Monday, June 18, 2018


 ජනප්‍රිය සංස්කෘතිය

සංකෘතිය වූ කලි ගතික සාධකයකි.එනම් පැරණි දේ වෙනස්වෙමින් අලුතින් දෑ එකතුවෙමින් දිනෙන් දින වැඩිදියුණු වන නවීකරණය වන සාධකයකි.සන්ක්රුතියේම දිගුවක්ලෙස ජනප්‍රිය සංස්කෘතිය හදුන්වා දිය හැකිය.ලෝකයේ යම් යම් ජනප්‍රිය වස්තුන්,පුද්ගලයන් ආදිය මගින් මිනිසාට බලපෑම ඇතිවේ.ඒඅම බලපෑම නිසා පුද්ගලයාගේ සිතුම් පැතුම චර්යා රටාවන් ඇදහිලි විස්වාස ආදිය පවා වෙනස්වීමට ලක්වේ.සංස්කෘතිය තුලින් පැමිණි සධකයම නැවත සංස්කෘතිය වෙත අභියෝග කරවයි.මෙය අද ලෝකයේ සෑම තැනකම සිදුවන ක්‍රියාවලියකි

ජනප‍්‍රිය සංස්කෘතිය යන්න කිමැයි හදුනා ගැනීමට පෙර සංස්කෘතිය යන්න කුමක්දැයි හදුනා ගත යුතු වේග සංස්කෘතිය යන්න ද එක් නිශ්චිත සීමාවකලා විග‍්‍රහ කළ නොහැකි වේ.විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග‍්‍රහ කරතිග එකී නිර්වචන අතර පෞරාණික නිර්වචනය ලෙස 1871 දී ඊග බීග ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ නිර්වචනය හදුනාගත හැකි වේග ඔහුට අනුව සංස්කෘතිය නම්

" දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි "

මේ නිර්වචනය තුළ පුද්ගලයගේ සමස්ත හැසිරීමේ රටාවම සංස්කෘතිය වශයෙන් හදුනාගත හැකි වේ. සමහරු සංස්කෘතිය යන්න ගුණ වගාව නමින් දල ආගම සාහිත්‍යය ඉගැන්වීමෙන් හා සාහිත්‍ය කලාස්වාදයෙන් ලැබෙන චිත්ත විසුද්ධිය නමින් ද හදුන්වති.
මේ ආකාරයට හදුනා ගන්නා සංස්කෘතිය අද වන විට ඉතා පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් ඔස්සේ ව්‍යාප්තව ගොස් ඇති අතර බොහෝ වෙනස් වීම් වලටද භාජනය වී තිබේ. මෙම වෙනස්වීම් වලට බලපෑ සාධක අතර කාර්මික විප්ලවය මෙන්ම ජනමාධ්‍ය බිහිවීම ද හේතු වේ.

මිනිසා තුළ පුදුම එළවන මෙම ජනමාධ්‍ය මගින් මෙතුවක් කල් පවත්නා සම්මත නිර්මාණ ක‍්‍රමවේදයන් ඉක්මවා නව නිර්මාණල නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ විකාශය විය. එය කෙටිකතාව නවකතාව නාට්‍ය ගීතය මෙන්ම දෘශ්‍ය මාධ්‍යය ද නව මුහුණුවරකට පරිවර්ථනය වන්නට හේතු විය. මේ පසුබිම සම්මත නිර්මාණ ශිල්පියා අසම්මත ආකාරයකට නිර්මාණ බිහිකරන ශිල්පීන් බවට පත් විය. ජනමාධ්‍යය ලොවම ආවරණය කළ විට තත්කාලයේ තිබූ සංස්කෘතියට ජනප‍්‍රිය අංග එකතුවීමෙන් නව සංස්කෘතියක් ද බිහි විය. ජනප‍්‍රිය සංස්කෘතිය ලෙස හදුනාගත හැක්කේ සංස්කෘතික ව්‍යාප්තියේ ප‍්‍රතිඵල ලෙස බිහි වූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයන්මය. ඒ අනුව ජනප‍්‍රිය සංස්කෘතිය යන වචනය භාවිතයට පැමිණෙනුයේ 1950- 1960 වැනි දශකවලදී වේ. මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරමින් බොහෝ විද්වතුන් විසින් විවිධාකාර වූ අර්ථකථනයන් ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පිළිබඳව ඉදිරිපත් කර තිබේ.

ජනප‍්‍රිය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ    -නූතන කලා විචාරකයන්-
ජනප‍්‍රිය සංස්කෘතිය යනු සමාජය තුළ ජිවත්වන සියලූ දෙනාගේම සංස්කෘතියයි  - බටහිර විචාරකයින්-
මිනිස් කණ්ඩායමක අත්දැකීම් බෙදා හදා ගන්නා ක‍්‍රමය ජනප‍්‍රියසංස්කෘතිය නම් වේ  - හිදෙතොෂී කාටෝ-

මේ ආකාරයට විවිධාකාර ලෙසින් හදුනාගන්නා ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක් දල ජනමාධ්‍යය වල නිර්මිතයක් ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් වශයෙන් පෝෂණය වන බැවිනි.



ජනප්‍රිය සංස්කෘතිය යනු ලෝකයා විසින් බෙදා ගත් ක්‍රියාදාමයක් සහ විශ්වාසයන් සමූහයක් වේ.
ජනප්‍රිය සංස්කෘතිය වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙයි.
ජනප්‍රිය සංස්කෘතිය යනු ජනමාධ්‍ය මගින් සමාජ ගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බදුණු චර්යාවන් එක් වීමෙන් සෑදුනු සමාජ සස්කෘතික ස්වරූපයකි.
ජනප්‍රිය සංස්කෘතිය යනු එක් අතකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් ද තවත් අතකින් ජනමාධ්‍ය ද තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව ද එක්වීමෙන් සෑදුනු ක්‍රියාවලියකි.

බහුජන සංස්කෘතිය උපරිම තලය ජනප්‍රිය සංස්කෘතිය යි.
සන්නිවේදන තාක්ෂ.ණයේ සබැදි සංස්කෘතියක් වේ.
ජනප්‍රිය සංස්කෘතිය නිරමාණයට වඩා නිෂ්පාදනයක් ය.
ජනප්‍රිය සංස්කෘතිය අතරිත්තයක් සහිතය.
ජනප්‍රිය සංස්කෘතිය පහසුවෙන් පරිභෝජනය කළ හැකි ය.

මාධ්‍ය වෙළද පොළ ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර ගණු දෙනුව සක්‍රීය කරීම සදහාය.
මාධ්‍ය වෙළද පොළ හුදෙක් ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන අතර සදාචාරය හෝ සාරධර්ම හෝ සිරිත් විරිත් හෝ එයට වැදගත් නොවේ.
මාධ්‍ය වෙළද පොළ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම භාවිතා කරමින් හා මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත යොදා ගනිමින් කටයුතු කරයි.
මාධ්‍ය වෙළද පොළ කෙතෙරම් සියුම් ලෙස කටයුතු කරන්නේ ද ? යත් එයට හසු වු කෙනෙකුට එයින් ගැලවීමට අපහසුය.
මාධ්‍ය වෙළද පොළේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණ වීමට රජයට හෝ ඇති ඉඩකඩ අඩු වන අතර පාරිභෝගික ජනතාවට සිදු වන සෘජු හා වක්‍ර ආකාරයෙන් සිදුවන පීඩාවන් ගැන මාධ්‍ය වෙළද පොළ හෝ රජය වග කියනු නොලබේ.
මාධ්‍ය වෙළද පොළ සමග ප්‍රශස්ත ලෙස ගණු දෙනුවක යෙදීමට පාරිභෝගික ජනතාවට විශිෂ්ට දර්ශනයක් තිබිය යුතු ය.

ජනප්‍රිය සංස්කෘතියේ අංග

.
ජනප්‍රිය සංස්කෘතියට විවිධ අංග ඇතුළත් වේ.
කුමන හෝ නව අංගයක් ඇතුළත් කර ගැනීමට ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත.
ව්‍යාපාරයන්ගේ අභිමතය පරිදි මාධ්‍ය වෙළද පොළට නව අංග ඇතුළත් කිරීම් කාර්යය ඉටු කරනුයේ බහුජන මාධ්‍ය කරුවන් විසින් ය.
බහුජන සංස්කෘතියේ විවිධ අංග තේරුම් ගැනීම පවා පාරිභෝගික ජනයාට අපහසු ය.
බහුජන සංස්කෘතියේ විවිධ අංග ව්‍යාපාරිකයන් හා බහු ජන මාධ්‍ය විසින් නිර්මාණය කරන අතර පාරිභෝගික ජනයා ඒවා භාර ගනී.
ජනප්‍රිය සංස්කෘතියේ ක්‍රියාකාරීත්වය හා පාර්ශව කරුවෝ ය.
ජනප්‍රිය සංස්කෘතිය අන්‍යාන්‍ය ක්‍රියාකාරිත්වයකින් යුක්තය.
නව භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයින් විසින් නිපදවන අතර ඒවා ජනප්‍රිය සංස්කෘතියේ කොටස් කරුවන් ය.
ජනප්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යන්නේ පාරිභෝගික ජනතාවය.
ජනප්‍රිය සංස්කෘතියේ වාසි ලබන්නේ , ව්‍යාපාරිකයන් හා බහුජන මාධ්‍ය විසින් ය.
විවිධ හැඩරුව ගනී.
ජනප්‍රිය සංස්කෘතිය කාලීනව විවිධ හැඩ රුව ගැන්වීම බහු ජන මාධ්‍ය විසින් කරනු ලැබේ.
ජනප්‍රිය සංස්කෘතියේ ඇති කරනු ලබන විවිධ නව හැඩ ගැන්වීම් කැමැත්තෙන් භාර ගන්නට පාරිභෝගික ජනතාව සූදානමින් සිටී
.
ජනප්‍රිය සංස්කෘතියේ බලපෑම

ජනප්‍රිය සංස්කෘතිය සමස්ත සමාජයේ ම චර්යාවන්ගේ කෙරෙහි බලපායි.
ජනප්‍රිය සංස්කෘතිය යම් සමාජයක ජනයාගේ ආර්ථික පැවතුම් කෙරහි දැඩිව බලපායි.
ජනප්‍රිය සංස්කෘතිය යම් සමාජයක ජනයාගේ ආර්ථික පැවතුම් කෙරහි දැඩිව බලපායි.
ජනප්‍රිය සංස්කෘතිය මගින් ජනයාගේ ප්‍රමුඛ අපෙක්ෂාවන් යටපත් කර ඔවුන් නිස්සාර හා හිස් අපේක්ෂාවන් කරා යොමු කරයි. ජනප්‍රිය සංස්කෘතියේ පවත්නා ආකර්ෂණීය බව හා සුන්දර බව නිසා පාරිභෝගික ජනතාවට තමන් ජනප්‍රිය සංස්කෘතිය තුළ ගොදුරක් වී සිටින බව නොතේරෙයි.

වක්කඩ ලග දිය වැටෙන තාලයට,ගීත විචාරය,


වක්කඩ ලග දිය වැටෙන තාලයට



වක්කඩ යනු  කෘෂිකර්මාන්තය , ගැමි සිරිය සමග බැදුණු සුන්දර වචනයකි වක්කඩක් ලග දිය/ජලය වැටෙන තැන තවත් සුන්දර තැනක් අහස්දියෙන් ගොවිතැන් කරන ගොවීන් එම කුඹුරට අවශ්‍ය ජලය ඇලකින් / දොළකින් / වැවකින්  ලබාගැනීමට උපකාරී වන ස්ථානයයි වක්කඩ.වක්කඩ මගින් කුඹුරට ජලය ලබාගන්නවා මෙන්ම අතිරික්ත ජලය පිටකර යැවීමට උපකාරී වනවා.

                        " වක්කඩ ලග දිය වැටෙන තාලයට  - තිත්ත පැටව් උඩ පැන නැටුවා "
ජලය ගලා වැටෙන වක්කඩ ලග තිත්ත පැටවුන් සැරිසැරීම ඉතා සුලබ දර්ශනයක්.ලාංකේය ගීත කලාව තුල පරිසරය හා ඉතා අවියෝජනීය සබදතාවයක් ඇත.මිනිසා පරිසරය සමග ගනුදෙනු කිරීම මානව සංහතිය  ආරම්බයේ සිටම පැවත එන්නකි.එම නිසා බොහෝ ගීත තුලට ස්වභාවික පරිසරයේ සංසිද්දීන් ගැලපීමට කලාකරුවෝ පෙළඹෙති. නමුත් මෙම මුල් පද පේලියේ වචන තුල ඊට එහා ගිය ගැඹුරු ප්‍රබල  සිතුවමක් අසන්නා තුල ජනනය කිරීමට මහගම සේකරයන් සමත් වෙයි.මෙම තිත්ත පැටව් සතුටින් ඉන්නේ වක්කඩ ලග දිය වැටෙන නිසාවෙනි.එම දිය වැටෙන තාලයට ඔවුන් උඩපැන නැටුවා කියයි.නමුන් මේ තුල යම් වක්‍ර්රෝතියක් ඇත.එනම්  පුද්ගල "සතුටක්" ඇතිබව වටහාගත හැකිය.වක්කඩ ,තිත්ත පැටව් යන වචන සඤ්ඤාර්ථ ලෙස යොදාගෙන ඇති බව පෙනී යයි.

                        වැස්ස වහින්නට ඉස්සර අහසේ - වලාකුලෙන් විදුලිය කෙටුවා
වර්ෂාව පතනය වීමට පෙර අහසේ වලාකුලෙන් විදුලිය කෙටිම ඉතාම සරල සුලභ දර්ශනයකි.එය විටෙක බියකරු වන අතර තවත් විටෙක අලංකාර දර්ශනයකි.නමුත් මහගමසේකරයන්ගේ මෙම ගීතය තුලට එම සිදුවීම ඇතුලත් කර ඇත්තේ නිමිත්ත යන්න අදාලව වේ .පුද්ගල සිත තුල ජනිතවන හැගීම විදුලිය කෙටීමක් වැනිය.යමෙකුට යමක් කිරීම සදහා උත්තේජනයක් අවශ්‍ය වේ.එම උත්තේජනය සිතට දැනෙන්නේ විදුලි කෙටීමක් පරිදි වේ

               කිව්වට වස් නැත නිල් නිල් පාටින්
   කටරොළු මල් වැට වට කෙරුවා
  තුන් දවසක් අමනාපෙන් සිටි කළු
  නෝක්කාඩු බැල්මෙන් බැලුවා

කටරොළු මල ඉතා අලංකාර මලකි.මෙහි " කිව්වට වස් නැත " යනාදී සරල  භාෂාව යොදාගෙන යමක් ඉතා ප්‍රබලව වර්ණනා කරයි. මෙහිදී කටරොළු මල් වැට වට කෙරුවා යන්න තුල තවත් සුන්දර වයන්ගාර්ථයක් ගෙන එනු ලබයි.එත් සමගම " තුන් දවසක් අමනාපෙන් සිටි කළු " යන වදන තුල අසන්නා ගේ සිත ප්‍රබල ලෙස වෙනත් අරුතක් පිලිබදව සිතීමට පොලබවයි.මතු පිටින් බැලූවිට ඔහු සමග යමක් දින ගණනාවක් අමනාප වී සිටි බව පෙනී යයි . මෙහිදී නෝක්කාඩු බැල්ම යන වචනය තුල මෙහි එන පුද්ගලයා  හා ගැටෙන අනෙක් පාර්ශවය තරමක් ආඩම්බර කාරී බවකින් යුතු යමක් විය යුතුය.
                        මහගමසේකරයන්ගේ නිර්මාණ තුල දැකිය හැකි සුවිශේෂී බව නම් සඤ්ඤා හා සංකේත ප්‍රබල ලෙස භාවිතා කිරිමයි.කටරොළු මල මෙහි ලා දක්වෙන්නාවූ ප්‍රබල සංකේතයයි.කටරොළු මලෙහි විද්‍යාත්මක නාමය clitoria teranatea කටරොළුවලට blue pea ,cordofam pea ,Draving pea 
ලෙස විවිධ නම් තිබේ.ඊට හේතුව නම් ස්ත්‍රී භාහිර ලිංගික අවයවයේ ස්වභාවය ගන්නා නිසාය.මහගමසේකරයන් මෙම කටරොළු මල සඤ්ඤාවක් ලෙස යොදාගෙන ඇත.එසේනම් මෙමෙ පුද්ගලයා ආමන්ත්‍රණය කරන්නේ ලිංගිකත්වය සම්බන්ධ දෙයකට වේ .කෙමෙන් කෙමෙන් ඉතා සියුම් ලෙස ව්‍යංග භාෂාව යොදා ගනිමින් ලිංගිකත්වය නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස දැක්විය හැකිය
                        " තුන් දවසක් අමනාපෙන් සිටි කළු " මෙහි කළු යනු ස්ත්‍රිය යන පදය හැගවිමට යොදාගන්නා පදයකි.ඇයඔහු සමග දින තුනක් අමනාපෙන් සිටි බවට ප්‍රකාශ කරයි.නමුත් මෙහි එන දිනතුන හා අමනාපය කුමක්ද යන්න තවත් ගැබුරින් විමසාබැලිය යුතුය.
කාන්තාව හා දින තුන අතර සම්බන්ධයක් තිබේ.එනම් එය ජනවහරේ එන්නේ කිල්ලක් ලෙසිනි මල්වර වීමෙන් පසු ආර්තවයට ( ඔසප් ) බවට පත්වන කාන්තාවට කිල්ල දින තුනක් පවතින බවත් අවසානයේ ස්නානය කිරීමෙන් අනතුරුව එය නැතිවන බවත් ජන වහර තුල සදහන් වේ.මෙම ගීතයේ එන පරිදි දින තුනක් අමනාපෙන් සිටීම යනු ඔසප් බව හා ගැලපීමක් සිදුවේ.කාන්තාවකට ඔසප් තත්වයකට මුහුණ දෙන්නට සිදුවූ විට දින තුන හතරක් ලිංගික සබදතා පැවැත්වීමට නොහැකි තත්වයක් ජිව විද්‍යාත්මකව ඇත.මෙහි එන අමනාපය නම් එම කාන්තා ඔසප් බව හා දින තුනක් ලිංගික සබදතා පැවැත්වීමට  නොහැකි වීමයි.රචකයා මෙය දක්වන්නේ අමනාප වීමක් ලෙසය.පරිසරය හා මනස්කාන්ත චිත්‍රයකින් ආරම්භ කල ගීතය මේ වන වුට ලිංගික සිදුවීමක් බවට චිත්‍රණය කරන්නට රචකයා තියුණු ලෙස උත්සහා කර ඇත.
                             " නෝක්කාඩු බැල්මෙන් බැලුවා " මෙහි නෝක්කාඩුව යන වචනය තුල ආදරය සමග කැටිවුන ලැජ්ජාව යන අර්ථයන් ගම්‍යමාන වේ.මෙම කොටස තුල එන " කළු " , "නෝක්කාඩු " යන වචනයන් ගෙනහැර දැක්වීම තුල " ස්ත්‍රියක්  " සම්බන්ධ කිරීමට උත්සහා ගන්නා බව පැහදිලි මනාය.එසේනම් මෙම කොටස තුල මහගමසේකරයන් කිල්ල හා ස්ත්‍රිය සම්බන්ධ කරගෙන  යමක් කියාපෑමට උත්සහ ගන්නා වගක් වැටහෙයි.එනම් දින තුනක කිල්ල නිමාවීමත් සමග දෙදෙනාගේ ලිංගික  එක්වීම සම්බන්ධ අවස්ථාව බව මනාව වැටහේ .එසේනම් මුල් පද වල දක්වන ලද ආකාරයට  " තිත්ත පැටව් උඩපැන නැටුවා " යන්න තුල මෙම කිල්ලේ නිමාවත් සමගම දෙදෙනා අතර ඇතිවුණු බලාපෙරොත්තුවේ සතුට වේ .මෙහි උඩපැන නැටුවා යන්න තුල බලාපොරොත්තුවේ  චිත්ත ප්‍රීතියේ ඉහලම අවස්තාව වේ.තවද මුලින් දක්වන ලද ආකාරයට " වැස්ස වහින්නට ඉස්සර අහසේ - වලාකුලෙන් විදුලිය කෙටුවා " යනු සිතේ ඇතිවූ බලාපෙරොත්තුවේ සතුටත් සමග ඇතිවන මානසික වෙනස්වීමයි. මනෝවිද්‍යාව තුල කියවෙන පරිදි ලිංගික බලාපොරොත්තුවක් සිත තුල ජනනය වීම සමග මොලය මගින් එම හැගීම මානසිකව හා ශාරීරිකව ඉතා ප්‍රබල මට්ටමකට ගෙන එන බව සදහන් වේ.මෙහි එන වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටිම නම් එයයි.
                                         ගල මතුපිට මල පිපෙන්න  -  මල වට බබරිදු නටන්න
                                         වැහි වහැලා ගග පිරෙන්න  -  ගග උතුරා හිත පිරෙන්න

ගල මතුපිට මල පිපිම හා මල වට බඹරිදු නැටීම යන වචන තුල යම්
ලිංගිකත්වයක් ගම්‍යමාන කරවයි.මල වටා බඹරා නටන්නේ සතුටිනි.ලංකාවේ සාහිත්‍ය කලාව තුල බඹරා හා මල අතර ගනුදෙනුව ලිංගික සබදතාවයක් බවට පත්ව තිබේ.මෙහිදී මෙම ගීතය තුලද රචකයා අපේක්ෂා කර තිබෙන්නේ එවන් අරුතම ගම්‍යමාන කරවීමටය. මහගමසේකරයන් සන්කෙතාර්ථයෙන් එම සතුට දක්වන්නේ ලිංගික සතුට පිලිබදවයි . තාලය වෙනස් කරමින් ගැයෙන මෙම පද පෙල මුල් පද පෙලට වඩා ඉතා ප්‍රාණවත්ව ගායනා කරයි . මුල් පද පේලිය මගින් ආලින්ගනයේ පෙර අවස්තාව දැක්වුවද මෙම අවස්ථාව තුලින් ආලිංගනය අදහස් කරන්නේ බඹරා මල වට නටමින් රොන් ගන්නා ආකාරය පවසමිනි.පුරුෂයෙකුට ආලින්ගනය සදහා කායික මානසික ශක්තිය අවශ්‍ය සේම මෙම පද පෙලද මුල් පද වලට වඩා ගැඹුරු හඩක් / ප්‍රාණවත් හඩකින් යුතුව ගායනා කරයි.මුලදී වැස්ස සදහා පෙර නිමිති ප්‍රකාශ කලද මේ වන විට වැස්ස වහින බව කියයි "වැහි වැහැලා ගග පිරෙන්න ලෙස " යලිත්  වයන්ගයෙන් දක්වන්නේ ලිංගිකත්වය තුලින් ලබන ප්‍රබල සතුට වේ .ගඟ පිරෙන්නේ වැස්ස ප්‍රමාණවත්  ලෙස ලැබුණු විටය එසේනම් මෙම අවස්ථාව තුල ප්‍රමාණවත් සතුටක් ඔහු ආලින්ගනයෙන් ලබා ඇති බව ගම්‍ය වන්නේ "ගඟ උතුරා හිත පිරෙන්න " ලෙස දක්වන අවස්තාව තුල වේ .නමුත් විචාරශීලි අසන්නෙකුට හැර අනෙක් අසන්නන්ට මෙය වැටහෙන්නේ වැස්ස සම්බන්ධ අවස්තාවක් පිළිබදවය.නිර්මානාත්මක රචනය තුල ඇති ශක්‍යතාවය එයයි.ඉහත පද පේලිය ගායනය තුල එකම අවස්ථාවේ දෙවරක් සදහන් කරයි මෙමගින් බලාපොරොත්තු වන්නේ ලිංගිකත්වය පිළිබදව ගැඹුරු පරිකල්පනයක් ඇති කිරීමටය මිනිසාගේ තෘප්තිමත් බවේ බලා පොරොත්තුව ආලිංගනය අවස්ථාවේද ඇතිවේ.මෙම ගීත කොටස කාන්තා හඩින් ගායනා කරවීම තුල එහි ප්‍රබල අවස්ථා නිරුපනයක් වචනය මගින් දක්වයි.ආලිංගනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම එකගත්වය මත ආරම්භ වුවා සේම එහි ක්‍රියාකාරිත්වය තුල දෙදෙනාගේම ඇති දායකත්වය මෙහිදී වචනයෙන් නිරුපිත මනාය ගීතය තුල වැඩි අවස්ථාවක් ලබා දී තිබෙන්නේ මෙම අවස්ථාව නිරුපනය කිරීමට වේ.මෙම කොටස ගායනා කරන ගායිකාවන් තුල සාම්ප්‍රදායික තැන්පත් ගායනයෙන් ඔබ්බට ගොස් කලබලකාරී වේගවත් හුස්මස්වරයෙන් ගායනා කරවයි.අර්ථය තුලින් අවස්ථාව වටහා ගත නොහැකි වුවද සංගීතය තුලින් ගායනා කරන ශෛලිය තුලින් මනාව මෙකි අරුත නිරුපිත වේ.
                                    ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
                                    හිනාවෙයන් කළු හිනාවෙයන්
                                    වෙලා මෙගේ හිත හිනාවකින් තව
                                    හිනා වෙයන් කළු හිනාවෙයන් //

ඊලග පද පේලිය තුලින් ආමන්ත්‍රණ ශීලි භාෂාව භාවිතා කරමින් එයට කරන ආමන්ත්‍රණය දක්වා ඇත.මුලින්ම ආත්ම ගත භාෂාව භාවිතා කල මහගම සේකරයන්  පසුව ආමන්ත්‍රණශීලි බස යොදාගනිමින් ඉදිරිපත් කරයි මෙය හුදෙක් වැස්ස සහ පරිසරය සම්බන්ධ  සිදුවීමක් නොව ඊට එහා ගිය යමක් ඇති බව සැක පහල වන්නේ මෙම අවස්ථාවේදීය.මෙහි එන යුවතියට " හිනා වෙයන් කළු හිනාවෙයන් " ලෙස පුරුෂයා ඉල්ලා සිටින්නේ ඇයව තවත් සතුටු කිරීමට බව පෙනී යයි.ගලා හැලෙන වැහි වතුර ලෙස තවත් සකෙතාර්ථයක් දක්වමින් කියාසිටින්නේ ලිංගික සතුට පිලිබදවයි.බොහෝසෙයින් ලිංගික සතුටක් ලබා ඇතිබව මෙම අවස්තාව විමසීමට ලක් කිරීමේදී පෙනී යයි .ඇය තරමක් ආඩම්බරකාරී යුවතියක්  විය යුතුය.ආලිංගනය අවසාන අවස්ථාව මෙම පද පේලි තුල ගම්‍යමාන කරවයි.අවසානයේ ඇගේ මනස තුල භාහිර සතුටක් නොතිබූ නිසා මෙම ආමන්ත්‍රණය කළා වැන්න."දින තුනක් අමනාපෙන් සිටි කළු " යනුවෙන් මුලින් දක්වන පදය හා මෙම "හිනාවෙයන් කළු හිනාවෙයන් " පදය අතර ඉතා සමීප සබදතාවයක් ඇති බව පැහැදිලි වේ.ඔහු මේ හිනා වෙන්න ලෙස ඉල්ලා සිටින්නේ දින තුනක් අමනාපෙන් සිටි එනම් ඔසප් බවට පත් වූ ඇගේ ශරිරයෙනි . කාන්තාවක් ලිංගිකව  සතුටු කිරීමට පිරිමියා ගන්නා උත්සාහය මෙහිදී මනාව කියාපායි
මෙහි එන ගායන ශෛලිය තුලද අමරදේවයන් සියුම් හඩින්ගයනා කරන අතර සමුහ කාන්තා පිරිස සමුහස්වරයෙන් ගායනා කරයි ආලිංගනය සදහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ එකගතාවය අවශ්‍ය මෙන් මෙම ගීතයද එකී දෙපාර්ශවයේම සක්‍රිය හඬ අන්තර්ගත වේ.මෙහි ලිංගිකත්වයට පෙර හැගීම මෝදු වන අවස්තාව ඊට අදාළ ස්වරයන්ගෙන් හා සම්බෝගය සිදුවන අවස්ථාව වේගවත් කලබලකාරී හා  ඊට අදාළ ස්වරයන්ගෙන් ද සම්බෝගයෙන් පසු අවස්තාව ඊටම උචිත ලෙසද නිරූපිත මනාය.මෙහිදී අවස්ථානුකුල පද රචනය හා අවස්නුථාකුල සංගීතයද මනාව නිරූපිත වේ .එමෙන්ම ගැමි භාෂාව, සරල භාෂාව හා ආමන්ත්‍රණශීලි භාෂාව ආදී භාෂා උපක්‍රම මෙන්ම උපමා රූපක හා භාෂා අලංකාරයන් මගින් මෙහි සිද්දි නිරුපනය හා අවස්ථා නිරුපනය ගොඩ නංවා ඇති ආකාරය ඉතා විශිෂ්ඨ වේ.
ලාංකේය සුභාවිත ගීත අතර විශාල ජනප්‍රියතාවයක් දක්වන ලද මෙම ගීතය තුල එන සැගවුණු අරුත් බව නිසාම ගීතය තහනමකට හෝ ගීතය වාරණයකට ලක්කළ නොහැක.මනුෂ්‍ය ජිවත සන්තානයේ සැගවුණු සංසිද්දීන් මෙලෙස නිර්මානත්වකව ඉදිරිපත් කිරීමට නිර්ම්නාතමක රචකයා තුල ඇති හැකියාවද මෙම ගීතය තුලින් මනාව කියවේ .

සන්නිවේදන නිර්වචන

සන්නිවේදන නිර්වචන


සන්නිවේදන විෂය තුළ සන්නිවේදනය පිළිබඳ නිර්්වචන රැසකි. 1930 දශකයේ පමණ සිට අද ද්කවා තනි පුද්ගලයන්, කන්ඩායයම් හා සංවිධාන වශයෙන් සන්නිවේදන නිර්වචන ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත- 
බොහෝ විට සාර්ථක සන්නිවේදන නිර්වචනයක කරුණු 5 ක් ඇතුළත් බව පෙන්වා දිය හැකිය-

  • සන්නිවේදනයේ ආරම්භකයා/මුලාශ්‍රය/සන්නිවේදක 
  • සන්නිවේදනය ලබන්නා /ග්‍රාහකයා :ඍැජසඑසැබඑ රැ ඍැජැසඩැර*
  • සන්නිවේ්දන වාකහකය /චැනලය/මාධ්‍යය :ඵදාැරැඪැයසාැරැක්‍ය්බබැරැඵැාස්*
  • පණිවිඩය/සන්දේශය 
  • සන්නිවේදනයේ ඵලය/බලපෑම 

සන්නිවේදන නිර්වචන එකි නෙක ගෙන විිමසීමේදි පැහැදිලි වන්නේ ඒවා ප්‍රවේශන් කිහිපක් යටතේ වර්ගකළ හැකි බවය-

  • ඵෛතිහාසික ප්‍රවේශය
  • සමාජ-සංස්කෘතික ප්‍රවේශය
  • විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශය
  • දේශපාලනික ප්‍රවේශය
  • විෂයානුබද්ධ ප්‍රවේශය

හැරල්ඞ් ලැස්වේල්ගේ නිර්වචනය


" කිසියම් කෙනෙක් කිසියම් මාධ්‍යකින් යමෙකුට යම් බැලපෑමක් කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන දෙය සන්නිවේදනයයි "


සන්නිවේදනය යනු කුමක්දැයි වඩාත් විද්‍යාත්මකව පැහැදිලි කළ හැරල්ඞ් ලැස්වේල් ගේ සන්නිවේදන නිර්වචනය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත-
සන්නිවේදනය විෂයානුබද්ධව, විද්‍ය්‍යාාත්මකව විග්‍රහ කරන ලැස්වෙල්ගේ නිර්වචනය සන්නිවේදනයේ අංග 05ක් වැදගත් වේ.


  • කවුරුන් විසින් - සන්නිවේදන, මුලාශ්‍රය, සන්නිවේදකස්තානය

  • කුමක් - පනිවිඩය/සන්දේශය (අන්තර්ගතය)

  • කුමන මාධ්‍යයයකින් -වාහකය/චැනලය/මාධ්‍යය

  • කවරෙකුට - ග්‍රාහකයා

  • කුමක් සඳහා -සන්නිවේදන ඵලය/බලපෑම



පුද්ගපයෙකු තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට යමක් යම් මාධ්‍යයකින් කියනු ලබන්නේ එමඟින් යම් බලපෑමක් කිරීමේ අරමුණ ඇතිවය. ලැස්වෙල්ගේ නිර්වචනය අනුව සන්නිවේදනය යනු අංග කිහිපයකින් සමන්විත ක්‍රියාවලියක් බව පැහැදිලි වේ. සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් සඳහා පැවතිය යුතු අංග ඉතා සරලව පෙන්වා දී ඇති නිසා සන්නිවේදනයේ මුලිකාංග හඳුනාගැනීමේදීත්, සන්නිවේදන ක්‍රියාවලිය විග්‍රහකිරීමේදීත් මෙම නිර්වචනය ප්‍රයෝජනයය ගැනේ.

ක්ලෝඞ්ෂැනන් හා වොරන්න් විවර්ගේ නිර්වචනය


" යම් තැනක සකස් කල පණිවිඩයක් තවත් තැනක ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි " 


මෙම විදවතුන් දෙපළ 1954 වසරේදි සන්නිවේදන අර්ථකතනය කර ඇත.
විෂයානුබද්ධ ප්‍රවේශයකින් සන්නිවේදනය දෙස බලන ෂැනන් සහ විවර් තෝරා ගැනීම පිලිබඳ සඳහන් කිරීම නිසා මෙම නිර්වචනය තුළ සමාජ සංස්කෘතික සහ දේශපාලන ප්‍රවේශයක්ද තිබිය හැකි බවට තර්ක කළ හැකිය. එනම් පණිවිඩය තෝරා ගැනීම සඳහා සමාජ දේශපාලන බලපෑමක් තිබිය හැකි නිසාය. එමෙන්ම පණිවිඩයය ප්‍රතිනිර්මාණය සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කළ හැකි බැවින් මෙහි විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශයක්ද ඇතැයි කිව හැකිය.
මෙම නිර්වචනය තුළද සන්නිවේදන අංග කිහිපයක් හඳුනාගත හැකිය.


  • යම් තැනකදි තෝරා ගත් පණිවිඩයක් - මුලාශ්‍රය/සන්නිවේදන ස්ථානය
  •  වෙනත් තැනකදි - ග්‍රාහකයා/ග්‍රාහක ස්ථානය
  • ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය-පණිවිඩය/අන්තර්ගතය



තෝරා ගන්නා පණිවිඩ තවත් තැනකදි ප්‍රතිනිර්මාණය කිරීමට මාධ්‍යයක් හෙවත් චැනලයක් යොදා ගැනීම හෝ මෙම ක්‍රියාවලියේ අරමුණ හෝ ඵළය පිළිබඳ මෙහිදි පැහැදිලිව සඳමන් කර නැත. නමුත් මෙම සන්නිවේදන අංග දෙක පිළිබඳ ඉඟිකිරීමක් සමස්ථ නිර්වචනය විග්‍රහ කිරීමේදි අපට හඳුනාගත හැකිය. එනම්, යමක් ප්‍රතිනිර්මාණය කිරීමට යම් විධික්‍රමයක් හා මාධ්‍යයක් අවශ්‍යය වන අතර නිර්මාණයක් කිරීමට අරමුණක්ද නිර්මාණයේ බලපෑමක්ද පවතියි.


විල්බර් ශ්‍රාමිගේ නිර්වචනය

සන්නිවේදන විෂය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක්වු මහචාර්්‍යය විල්බර් ශ්‍යාම් 1973 වසරේදි සන්නිවේදන නිර්වචනයක් ඉදිරිපත් කළේය.

" තොරතුරු ගැබ් වූ සඤ්ඤාවක් කරන කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික පැවැත්මක් ඇති කිරීම සන්නිවේදනයයි"


විල්බර් ශ්‍රාම් පැහැදිලි කරන්නේ මිනිසා විසින් සමාජය තුළ සිදු කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳවයි. එබැවින් මෙය සමාජ සංස්කෘතික ප්‍රවේශයක් සහිතය. තවද තොරතුරු අධ්‍යයනය හා විනෝදය ලබා දීම, පෙළඹවීම වැනි සන්නිවේදනයේ කාර්්‍යයන් පිළිබඳ දක්වා ඇති නිසා මෙම නිර්වචනයේ විෂයානුබද්ධ ප්‍රවේශක්ද පවතියි.
මිනිසුන් සමාජය තුළ සන්නිවේදනය කරන ආකාරය ශ්‍ර්‍යාම් පැහැදිලි කරන්නේ මිනිසුන් අනෝ‍ය්‍යන්‍ය වශයෙන් හෙවත් එකිනෙකා අතර සිදු කරන හුවමාරුවක් වශයෙනි. නිසාමෙහි සන්නිවේදනය හා ශ්‍රාවක භූමිකා හඳුනාගත හැකිය. හුවමාරුවකදි එක් අවස්ථාවක දෙනු ලබන්නා තවත් අවස්ථාවක ගනු ලබන්නf බවටද, ගනු ලබන්නා දෙනු ලබන්නා බවටද පත් වේ. මේ අනුව සන්නිවේදන ක්‍රියාවලිය තුළ භූමිකා හුවමාරු වන බව මෙම නිර්වචනයෙන් පැහැදිලි වීම විශේෂත්වයකි. සන්නිවේදකයා විටෙක ග්‍රාහකයා බවටද, තවත් අවස්ථාවක ග්‍රාහකයා සන්නිවේදකයා බවටද පත් වන බව සන්නිවේදනයෙය් අනf්‍යා්න්‍ය බව පිළිබඳ සඳහන් කිරීමෙන් අවබෝධ වේ. එමඟින් සන්නිවේදනයෙය් අඛණ්ඩ බවත්, එය ක්‍රියාවලියක් බවත්, එහි ද්විමාර්ගික ස්වරූපයක් ඉස්මතු වේ. තවද සන්නිවේදනය ඔස්සේ මිිනසුන් එකිනෙකාට බලපාන ආකාරය මෙහි විස්තර කරන නිසා සන්නිවේදනයේ “බලපෑමද” ඔහුගේ අවධානයට ලක්ව ඇත.
විල්බර් ශ්‍රා්‍යාම් ගේ නිර්වචනයය තුළින් පැහැදිලි වන වැදගත්ම කරුණක් වන්නේ පුද්ගලයයා සමාජයේ සෙසු පුද්ගලයයින් සමඟ සම්බන්ධ කරන මෙවලම සන්නිවේදනය බවයි. 

සන්නිවේදනයේ සමාජ විද්‍යාත්මක ස්වරූපය


ජනතාව අතරට පත් කිරීම, පොදු බවට පත් කිරීම, බෙදා හදා ගැනීම හුවමාරු කර ගැනිම වැනි අර්ථ සන්නිවේදනට පවතියි. මේ අනුව මිනිසුන් එකිනෙකා අතර සබැඳියාව හෙවත් පුද්ගලයින්ගේ “අන්තර් සම්බන්ධය” ගොඩනගනු ලබන්නේ සන්නිවේදනය මගිනි. 
ලෝකයේ මුල්ම මිනිස්සු අඳුරු ගුහා වලට වී තනි තනිවි ජීවත් වූහ. පසුව ඔවුන්ගේ පංච ඉන්ද්‍රීය, මොළය හා ස්නායු පද්ධතිය වර්ධනය වීමෙන් ගුහාවෙන් පිටත පරිසරය දැක ගැනීමේ උවමනාව ඇති විය. ගුහාවෙන් එළියට පැමිණි එම වානර මානවයන් එකිනෙකා සමඟ ඉතා ප්‍රාථමික ඉඟි මගින් කු`ඵපග වීමට උත්සහ ගන්නට ඇත. එතැන් පටන් ක්‍රමයෙන් මිනිසා කණ්ඩායම් ලෙස ජීවත් වීමට පෙළඹුණේ ඔවුන් අතර සන්නිවේදන ක්‍රියාදාමයක් සිදු වු බැවිනි. එකිනෙකා හඳුනා ගැනීම, හිතවත් වීම, අදහස් හා අත්දෑකිම් බෙදා ගැනීම, සාමූහිකව වැඩ කිරීම ආදී සියල්ලටම සන්නිවේදනය මූලික වු බව මෙයින් පැහැදැලි වේ. සන්නිවේදනයේ ව්‍යාප්තියට සමාන්තරව මිනිස් සමාජයේ ගෙැඩනැගීමද සිදු වී ඇති බව සන්නිවේදන විකාශනය දෙස බැලීමෙන් තහවුරු වේ.
සමහර විද්‍යාඥයන් පවසන්නේ සමාජක් බිහි වීමටත්, සමාජය ව්‍යාප්තියටත්, සුරක්ෂිත වීමටත් සන්නිවේදනය අනිවාර්යය අවශ්‍යතාවයක් වන බවයි. 



චාල්ස් කුලී සන්නිවේදනය හැඳින්වුයේ මානව සම්බන්ධතා ඇති වන හා වව්ධනයය වන මාර්ගය වශයෙනි.

ඩැනියෙල් ලර්නර්ට අනුව සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිණුම් දන්ඩද එයයි.

රොබර්ට් ඩී. මර්ෆි සඳහන් කරන පරිදි සන්නිවේදනය යනු මනුෂ්‍යත්වයේ හරයයි. සන්නිවේදනය හේතු කොට ගෙන මිනිසුන්ගේ පා`ඵව තනිකම නැති වේ. සන්නිවේදනය මගින් සමාජය ගොඩනැගේ.

විලියම් ආර්. රිවර්ගේ අර්ථකනය අනුව සන්නිවේදන යනු මානව පැවැත්මේ සහ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි. සන්නිවේදනය මානව සමූහයා අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය පහසු කරනවා පමණක් නොව මිනිසුන්ට සමාජ සත්ත්වයින් ලෙස ජීවත් වීමටද අවස්ථාව සලසයි.

කොලින් චෙරිටි අනුව සන්නිවේදනය යනු පවත්නා රීති පද්ධතියක් මගින් විවිධ චර්යාංග හෝ ජීවන ක්‍රම බෙදා හදා ගැනීමයි. එය අතවශ්‍ය සමාජ කටයුත්තකි.

සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිනුම් දණ්ඩ එයයි- මෙසේ ඩැනියල් ලර්නර් අවධාරණය කරන්නේද සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ ඇති වැදගත්කමයි-

විශ්වයේම මිනිසුන් එකම ගම්මානයක වෙසෙන ආකාරයට සමීප කිරීමට සන්නිවේදනය ක්‍රියාදාමයට හැකි බව මාෂල් මැක්ලුහන්ගේ  “විශ්ව ගමමාන” සංකල්පයෙන් පැහැදිලි කරයි- අද ලෝක වාසී මිිනිස් සමාජය එකම “විශ්ව පවුලක්” වී ඇතැයිද පැවසේ- මේ අනුව පෙනී ය්නනේ මානව සමාජය නමැති ගෙය සන්නිවේදනය නමැති අත්තිවාරම මත ඉදි වන බවයි-

සන්නිවේදනයේ මානව විදයයාත්මක ස්වරූපය

සන්නිවේදනයේ මානව විදයයාත්මක ස්වරූපය

මිනිසුන්ද, සතුන්ද, අජිවි වස්තුන්ද යන්ත්‍ර සුත්‍රද විසින් සන්නිවේදනය සිදු කරනු ලබයි. එනම් මිනිසාගේ සන්නිවේදනය (මානව සන්නිවේදනය) ට අමතරව අප පරිසරය තුළ වෙනත් සන්නිවේදන ක්‍රියාදාමයක්ද දැක ගත හැකිය. සතුන් සමඟද අජිවි, වස්තුන් සමඟද, මිනිසුන් සමඟද සන්නිවේදනය සඳහා හඬ හා අභිනය යොදා ගැණින. මිනිසුන් පමණක් නොව සතුන්ද එම අවශ්‍යතා ඉටු කර ගැනීමට ශබ්ද නැගීම හෝ ඉඟි කිරීම සිදු කරති.
මේ අනුව සත්ව සන්නිවේදනයේ මුලික අරමුණ වන්නේ සතුන්ගේ මුලික අවශ්‍යතා සපුරා ගැනීම බව පැහැදිලිය. මිනිසාගේ සන්නිවේදනය සතුන් අභිබවා ගිය ස්වරූපයක් ගන්නා අවස්ථා ඇත. එනම් සෞන්දර්යය, රසවින්ඳනය, ඥාණ ගවේෂණය, ජාතික සංවර්ධනය ආදි අරමුණු ඉටු කර ගැනීමට අප සන්නිවේදනය කරමු. නමුත් එදිනෙදා ජිවිතයේදි සන්නිවේදනය බහුලව භාවිතා වන මුලික මිනිස් අවශ්‍යයතා ඉටු කර ගැනීම සඳහාය. එහෙත් දැනුම හා තොරතුරු හුවමාරුව, අධ්‍යයාපනය හා විනෝදාස්වාදය ලබා ගැනීම, එකිනෙකාට හිතවත් බව පෙන්වීම, යම් කාර්යකට යමෙකු පොළඹවා ගැනීම ආදි විවිධ අරමුණු හා අවශ්‍යතා සඳහාද මිනිසුන් විසින් සන්නිවේදනය කරනු ලබන බව අමතක නොකළ යුතුය. 
පරිසරයේ පවතින අජිවි වස්තු විවිධාකාර සංඥා නිකුත් කරයි. ඒවා පරිසරය සමඟ බැඳී පවතින නිසා ස්වභාවික සංඥා ලෙස හැඳින්වේ.
යන්ත්‍ර සුත්‍ර සමඟ සන්නිවේදනයේ දි සිදුවන්නේ ඒවා නිර්මාණය කරන අවස්ථාවේ මිනිසා විසින් ලබා දෙන දත්ත හා විධාන අනුව යන්ත්‍රය මගින් සංඥා නිකුත් කිරීමයි.

උදා :- පොදු දුරකතන කුටියකින් ඇමතුමක් ලබා ගැනීමට රිසිවරය අතට ගත් විට පියවරෙන් පියවර Insert Your coins, please wait dial now ආදි ලෙස තිරයේ දිස්වේ. 

මේසේ සතුන්, අජිවි වස්තුන් හා යන්ත්‍ර සුත්‍ර සන්නිවේදනය කළද එය මිනිසා විසින් කරනු ලබන සන්නිවේදනට වඩා ප්‍රාථමිකය. එහි ඇත්තේ මානව පරිණාමයේ මුල්ම යුගයේ භූගත ගුහාවාසි වානර මිනිසාගේ සන්නිවේදනයේ පැවති මුලික ස්වරූපයයි. සත්ව සන්නිවේදනය අභිභවා යාමට මිනිසාට අවස්ථාව හිමි වී ඇත්තේ මිනිසා සතු භාෂාව හා නිර්මාණශිලි බුද්ධි මහිමය නිසාය. එය දිනෙන් දින වර්ධනය වු අතර එහි ප්‍රතිඵලය වුයේ සන්නිවේදනය මිනිසාට අයත් හෙවත් මානවිය මෙවලමක් බවට පත් වීමයි. අද අප සන්නිවේදන ක්‍රියාවලිය අධ්‍යනය කිරීම යනුවෙන් සිදු කරන්නේ මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන හැදැරීමයි. එහිදි එදිනෙදා ජිවිතයේ ප්‍රධානතම මානව ක්‍රියාවලිය ලෙස සන්නිවේදනය හඳුනාගත හැකිය. දවස ආරම්භයේ සිට නිමාව දක්වාද, ළදරුවකුගේ උපතේ සිට ඔහු වයෝවෘද්ධ වී මිය යාම දක්වාද මිනිසාගේ පංච ඉන්ද්‍රීය, මොළයය හා ස්නායු පද්ධතිය අවදිව ඇති සෑම නිමේෂයකම කුමන් හෝ සන්නිවේදනයක් සිදු වේ. 
මිනිසාගේ ජිවන අත්දෑකිම්, අදහස් හා ආකල්ප, දැනුම හා අධ්‍යාපනය, ජීවත් වන සමාජ මට්ටම හා වටපිටාවට අනුකුලව සන්නිවේදනයේ ස්වරූපය වෙනස් වේ. නමුත් මිනිස්සුන්ට මිනිසුන් පදනම් කර ගනිමින්, මිනිසුන් අවබෝධ කර ගැනීමට ඇති උපකරණය සන්නිවේදනයයි. 
ජර්ගර රූෂ් පවසන්නේ මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි බලපෑම් කරන සියලු ක්‍රියාදාමයන් සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකි බවයි.
මහාචාර්්‍යය විල්බර් ශ්‍රාම් දක්වන පරිදි සන්නිවේදනය යනු මිනිසාගේ තෙවන ශ්‍රවන ඉන්ද්‍රීයකි.
විලියම් එෆ් තෙම්සන් පැහැදිලි කරන්නේ පරිසරය තුළ අප ජිවත් කරවන සෑම බලවේගයක්ම කිසියම් අයුරකින් මාධ්‍යයක් වන බවය. එම මාධ්‍යය බිහි කරනු ලැබුවේ, හැඩ වැඩ කරනු ලැබුවේත්, එහි බලය හා ශක්තිය පාලනය කරනු ලැබුවේත් මිනිසා විසිනි. උදාහරණ ලෙස කැමරාව නිපදවීම යනු මිනිසාගේ ඇස දිගු වීම මිස වෙන කිසිවක් නොවේ.
මානව පරිණාමය සමඟ සන්නිවේද්නය දැඩි ලෙස බැඳී පවතියි. මානව සන්නිවේදන විකාශනය තුළ දැවැත්ත ඉදිරි පිමි ලෙස සාකච්ඡා වන අවස්ථාවන් මානව පරිණාමයේද සන්ධිස්තාන ලෙස හඳුනාගැනීමෙන් පැහැදිලි වන්නේ මිනිසාගේ පැවැත්ම හා දියුණුව සඳහා සන්නිවේදනය අත්‍යයවශ්‍ය වු බවයි. මිනිසාගේ අවශ්‍යයතාවයක් නොවන්නේ නම් සන්නිවේදනයටද පැවැත්මක් හෝ දියුණුවක් නොමැත. එනම් සන්නිවේදනයේ දැක ගත හැක්කේ  හුදකලා හෝ ගුප්ත ස්වභාවයක් නොව මිනිසා සමඟ අවියෝජිනයව බැඳුණු ස්වරූපයකි. මානව සන්නිවේදනයට මිනිසා විසින්ම ලබා දෙන ජිවයක් මිස සන්නිවේදනයටම ආවේනික වු  වෙනත් ජීවයක් නැත. මිනිසුන් විසින් පනිවිඩයකට අර්ථක් ලබා දෙනවා මිස වෙනත් අර්ථයක් පණිවිඩය සතුව නැත. මේ නිසා මිනිසුන්ගේ ක්‍රියාවලියක් ලෙස මානව සන්නිවේදනය වටහා ගත හැකි බව ප්‍රත්‍යක්ෂ වේ.
සන්නිවේදනයේ සමාජ විද්‍යාත්මක ස්වරූපය
ජනතාව අතරට පත් කිරීම, පොදු බවට පත් කිරීම, බෙදා හදා ගැනීම හුවමාරු කර ගැනිම වැනි අර්ථ සන්නිවේදනට පවතියි. මේ අනුව මිනිසුන් එකිනෙකා අතර සබැඳියාව හෙවත් පුද්ගලයින්ගේ “අන්තර් සම්බන්ධය” ගොඩනගනු ලබන්නේ සන්නිවේදනය මගිනි. 
ලෝකයේ මුල්ම මිනිස්සු අඳුරු ගුහා වලට වී තනි තනිවි ජීවත් වූහ. පසුව ඔවුන්ගේ පංච ඉන්ද්‍රීය, මොළය හා ස්නායු පද්ධතිය වර්ධනය වීමෙන් ගුහාවෙන් පිටත පරිසරය දැක ගැනීමේ උවමනාව ඇති විය. ගුහාවෙන් එළියට පැමිණි එම වානර මානවයන් එකිනෙකා සමඟ ඉතා ප්‍රාථමික ඉඟි මගින් කු`ඵපග වීමට උත්සහ ගන්නට ඇත. එතැන් පටන් ක්‍රමයෙන් මිනිසා කණ්ඩායම් ලෙස ජීවත් වීමට පෙළඹුණේ ඔවුන් අතර සන්නිවේදන ක්‍රියාදාමයක් සිදු වු බැවිනි. එකිනෙකා හඳුනා ගැනීම, හිතවත් වීම, අදහස් හා අත්දෑකිම් බෙදා ගැනීම, සාමූහිකව වැඩ කිරීම ආදී සියල්ලටම සන්නිවේදනය මූලික වු බව මෙයින් පැහැදැලි වේ. සන්නිවේදනයේ ව්‍යාප්තියට සමාන්තරව මිනිස් සමාජයේ ගෙැඩනැගීමද සිදු වී ඇති බව සන්නිවේදන විකාශනය දෙස බැලීමෙන් තහවුරු වේ.
සමහර විද්‍යාඥයන් පවසන්නේ සමාජක් බිහි වීමටත්, සමාජය ව්‍යාප්තියටත්, සුරක්ෂිත වීමටත් සන්නිවේදනය අනිවාර්යය අවශ්‍යතාවයක් වන බවයි. 



චාල්ස් කුලී සන්නිවේදනය හැඳින්වුයේ මානව සම්බන්ධතා ඇති වන හා වව්ධනයය වන මාර්ගය වශයෙනි.

ඩැනියෙල් ලර්නර්ට අනුව සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිණුම් දන්ඩද එයයි.

රොබර්ට් ඩී. මර්ෆි සඳහන් කරන පරිදි සන්නිවේදනය යනු මනුෂ්‍යත්වයේ හරයයි. සන්නිවේදනය හේතු කොට ගෙන මිනිසුන්ගේ පාඵව තනිකම නැති වේ. සන්නිවේදනය මගින් සමාජය ගොඩනැගේ.

විලියම් ආර්. රිවර්ගේ අර්ථකනය අනුව සන්නිවේදන යනු මානව පැවැත්මේ සහ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි. සන්නිවේදනය මානව සමූහයා අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය පහසු කරනවා පමණක් නොව මිනිසුන්ට සමාජ සත්ත්වයින් ලෙස ජීවත් වීමටද අවස්ථාව සලසයි.

කොලින් චෙරිටි අනුව සන්නිවේදනය යනු පවත්නා රීති පද්ධතියක් මගින් විවිධ චර්යාංග හෝ ජීවන ක්‍රම බෙදා හදා ගැනීමයි. එය අතවශ්‍ය සමාජ කටයුත්තකි.

සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිනුම් දණ්ඩ එයයි- මෙසේ ඩැනියල් ලර්නර් අවධාරණය කරන්නේද සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ ඇති වැදගත්කමයි-

විශ්වයේම මිනිසුන් එකම ගම්මානයක වෙසෙන ආකාරයට සමීප කිරීමට සන්නිවේදනය ක්‍රියාදාමයට හැකි බව මාෂල් මැක්ලුහන්ගේ  “විශ්ව ගමමාන” සංකල්පයෙන් පැහැදිලි කරයි- අද ලෝක වාසී මිිනිස් සමාජය එකම “විශ්ව පවුලක්” වී ඇතැයිද පැවසේ- මේ අනුව පෙනී ය්නනේ මානව සමාජය නමැති ගෙය සන්නිවේදනය නමැති අත්තිවාරම මත ඉදි වන බවයි-

සන්නිවේදනය , Communication,සන්නිවේදනයේ ජිව විද්‍යාත්මක ස්වරූපය

විශ්වයේ ජිවය බිහි වුයේ අද මධ්‍යම රාත්‍රී 12 ට නම් සන්නිවේදනය බිහිවුයේ 
- ඊට නිමේශයකට පෙරය ,
මහාචාර්ය විල්බර් ශ්‍රාම්

Communication

ඉංග්‍රීසි භාෂාවේ ඇති කොමියුනිකේෂන් (Communication) නම් වචනය ලතින් භාෂාවෙන් ලද දායාදයකි. එහි සිංහල අර්ථය ලෙස “සන්නිවේදනය” භාවිත වේ. ලතින් භාෂාවෙන් මියුනිස් (Munis) යනු කිසියම් කාර්යයක් කරන්නා යන්නයි. කොමියුනිස් (Communis) යනු ජනතාව අතර රැඳී යන අදහස සහිත වචනයකි. කොමියුනිකේයාර් (Communicare) යනුවෙන් යෙදෙන්නේ පොදු බවට පත් කිරීම, බෙදා ගැනීම, ආමන්ත්‍රණය කිරීම, සාකච්ඡා කිරීම ආදි අර්ථයකිනි. මේ අනුව ලතින් භාෂාවේ කොමියුනිකේටර්ස් (Communicaters) යන වචනයෙන් ඉංග්‍රීසි භාෂාවේ කොමියුනිකේෂන් (Communication) නම් වචනය සකස් විය. මෙහි අර්ථය වන්නේ පොදුවේ ආරංචි පැතිර වීම, අදහස් හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීම, තොරතුරු සම්ප්‍රේෂණය යන ආදියයි
සන්නිවේදනය යනු ජීව විද්‍යාත්මක සිදුවන මූලික මානව හා සමාජ ක්‍රියාවලියකි. මිනිසාට සිය පරිසරය ජය ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමටත්, ඒවා සාමුහික ක්‍රියාකාරකම් බවට පත් කොට සමාජයක් ගොඩ නැගීමටත් හේතුවු මෙවලම සන්නිවේදනයයි. මේ අනුව සන්නිවේදනය දෙස ජීව විද්‍යාත්මකවද, මානව විද්‍යාත්මකවද, සමාජ විද්‍යාත්මකවද බැලිය හැක.