්ගෙන් හා සම්බෝගය සිදුවන අවස්ථාව වේගවත් කලබලකාරී හා ඊට අදාළ ස්වරයන්ගෙන් ද සම්බෝගයෙන් පසු අවස්තාව ඊටම උචිත ලෙසද නිරූපිත
මනාය.මෙහිදී
අවස්ථානුකුල පද රචනය හා අවස්නුථාකුල සංගීතයද මනාව නිරූපිත වේ .එමෙන්ම ගැමි භාෂාව, සරල
භාෂාව හා ආමන්ත්‍රණශීලි භාෂාව ආදී භාෂා උපක්‍රම මෙන්ම උපමා රූපක හා භාෂා අලංකාරයන්
මගින් මෙහි සිද්දි නිරුපනය හා අවස්ථා නිරුපනය ගොඩ නංවා ඇති ආකාරය ඉතා විශිෂ්ඨ වේ.
ලාංකේය
සුභාවිත ගීත අතර විශාල ජනප්‍රියතාවයක් දක්වන ලද මෙම ගීතය තුල එන සැගවුණු අරුත් බව
නිසාම ගීතය තහනමකට හෝ ගීතය වාරණයකට ලක්කළ නොහැක.මනුෂ්‍ය ජිවත සන්තානයේ සැගවුණු සංසිද්දීන්
මෙලෙස නිර්මානත්වකව ඉදිරිපත් කිරීමට නිර්ම්නාතමක රචකයා තුල ඇති හැකියාවද මෙම ගීතය
තුලින් මනාව කියවේ .
No comments:
Post a Comment