Tuesday, July 24, 2018

ඇත්ත මුද්‍රණාලය ගිනි තැබූ වගයි.

සිරිලාල් කොඩිකාර මේ සිද්ධිය තමන්ගේ පොතක මෙන්න මෙහෙම සටහන් කරලා තිබුණා


“ ඇත්ත පත්තර මුද්‍රණාලයට ත්‍රස්ත්‍රයන් පෙට්‍රල් වත් කර බෝම්බ ගසා ගිනි අවුලුවා රාත්‍රියෙහි මා එහි නොසිටිය ද මා දෑසින් දුටු තරමට වාගේ දැන් සතිය පත්තරය බෙදා හැරීම් අංශයේ සේවයේ නිරත රණවීර මිතුරා මැතකදී මුණගැහුනු විට මැවී පෙණිනි. එච්. එම්. රණවීරය. ඒ කාලයේ ඔහු ඇත්ත පත්‍රයේ බෙදාහැරීමේ අංශයේ ය. රණවීර තරුණයා ඒ අවස්ථාවේ අපි ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියාගෙන  ආ ත්‍රස්ත්‍රයන්ගේ තර්ජනනයට භාජනය වී පිලිස්සීම් තුවාළ ද ලැබුවෙනි. ගිනිතැබීම් පිළිබඳව වු නඩුවේ සාක්කි කරුවෙක් ද විය.
සිද්ධිය වූයේ උතුරේ සන්නද්ධ දෙමළ කල්ලි නිරායුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව යාපනයට පැමිණි අලුතය. ඒ කාලයේ දි සිද්ධිය මගේ සිතේ සිත්තම් වූයේ රණවීරගේ විස්තරයෙනි. මෑතක දි මුණගැසුනු විට අපි ඒ මතකය අලුත් කර ගනිමු. මා ඇතුලු ඇත්ත කතෘ මාණ්ඩලික වැඩි දෙනා ඒ වනවිට  සේවය තබා නිවෙස්වලට අවුත්ය. රාත්‍රී කර්තෘ මණ්ඩල සේවයේ නිරත වු සුනිල් ද සිල්වා සහෝදරයා සේවය අවසන් කර යාමට සූදානම්ව සිටින බව රණවීරට මතකයි.
සිද්ධියට මුලින් ම කෙළින් ම මුහුණපෑවේ ඒ වෙලේ මුද්‍රණ අංශයේ සිටින රණවීර තරුණයාත්, ධර්මදාස සහෝදරයාත් යැයි හැඳින්වුනු වසන්ත පුද්ගලයාත් ය. ත්‍රස්ත කණ්ඩායම කඩාවැදුනු ගමන් ම එහි නායකයා තප්පර ගණනාවක් තුළ කඩි මුඩියේ කියූ වචන වලින් ප්‍රකාශ වූයේ ඇත්ත පත්තරය දේශද්‍රෝහී ව්‍යාපාරයක් සිංහල ජාතියට ද්‍රෝහී ව්‍යාපාරයක නිරතව සිටින බවකි. දේශද්‍රෝහී වන්නේ විදේශීය හමුදාවක් වන ඉන්දීය හමුදාව මෙරටට ගෙන්වීමේ ගිවිසුමට පක්ෂ වීමෙනි. එයින් එහි යුද්ධයේ නිරත රජයේ හමුදාව උතුරෙන් මෙරටට කැදවාගන්නට අවස්ථාව සලසාගෙන ජනතා විමුක්ති පෙරමුණේ සිංහල කොල්ලන් මරවන්නට ආණ්ඩුව මග පාදාගෙන ඇත. ඇත්ත පත්තරය ඒ අනුමත කිරීම සිංහල ජාතියට ඊට පිළිතුරු “ඇත්ත” පත්තරයේ සුළඟ වැදුනු අයගෙන් දිවට නැගෙන තරම්ය. ඉන්දීය හමුදාව කාර්යයන් ඉටු කිරීමට මිස මේ රටේ භූමි භායක් අත්කර ගැනීමට නොආ බවත් බංගලාදේශයේ කාර්යයන් ඉටු කිරීමට යැවූ ඉන්දීය හමුදාව ඒ කාර්යයෙන් පසු ආපසු ගෙන්වා ගනු ලැබූ බවත් පැහැදිලිව පෙණිනි. ජනතා විමුක්ති පෙරමුණ තරුණයන් ඝාතනය කරවීමේ චේතනාවක් “ඇත්ත” පත්තරයෙන් කිසිදාක ප්‍රකාශ වී තිබුණේ නැත. 1970 දශකය ආසන්න කාලයේ සිට “ඇත්ත” පත්තරය ජනතා විමුක්ති පෙරමුණ ව්‍යපාරයට විරුද්ධ වූයේ එය නියම විප්ලවයට බාධාකාරී වන අති ධාවනකාරී දේශපාලනයන් ය යන ස්ථාවරයෙහි සිටය. මතවාදී වශයෙන් ඔවුන් එයින් මුදවා ගැනීම “ඇත්ත” ප්‍රයත්නය විය. 1980 දශකය වු විට එක්සත් ජාතික පෙරමුණ ජාතිවාදය ද අවියක් කරගෙන ඇති බව පමණක් නොව. කුලවාදය පවා උපයෝගී කර ගන්නා බවත් පෙණුනේ ඇත්ත පත්තරයේ විරුද්ධත්වය ඒ අනුවද හැඩ ගැසිණි. “ඇත්ත”කර්තෘ මණ්ඩලික නොවූව ද රණවීරටත් ඒ දැනීම තිබිණි. ධර්මදාස සහෝදරයා එය පැහැදිලි කරන්නට පුලුවන් දැනුමක සිටියේය. එහෙත් ත්‍රස්ත කණ්ඩායම පැමිණ සිටියේ එවැනි දැනුම්වලට සවන් දෙමින් සංවාදයක යෙදෙන්නට සූදානම්ව නොවන  බවත් රණවීරලාට තේරුම් ගත හැකි විය. ත්‍රස්ත නායකයෝ ඔවුන්ගේ ප්‍රකාශනපත් කීපයකට කියා දැමූ තැනින් ඔවුහූ මුද්‍රණ යන්ත්‍රවලට පෙට්‍රල් වත් කොට එළියට පැන ඒ මුද්‍රණ යන්ත්‍රවලට බෝම්බ එල්ල කලහ. ඒ වන විට රණවීරලා ද එළියට පැනගෙන ය. සියල්ල කෙරුනේ මිනිත්තු කිහිපයක් තුළය.
ඔවුන්ගේ කඩිමුඩිය කෙතරම් ද කිවහොත් වටිනා අලුත් ම මුද්‍රණ යන්ත්‍රය ඔවුන්ගෙන්  මගහැරී ඉතිරි විය. සෙසු යන්තත්‍රවලට වන හානිය අවම කිරීම සඳහා රණවීරලා ගිණි නිවීමෙහි නිරත වූහ. රණවීර පිළිස්සීම් තුවාල ලැබුවේ ප්‍රයත්නයේ යෙදීය.
ත්‍රස්තයන් ඇත්ත ගොඩනැගිල්ල පිහිටි වන්තට පිටුපසින් පැනයාමේ දී එතැන වත්තේ බල්ලන් කුලප්පු වූහ. බල්ලන්ස සපා කෑමෙන් එක් ත්‍රස්තයකුට ඔත්පලවන තරමට තුවාල සිදුවිය. ඔහු ඒ සලකුණෙන් සැකකරුවකු වූ අතර ඒ අනුව තව අය ගැන ද දැනගෙන නඩු පවරන්නට මඟ පෑදිනි. පවරන්නන් වාලේ නඩුවකින් නඩුවක් පොළිසිය මඟින් පැවරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලට විරුද්ධව පොලීසිය හැමවිට ම හැබෑවට මෙහෙයවන අවධියක් නොවීමෙනි.

No comments:

Post a Comment