විශ්වයේ ජිවය බිහි වුයේ අද මධ්‍යම රාත්‍රී 12 ට නම් සන්නිවේදනය බිහිවුයේ
- ඊට නිමේශයකට පෙරය ,
මහාචාර්ය විල්බර් ශ්‍රාම්
Communication
ඉංග්‍රීසි භාෂාවේ ඇති කොමියුනිකේෂන් (Communication) නම් වචනය ලතින් භාෂාවෙන් ලද දායාදයකි. එහි සිංහල අර්ථය ලෙස “සන්නිවේදනය” භාවිත වේ. ලතින් භාෂාවෙන් මියුනිස් (Munis) යනු කිසියම් කාර්යයක් කරන්නා යන්නයි. කොමියුනිස් (Communis) යනු ජනතාව අතර රැඳී යන අදහස සහිත වචනයකි. කොමියුනිකේයාර් (Communicare) යනුවෙන් යෙදෙන්නේ පොදු බවට පත් කිරීම, බෙදා ගැනීම, ආමන්ත්‍රණය කිරීම, සාකච්ඡා කිරීම ආදි අර්ථයකිනි. මේ අනුව ලතින් භාෂාවේ කොමියුනිකේටර්ස් (Communicaters) යන වචනයෙන් ඉංග්‍රීසි භාෂාවේ කොමියුනිකේෂන් (Communication) නම් වචනය සකස් විය. මෙහි අර්ථය වන්නේ පොදුවේ ආරංචි පැතිර වීම, අදහස් හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීම, තොරතුරු සම්ප්‍රේෂණය යන ආදියයි
සන්නිවේදනය යනු ජීව විද්‍යාත්මක සිදුවන මූලික මානව හා සමාජ ක්‍රියාවලියකි. මිනිසාට සිය පරිසරය ජය ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමටත්, ඒවා සාමුහික ක්‍රියාකාරකම් බවට පත් කොට සමාජයක් ගොඩ නැගීමටත් හේතුවු මෙවලම සන්නිවේදනයයි. මේ අනුව සන්නිවේදනය දෙස ජීව විද්‍යාත්මකවද, මානව විද්‍යාත්මකවද, සමාජ විද්‍යාත්මකවද බැලිය හැක.
සන්නිවේදනයේ ජිව විද්‍යාත්මක ස්වරූපය
සන්නිවේදන කාර්යයට මිනිසාගේ පංච ඉන්ද්‍රීයම යොදා ගැනේ.
සන්නිවේදන නමැති මානව ක්‍රියාදාමය අද වන විට කෙතරම් සංකීර්ණත්වයට පත්ව තිබුණද එහි මූලික ස්වරූපය වන්නේ මිනිසාගේ කායික අංග වන ඇස, කන, දිව, නාසය, ශරීරය, යන පංච ඉන්ද්‍රීය සහ මොළය හා ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් සන්නිවේදනය සිදු වීමයි. මෙහිදි උත්තේජනය හා ප්‍රතිචාර පදනම්ව මිනිස් අවයව මෙහෙවන බව ජීව විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිය. සත්ත්වයයකුටද, මිනිසෙකුටද යමක් දැනෙන්නේ සංඥාවක් මගිනි. ජීව ලෝකයේ සංඥා විවිධාකාරය. සංඥාවන් නිසා මිනිසාට උත්තේජනයක් ලැබේ. උත්තේජනය යනු යම් මතක් කර දීමක්, තොරතුරක් ලබා දීමක්, අලුත් කිරීමක්, ඉදිරිපත් කිරීමක් ආදී ලෙස පැහැදිලි කළ හැකිය. යම් සංඥාවකින් උත්තේජනයක් ලබන පුද්ගලයා තුළ සිදුවන්නේ විද්‍යුත් රසායනික ක්‍රියාවලිකි. සංඥාව මිනිසාගේ ඉන්ද්‍රීයකින් ඇතුල් වී ස්නායු ඔස්සේ මොළයට ගමන් කරයි. මොළය එම සංඥාව හඳුනාගත් පසු ඊට ප්‍රතිචාර දැක්වීමට පෙළඹේ. ප්‍රතිචාරය යනු උත්තේජනයකට දක්වන ප්‍රතික්ක්‍රියාවයි. එම ප්‍රතිචාරය සංඥාවක් ලෙස මොළයෙය් සිට ස්නායු ඔස්සේ යලි යම් ඉන්ද්‍රීයකට ලබා දේ. මිනිසාගේ ශරීරයය තුළ සිදුවන ක්‍රියාවලියේදී සංඥා ගමන් කරන්නේ විද්‍යුත් රසායනික ආවේග වශයෙනි. මිනිස් සිරුර අභ්‍යන්තරයේ සිදුවන උත්තේජන- ප්‍රතිචාර ක්‍රියාවලියය බාහිර හඳුනාගත හැක්කේ මිනිසාගේ හැසිරිම
තනි පුද්ගලයෙකු තමන්ගේ සිත සමඟ කතා කිරීමේදි මෙන්ම ඔහු ජනමාධ්‍ය ඔස්සේ අතිවිශාල පිරිසකට කතා කිරීමේදිද මෙම ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය මිනිසා තුළ සිදු වේ. කෙතරම් තාක්ෂණික මෙවලම් හෝ විද්‍යාත්මක විධික්‍රම භාවිත කළද, සන්නිවේදනයේ මුලික ස්වරූපය වෙනස් නොවේ. එම මුලික ස්වරූපය ඉහත පැහැදිලි කළ ආකාරයට ජීව විද්‍යාත්මක සංසිද්ධික් ලෙස ක්‍රියාත්මක වන නිසා සන්නිවේදනය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව පිළිගැනේ. මෙහිදි සිහිපත් කළ යුතු වැදගත් කරුණක් වන්නේ එකම උත්තේජනයකදි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ප්‍රතිචාර සමාන නොවිය හැකි බවයි. එයට හේතුව වන්නේ ජීව විද්‍යාත්මකව ඔවුන් අතර පවතින වෙනස්කමකට වඩා ඔවුන්ගේ රුචි අරුචිකම්, ආකල්ප, දැනුම, අත්දැකිම්, ජීවත් වන සමාජ පසු තලය ආදියේ පවතින විවිධත්වයයි.
■ සන්නිවේදනය යනු ජිවියෙකු විසින් යම් කිසි උත්තේජනයකට දක්වන ප්‍රතිචාරයක් බව ස්ටීවන්ස් නමැති විද්වතා පවසයි.
■ සංකේතවත් තොරතුරු ආශ්‍රිත උත්තේජනවත් කරුණු හුවමාරුව සන්නිවේදන ක්‍රියාදාමයේ ලක්ෂණය බව ඬේවිඞ් කේබර්ලෝ පෙන්වා දෙයි.
No comments:
Post a Comment