Thursday, August 2, 2018
අම්මා
අම්මා
පුර සඳන වී එළිය විදුලන
ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන
හිත සනාලන පින්බරම රුව
නුඹයි මගෙ අම්මේ..
ඉපිද මියයන තුරුම තුන් ලොව
මා පැතුව සෙනෙහසේ ගුනකඳ
නුඹේ ගුන සුවදමයි
මගෙ අම්මේ..
නුඹේ ඇකයේ හිස හොවාගෙන
නිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ අම්මේ..
හිතට දිරි ගෙන හෙට සොයන්නට
අතිර ලොව තුල නොසැලි ඉන්නට
මගේ පසුපස එකම දිරියයි
ඒ නුඹයි අම්මේ..
ලොවක් එරෙහිව නැගී සිටියත්
පන දෙවනි වී මාව රැක ලූ
දෙව්ලොවින් බට දෙවඟනකි
නුඹ මගේ අම්මේ..
මගේ සිත් දෙවොලේ තබාගෙන
සදාකල්හිම නුඹව අදහන
නුඹේ සදාදර සුදු දෝණි
මමයි අම්මේ..
මගේ තනිකම.
මගේ තනිකම.....
තනි මකන්නට කවුරු නැතිව
තනිකමම විතරක් තනියට
ලග හිදින මේ නිශාවේ......
සිතේ තෙරපෙන සුසුම් පොදියම
හැර දමාලු කවුලු දොරින්
ඈත අනන්තයට පාවී ගිය සද.......
සුපිපි කුමුදු කුසුම් සුවදින් නැලවුන
සුමුදු සද මඩල පවා
ඉකිබිදින බව
දැනුනේද නුඹට.......
සත්තකින්ම කියන් මට
මගේම දයාබර වූ නුඹම
තව එකම එක බලාපොරොත්තුවක්
සිරකල මගේ බොලද හදවත
මේ රිදුම් හමුවේ අසරණව
තව කොතෙක් නම්
බලා ඉන්නද?.......
රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය
රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය
ඉන්දීය ඉතිහාසය තුළත් වර්තමානය තුළත් මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙකට අද්විතීය තැනක් හිsමිව ඇත. එය කොතෙක්‌ද යත් තනි පුද්ගලයකුගේ රචනා වූවත් නැතත් ඒවාට හිමි වටිනාකම අනුව ජාතියේම හවුල්වීමකින් සකස් කළා වැනිය.රාමායනය ලේඛනගත කළ යුගය පිළිබඳ බොහෝ මතවාද ඇත. නමුත් ක්‍රි.පු. 6 වන සියවස බුද්ධ කාලය වන විට සම්පූර්ණයෙන් නිමාවූ පාටලීපුත්‍ර නගරය ගැන හෝ සොළොස් මහා ජනපද ගැන හෝ සටහනක් වීරකාව්‍යවල නැත. එම නිසා පාටලීපුත්‍ර නගරය ඉදිකළ යුගයට පෙර රාමායනය ලියවී ඇති බව පිළිගනී. එසේම එහි ආරම්භය බ්‍රාහ්මණ ග්‍රන්ථවල යුගයට සීමා කළ හැක. මේ නිසා සැකයකින් තොරව බ්‍රාහ්මණ ග්‍රන්ථ ලියූ ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් අතර වීරකාව්‍ය දෙකම ලියවී ඇති බව සැලකෙයි.
මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙක ප්‍රබන්ධකර ඇත්තේ සෘග් වෛදික දේව පුරාණය පදනම් කරගෙන බවට ප්‍රබල මතයක් ඇත. එය සත්‍ය වුවහොත් එම වීරකතා ඉතිහාසය වටිනාකමට කුමක්‌වෙයිද? අර්ජුන සහ රාම වැනි සද්ධර්මය වෙනුවෙන් යුද වදින මහා වීරයන් සෘග් යුගයට ද අයත්ය. මේ පිළිබඳ ඇති විද්වත් මත කීපයක් මෙසේය. මහාභාරතයේ "අර්ජුන" රාමායණයේ රාම බැව් ආර්. සී. දත්ත ප්‍රකාශ කරයි. සෘග් වේදයේ මනු ද රාම ම බැව් ජැකොබ් පවසයි. (නුවණ, 1998 දෙසැම්බර් 1 වෙළුම 9 කලාපය, 248 පිටුව) ප්‍රාග් වෛදික යුගයේ ආගමික වශයෙන් බලපෑ අදහස් පසුකාලීනව වෙනත් මුහුණුවරකින් කාව්‍යාලංකාර ලෙස ඉදිරිපත් කිරීමෙන් වීරකාව්‍ය නිර්මාණය වූවාද යන්න සෙවිය යුතුය. මහා භාරතය පුරාණ ඉන්දීයන්ගේ කුඩා ජතකතාවකින් සකස් කරගත් බවට හොප්කින්ස්‌ගෙන්ද තවත් ප්‍රබල මතයකි. හොප්කින්ස්‌ගේ මේ මතය අනුව මහා භාරතයට මුල් වූයේ භාරතී කතා නම් කුඩා කතාවකි. (W. Hopmins great epic of india 397) මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දී ගෙනා ජනකතා වලින් මහා කාව්‍යය සකස් කළ බවට පැහැදිලි ඉඟියක් සපයයි. මහා භාරතයේ ඓතිහාසික අගය ප්‍රතික්‍ෂේප කරන බෂාම්, අමතරව අවධාරණය කර ඇත්තේ මහා භාරතයෙන් තමා ඉදිරිපත් කරන යුගයට වඩා බෙහෙවින් වෙනස් යුගයක තොරතුරු පවතින නිසා එය ඉතිහාසයට අදාළ කිරීම අසීරුව පවතින බවයි. මහාභාරතය තුළ රාමායන කතාව ඇතුළත්ව ඇති නිසා මහාභාරතය ලියූ පුද්ගලයන් රාමායනය දැන සිටින බව බෂාම් වැඩිදුරටත් පැහැදිලි කරයි. (අසිරිමත් ඉන්දියාව 517) ක්‍රි.පු. 1500 ට ආසන්න යුගයක ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දීම වීරකාව්‍ය දෙක දැනගෙන සිටියේද එසේ වනවානම් ලෝකය පුරා සිටින වෙනත් ආර්ය ජනතාවන්ටද මහාභාරතය සහ රාමායන වැනි වීරකාව්‍ය නැද්ද?
හෝමර් නමැති ශ්‍රික ජාතික කවියා ප්‍රබන්ධ කළ "ඉලියඩ්" සහ ඔඩිසි" යන වීර කාව්‍ය දෙකක් ඉංග්‍රීසියේ ඇත. ඉලියඩ් හා ඔඩිසි වීරකාව්‍ය දෙක "රාමායනය" සහ "මහා භාරතය" යන ඉන්දිය වීරකාව්‍යවලට කතා සාරය අතින් ඉතා සමානය. මෙම සමානකමට හේතුව කුමක්‌ද? මෙයට පිළිතුරු සොයාගැනීම තුළින් මුළු මහත් වීරකාව්‍යවලට පදනම සහ ඉතිහාසය වෙනතක යවන බව නිසැකවම කිව හැකිය.
ග්‍රීසීයේත් ඉන්දියාවේත්, අතරමැද පර්සියාවේත් ජනයා ශරීර ප්‍රමාණයෙන් හා බාහිර පෙනුමෙන් සමරූපීය. ඔවුන්ගේ භාෂාවේ මූලික වචන ද සමානය. මෙයට අමතරව සංස්‌කෘතිය, ග්‍රීක, ලතින්, ජර්මන්, ඉංග්‍රීසි, පර්සියන්, සිංහල ආදි භාෂා කතා කරන ජනයාගේ පුරාණ ඇදහිලි සහ ඥති සබදතා සහ සංස්‌කෘතික කටයුතුවලට මූලිකවූත් පදනම් වූත් බොහෝ මූල වචනවල වාග්විද්‍යාත්මක සමානකම්ද හෙළිවිය. මෙයට හේතුව, යුරෝපයේ සහ ආසියාවේ ග්‍රීක්, ලතින්, ජර්මන්, පර්සියා, සංස්‌කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් කිසියම් දුරාතීතයක එකම ප්‍රදේශයක එකම ගෝත්‍රයක් ලෙස ජීවත්වීමයි. යුරෝපයේ සහ ආසියාවේ ආර්යයන් යම් අවධියක එකම ප්‍රදේශයක වාසය කළේද එතැන "මාතෘ ආර්ය භූමිය" ලෙස හැඳින්විය. එය කැස්‌පියන් මුහුද අසල ප්‍රදේශයකි. පසුව එම ගෝත්‍රය දෙකට බෙදී යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වී ඇත. ආර්යයන් මුලින්ම (බෙදීයාමට පෙර) කතා කළ භාෂාව ප්‍රාග් ඉන්දු යුරෝපීය භාෂාව" (Photo Indo - European Langugde) ලෙස හඳුන්වයි මේ ඇසුරින් ප්‍රාග් ඉංදු- යුරෝපීය භාෂාව සංවර්ධනය වී ලතින්, ජර්මාන්, පර්සියා, ග්‍රීක් සහ සංස්‌කෘතික භාෂා ඇති විය. මෙලෙස භාෂාවේ මෙන්ම නූතන ඉංදු යුරෝපීය ආර්යයන් බෙදීයැමට පෙර පොදුවේ භාවිත කළ වීරකාව්‍ය සාහිත්‍යය තිබුණේද? තිබුණේ නම් එය "ප්‍රාග් ඉන්දු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ග්‍රීක ආර්යයන් (ඉලියඩ් සහ ඔඩිසි) ග්‍රීසියේදීත් ඉන්දු ආර්යයන් (රාමායනය සහ මහා භාරතය) ඉන්දියාවේදීත් රචනා කර වීරකාව්‍ය සාහිත්‍යයක් ගොඩනැගුවේ ප්‍රාග් ඉංදු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක් ඇසුරින් බව සිතීමට ප්‍රමාණවත් සාධක සහ සමානතා මෙම වීරකාව්‍ය යුගල දෙකේ තිබේද? යම් ලෙසකින් එය සනාත වුවහොත් වීරකාව්‍ය යුගල දෙකටම පදනම් වූ සත්‍ය ඉතිහාස සිදුවීමක් තිබුණත් ඒවා අදාළ වන්නේ කැස්‌පියන් මුහුqදු අසල ප්‍රදේශයකටයි. ඒ අනුව රාමායනයේ සහ මහාභාරතයේ සිදුවීම සහ චරිත කිසිසේත් ඉංදිය භූගෝලීය සීමාවට අයත් නැත. එම වීරකාව්‍ය සාහිත්‍යයේ සිදුවීම් සහ චරිත ඉන්දියාවට සැතපුම් දහස් ගණනක් ඈත කැස්‌පියන් මුහුද අවට භූගෝලීය සීමාවට අයත් විය යුතුය. මේ සඳහා වීරකාව්‍ය යුගල දෙක සමානද යන්න තුලනාත්මකව විග්‍රහ කර බලමු.
ග්‍රිSක මහා කවි හෝමර්ගේ ඉලියඩ් වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.
ස්‌පාර්ටාවේ මෙනෙල්අස් කුමරුගේ ආගන්තුකයෙකු ලෙස, ට්‍රොaයි පුරයේ ප්‍රියම් අග රජුගේ පුත් පැරිස් පැමිණෙයි. නමුත් මෙනෙලෙස්‌ට හදිසි මුහුදු ගමනක් යැමට සිදුවෙයි. අතරතුරදී පැරිස් කුමරා හෙලන් කුමරිය පැහැරගෙන ට්‍රොaයිවලට යාත්‍රා කරයි. හෙලන් යනු මෙනෙලෙස්‌ගේ බිරිඳයි. ආපසු පැමිණි මෙනෙලෙස් කුමරා හෙලන් ආපසු ලබා ගැනීමට යුද්ධ කරයි. මෙනෙලෙස්‌ගේ ග්‍රීක පාර්ශ්වය මෙහෙයවන්නේ මෙනෙලෙස්‌ගේ සොයුරු ඇගමෙම්නොන්ය මුළු ග්‍රීසියේම මිතුරන් වූ අසල්වැසි රටවල් විශාල ගණනාවක ඒකාබද්ධ හමුදාවක් ග්‍රීකයන් එකතුකර ගනී. එහි නායකත්වය සත්කීර්තිමතෙකු වූ යුලීසස් ය. මහාවීරයෙකු වූ ඇවිලිස් යෝධ බලැති ඇජැක්‌ස් දෛවෝපගත දීයෝමෙඩීස් ඥණවෘද්ධ නෙස්‌ටල් යන ප්‍රධානීන් පස් දෙනාය.
පැරිස්‌ගේ ට්‍රොaයි පාර්ශ්වයට හෙක්‌ටර් නමැති ප්‍රියම් රජුගේ පුත්‍රයකු නායකත්වය දෙයි. මෙම මහා සෙනගට ට්‍රොaයි අවට සුවිශාල රාජධානි ගණනාවක්‌ම ආධාර සේනා එවයි. දෙවියෝද දෙපැත්තෙන් එක් පැත්තක් ගනී. යුද්ධය දේවයා ට්‍රොaයි පාර්ශ්වයටද සමුද්‍ර දේවයා යවන පාර්ශ්වයටද උපකාර කරයි. වසර ගණනක් යුද්ධය ඇදීයයි. පරම අහිංසක පූජකයෙකු වූ ක්‍රයිසියිගේ දුවට ග්‍රීක පාර්ශ්වයේ ඇගමෙම්තෙන්ගෙන් අසාධාරණයක් වෙයි. මේ නිසා මහා රණ ශූර ඇචිලිස් ඔහු සමග මත ගැටුමකින් ග්‍රිSක පිරිස හැරයයි. නමවන වසර අවසානයේ දී පැරිස් හා මෙනලෙස් අතර ද්වන්ධව සටනකි. ජයග්‍රාහකයාට හෙලන් අයිතිවිය යුතු බව සටනේ කොන්දේසියයි. සටනින් පැරිස් පරාජය වෙයි. නමුත් ගිවිසුම කඩ කරයි. යළිත් දෙපක්‌ෂය යුදවදී ග්‍රීකයන් බලවත් පරාජයකට ළඟාවෙයි. ග්‍රීක පාක්‌ෂික දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් ඇවිලිස් ආපසු සටහන එකතු වෙයි. දහඅට වසරක් අවසානයේදී ට්‍රොaයි පාර්ශ්වයේ මහ සෙන්පති වූ හෙක්‌ටර්, ආචිලීස් අතින් මිය යයි. ග්‍රීකයන් ජයගත් බැවින් හෙලන් කුමරිය මෙනෙලෙස් කුමරාට ආපසු බාර දෙයි. නැව්වලින් ජයග්‍රාහක පිරවර ආපසු ග්‍රීසියට ළඟා වෙයි.
ඉලියඩ් කාව්‍යයේ සහ මහාභාරතයේ සමානතා
මහාභාරතය තුළ රාමායණය ඇති සේම ඉලියඩ් කතාව තුළ ඔඩිසි කතාව දැකිය හැකිය. මහාභාරතයේ ප්‍රධාන වීරයන් පස්‌දෙනෙකි. ඔවුන් වන්නේ යුධීස්‌වර අර්ජුන, නකුල, සහ හීම, දේව යන පස්‌දෙනයි. ඉලියඩ්හි වීරයන් වන්නේ යුලීසස්, ඇජැක්‌ස්, නෙස්‌ටර්, ඩියෝමෙඩෙස්, ඇචිලීස් යන අය ගේ නම් පවා යුගල වශයෙන් ගත් කළ මහා භාරතවීරයන්ට සමාන වේ. මහා භාරතයේ දෞපදී කුමරිය මෙන්ම හෙලන් කුමරිය ද පිටුවහල්ව සටනකට මැදිවී කල් ගත කරයි. දෞපදී කුමරිය සහෝදරයන් සියලු දෙනාම බලාපොරොත්තු වීම නිසා සොහොයුරන් අතර සටනක් ඇතිවීම වැළැක්‌වීම සඳහා ඔවුන් සියල්ලන්ටම පොදු භාර්යාව විය. මෙලෙස ඉලියඩ්හි Agememnon හා Achiles වීරයන් එකම යුවතියක් නිසා අරගලයක් කරයි. අර්ජුන ඇතුළු පිරිස වසර 13 ක් පිටුවහල්ව සිට ඊළඟ වසරේ රාජ්‍යය දීමට දුර්යෝධන පොරොන්දු වී එම පොරොන්දුව කඩ කිරීම නිසා මහා සටනක් ඇති වෙයි. ඉලියඩ් හිද පැරිස් හා මෙනෙල්ස් අතර ද්වන්ධව සටනෙන් ගැටලුව විසඳුවද පැරීස්‌ගේ පාර්ශ්වය ගිවිසුම කඩකර මහා සටහන් පටන් ගනී. මහා භාරතයේද, ඉලියඩ්කාව්‍යයේද ජයග්‍රාහක වූ වීරයන් පස්‌දෙනාගේ පාර්ශ්වය සමාන වේ. ඔඩිසිහි දේව වර්ගයා (Corons) කොරොන්ස් පුත්‍ර ලෙස හැඳින්වීම හා මහා භාරතයේ කුරු වංශය අතර ද විශාල සමානකමකි.
හෝමර්ගේ ඔඩිසි (වීර චාරිකාව) වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.
මෙය ඉලියඩ් කාව්‍යයටම බද්ධ වූවකි. ට්‍රොaයි සටහන ඉතාකා දේශයෙන් පැමිණි ඔඩිසියස් නම් වීරයා ආපසු යද්දී කැලිප්සෝ නම් මුහුqදු කින්නරාවියක විසින් දූපතක සිරකර ගනී. ඔඩිසියස් ගේ පෙන්ලොප් (ඡැබැකදචැ) නම් රූපසුන්දරියක වූ බිරිඳ පරම පතිවෘතාවයෙන් ඔඩිසියස් එනතුරු වසර ගණනාවක් බලාහිඳියි. ග්‍රීක පිරිස ඔහුගේ (ඔඩිසියස්) සිරගත කිරීම නොදනී. එකැස් යක්‌ෂයන්ගේ දූපතකදී පොලිප්හෙමිස් නම් නායකයාගේ එකම ඇස ඔඩිසියස් අන්ධ කිරීම නිසා මේ සිරගත කිරීමට ඔවුන්ට පක්‌ෂ දෙවිවරු ද උපකාර කරයි.
දේව සභාව රැස්‌වී කාලිප්සියෝට පණිවිඩයක් යවමින් ඔවිසියස් නිදහස් කරන ලෙස ඉල්ලයි. පණිවිඩකරු හාමර් ඔහු පණිවිඩය ගෙන යන්නේ කඳු පර්වත දෙදරවා අහසට පැන අහසේ යන අතරතුරදී විශාල සිරුරු සහිත යක්‌ෂණියක් බාධා කරයි. හාමර් ඔවුන් විනාශ කර කාලිප්සියෝට පණිවිඩය කයයි. නිදහස ලැබූ ඔඩිසියස් අතර මැද ෆිනිසියන් රජවරු හා නොයෙක් දෙවිවරුන්ගේ උපකාර ලබමින් සිය රටට එයි. මේ අතරතුර පවතින රකින ඔහුගේ දේවිය වසර ගණනාවක් පුරා සරණාපේක්‍ෂක අසල්වැසි කුමරුන්ගෙන් පීඩා විඳී. තෙලිමැවස් නම් ඇගේ පුත්‍රයා ඔවුන්ට විරුද්ධව කටයුතු කර පෙන්ලොප් රැකගනියි.
ඔඩියස්‌ට උපකාර කරන දෙවිවරු කොරොනොස් පුත්‍රයන් ලෙසින් හඳුන්වයි. මහ දෙවිගේ උපකාරයෙන් ඔඩිසි වෙස්‌වලාගෙන තම රාජධානියට ඇතුල් වෙයි. මේ අතරතුරදී සරණාපේක්‌ෂක අනතන්යුස්, යුරිමාවස් වැන්නවුන් ස්‌වයං වරයකින් ඔවුන් අතරින් කෙනෙකු තෝරා ගැනීමට බල කරයි. අවසානයේදී ඔඩිසියස්‌ගේ පුත්‍ර තෙලිමාවස් තරුණයා වෙස්‌මාරු කරවාගෙන ඔඩිසියස්‌ද ස්‌වයංවර පැවැත්වෙන තැනට ගෙන එයි. මෙම සරණපේක්‌ෂක තරුණයන්ගෙන් ගැලවීමට සිතු පැතිලෝපා ලෝකයේ කිසිදු රණශූරයකුට විදිය නොහැකි දුන්නක් පෙන්වා එයින් විදින තැනැත්තා සමග විවාහ වන බව කියයි. තරුණයන් මෙයට අසමර්ථ වනමුත් මහල්ලකුගේ වේශයෙන් සිටි ඔඩිසියස් දුන්නෙන් විදී. එයින් විදිය හැක්‌කෙ ඔහුට පමණි. තරුණයන් මරා දමා ඔඩිසියස් කුමරිය හා රාජ්‍යය අත්පත් කරගනී.
ඉලියඩ් කාව්‍යයේ සහ රාමායනයේ සමානතා
රාමායනයේ සීතා පැහැර ගැනීම හා ඉලියඩ් කාව්‍යයේ හෙලන් පැහැර ගැනීම සමානය. රාමායනයේ සීතාගේ අති පිවිතුරු පතිවෘතාවය හා ඔඩිසිකාව්‍යයේ පැනිපෙලෝප්ගේ පතිවෘතාවය එකසේ සමානය. රාමගෙන් යක්‌ෂ ගෝත්‍රිකයන්ට අසාධාරණයක් වීම නිසා සීතා සිර කිරීම හා ඔඩිසියස් එකැස් යකුන්ට අසාධාරණයක් කිරීම නිසා දූපතක සිරකිරීම සමාන වේ. අහසින් ගොස් දූපතකට පණිවිඩ ගෙනගිය හනුමාගේ ගමන් විස්‌තරය හා දූපතකට පණිවිඩය ගෙන යන ඔඩිසි කාව්‍යයේ හාමගේ ගමන් විස්‌තරය හා නම් දෙක පවා සමානය. මීට අමතරව දරුවකු සමග පැනිලොපාගේ පතිභක්‌තිය හා ඔඩිසියස් ගේ අප්‍රමාණ දුක් කරදර විඳිමින් බිසව සොයා ඒම මහාභාරතයේ අතුරු කතාවක් වූ නල දමයන්ති කතාවේ නල කුමරාගේ ගමනට සහ දමයන්තිය ගේ ඉරණමට සමානය.
සීතාගේ පතිවෘතාව වෙනුවෙන් සටන් කරන විභීෂණ හා ඔඩිසියස් හි ඔඩිසිගේ පුත්‍ර තිලිමාවස්‌ගේ කාර්ය සපුරා සමානය. සීතා සොයා මුහුදු ගමනකින් එන රාම හා පැතිලෝපා සොයා එන ඔඩිසිගේ ගමන සමානය. එනම් ස්‌ව පක්‌ෂයේ සේනාවක සහාය නැත. දෙවිවරු හා අදෘෂ්‍යමාන බලවේගවල බාධා හා උපකාර ඇත. එසේම රාමායනයේ රාම සේද, ඔඩිසියස් ද ස්‌යංවරයකදී තම බිරිඳ දිනාගනි. මෙම ස්‌යංවරයේ මහා දනුද්ධර යුධයකදී අසාමාන්‍ය දුන්නකින් රාම මෙන්ම ඔඩිසියස්‌ද විදියි. රාමායනයේදී රාමාද ඔඩිසියස් ද තම බිරිඳ අවසානයේදී දිනාගනී. වීරකාව්‍ය යුගල දෙකේම යුරෝපීය සහ ඉන්දු වෙනස පුද්ගල නාම කීපයක් සහ භූගෝලීය විස්‌තරවල පමණි. කතා සාරය එකක්‌මය. එක කතාවක් ප්‍රධාන කතාවක දෙවන කොටසකි. මේ කතා දෙකටම පොදු වූ කුඩා මුල් වීරකතා දෙකක් තිබෙන්නට ඇත. මූලික සමානකම් අනුව එම (Photo Indo - European epies) දෙකෙන් ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක් ප්‍රතිනිර්මාණය කළ හැකිය.
1. ස්‌වකීය උරුමයන් නොලැබීම මුල් කරගත් වීරයන් පස්‌දෙනකු උරුමය ලබාගැනීමට එකාබද්ධ හමුදාවක් මෙහෙයවයි. ප්‍රතිපක්‌ෂයද පුළුල් ඒකාබද්ධ හමුදාවක් මෙහෙවයි. මෙලෙස එකම ගෝත්‍රය යටතේ රාජධානි ගණනාවක් මහා යුද්ධයක් කරයි. දේව උපකාර ලබන යුක්‌තිය වෙනුවෙන් සටන් වදින වීරයන් පස් දෙනාත් ඔවුන්ට සම්බන්ධ කාන්තාවත් අවසානයේදී ජයගනී. සෘග්වේදයේ පුරු- භරත ගෝත්‍ර දෙක අතර සටන මෙනි. එම සටන පසුකාලයේදී මහාභාරතය ලෙස ප්‍රසාරණය කර ඇති බව පෙනෙයි.
2. යුක්‌තිධර්මය ශක්‌තිය කරගත් වීරයෙකු විසින් ධනුද්ධර යුද්ධයක් සහිත ස්‌යංවරයකදී රූප සුන්දරියක් දිනා ගනී. පරම පිරිසිදු පතිවත රකින ඇය සැමියා කළ වරදකට පළිගැනීමක් සඳහා පැහැර ගනී. දෙවිවරුන් ඔහුට උපකාර කරයි. සැමියා ඇය සොයා අති දුෂ්කර ගමනක් එයි. අහසින් ගමන් කරන පණිවිඩකරුවන්, දෙවිවරුන්, යක්‌ෂයන් කුමරිය බේරා ගැනීමට යන ගමනට සම්බන්ධ වෙති. පතිවත රකින ස්‌ත්‍රිය වීරයා විසින් බේරාගෙන තම රටට ගෙනයයි. මොහු (රූප සුන්දරියගේ සැමියා) යුක්‌ති ධර්මයේ දෙවියා හා සමාන ධර්ම නීතිය වෙනුවෙන් දඬුවම් කරන්නෙකි.
අදට වසර හාරදහස් පන්සීයට පෙර නූතන ඉන්දියානුවන් සහ ගී්‍රක ජාතිකයන් ගේ මුතුන් මිත්තන් ද පර්සියානුවන් සහ ජර්මන් මුතුන් මිත්තන් ද එකම ප්‍රදේශයක, එක ගෝත්‍රයක් ලෙස ජීවත් විය. ඔවුනොවුන්ගේ භාෂාවලත් ආගම්වලත් ජනකතාවලත් මේ සමානකමේ සෙවනැල්ල වැටී ඇත. මෙලෙස එක ගෝත්‍රයක් ලෙස වාසය කළ ප්‍රදේශය (මාතෘආර්ය භූමිය) නැතහොත් දකුණු කැස්‌පීයන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශකදීය.
මහා භාරතය හා ඉලියඩ් යුගලයත් රාමායනය හා ඔඩිසි යුගලයත් එකම ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක් පදනම්ව ප්‍රබන්ධකර ඇති බව පෙනෙයි. ඉන්දු ආර්යෝ මෙය ඉන්දියාවට අදාළව නොයෙක් වෙනස්‌කම් කළහ. එහිදී ඉන්දිය භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත. ග්‍රීකයන්ද සමකාලීන ග්‍රීක භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත.
ආගමික සංස්‌කෘතික වචන භාවිතයේදී ඉන්දු යුරෝපීය ආර්යයන් දක්‌වන සමාන්තර ව්‍යවහාරයන් ඔවුන්ගේ දේව පුරාණයටද සමානය. ඉලියඩ්, ඔඩිසි සහ මහා භාරතයේ - රාමායනය සමාන වූයේ ඒවාට මුල්වූ ප්‍රාග් ඉංදු, යුරෝපීය වීරකතා දෙකක් පදනම් කරගෙනය. ඒවා පිළියෙල කර ඇත්තේ මාතෘආර්ය භූමිය තුළදීය. නැතහොත් දකුණු කැස්‌පියන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශයකදීය. එම ප්‍රදේශවලින් දකුණට ගමන් කළ ආර්යයන් දෙකට බෙදී ඉංදියාවට හා ග්‍රීසියට පැමිණ වසර දහස් ගණනක් ප්‍රාග් ඉංදු යුරෝපීය ජනතකා පවත්වාගෙන විත් ඇත. ඉංන්දියාවේ දී හා ග්‍රීසියේදී ඒවාට අමතර කරුණු එකතුකර මහාකාව්‍ය ලෙස ප්‍රසාරණ කර ඇත. මේ නිසා මතුපිටින් අසමානකම් ඇති වුවද කතාසාරය අතින් ඉංදු ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකම ඉදුරා එක සමානය. ඉලියඩ් හි ට්‍රොaයි පුරය සේම, මහා භාරතයේ හස්‌තිනා පුරය ලෙස නගර දෙකක් පවා හඳුනාගෙන ඇත. එහෙත් ඒවා වීරකාව්‍ය යුගල දෙකට ඉංදිය අගයක් හෝ ග්‍රීක අගයක් ලබාදීමට අදාළ රටවල භූගෝලීය විස්‌තර ආදේශ කිරීමකි. නැතිව, එකී සටන්වලට ඇත්ත වශයෙන් සම්බන්ධ නගර විය නොහැක. ඊට හේතුව වීරකාව්‍ය දෙකට පදනම් වූ කතාව ඉන්දියාවේදී හා ග්‍රීසියේදී සිදුවී නැති නිසාය. මේ නිසා රාමායනයට අදාළ භූගෝලීය විස්‌තර සොයා ගැනීම කතාවේ ඓතිහාසික බව සනාත නොවීමකි. එයට අදාළ කතාවල යම් සත්‍ය තාවක් තිබුණේ වූ නමුදු ඒවා කැස්‌පියන් මුහුද අසල පිහිටි මාතෘආර්ය භූමියට අදාළ වෙයි. මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුල් වෙත්දීම වීරකාව්‍ය දෙක භාවිත කර ඇත.
ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකේ නැති එහෙත් ඉන්දීය වීරකාව්‍ය දෙකේ ඇති සුවිශේෂ ලක්‌ෂණය වන්නේ ගුවනින් ගමන් කරන යානා පිළිබඳ ඇති විස්‌තරයි. මේ කොටස ඉන්දිය වීරකාව්‍ය දෙකට ඇතුල් වයේ කැප්පියන් ප්‍රදේශයත්, ඉන්දියාවත් අතර පිහිටි පර්සියාවේ සුමේරියානු ශිෂ්ටාචාරයේ බලපෑම නිසාය. ඉන්දිය වීරකාව්‍ය දෙකටම වඩා වසර සියගණනක් පැරණි ගුවනින් ගමන් පිළිබඳ විස්‌තර හා කැටයම් ඵලක ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරයේය. සුමේරියාව පසුකර ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාව හා ලංකාව අතර රාමායනයේ ඇති. රාම රාවණා සටනක් ඉතිහාසයේ මොනම යුගයකවත් සිදුව නැති බව මෙයින් පැහැදිලිය. මේ අනුව කතාවේ රාවණා රාම හා ඔවුන්ගේ ඥතීන් කිසිවකු හෝ ඓතිහාසික චරිත නොවේ. රාවණා ලංකාවේ සිටි පාලකයෙකු විය නොහැක. මොහු තෙදවත් රජකෙනෙකු ලෙස සකස් කර ඇත්තේ හුදෙක් රාමගේ පූජනීය අගය වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙසය. රාමායණයෙන් ලංකා ඉතිහාසය ගොඩනැගීමට තැත්කිරීම කෙසෙල් ගසක පතුරු ගලවා අරටුව සෙවීම වැනි නිස්‌සාර දෙයකි
අන්තර්ජාලය ඇසුරිනි
Tuesday, July 24, 2018
ඇත්ත මුද්‍රණාලය ගිනි තැබූ වගයි.
“ ඇත්ත පත්තර මුද්‍රණාලයට ත්‍රස්ත්‍රයන් පෙට්‍රල් වත් කර බෝම්බ ගසා ගිනි අවුලුවා රාත්‍රියෙහි මා එහි නොසිටිය ද මා දෑසින් දුටු තරමට වාගේ දැන් සතිය පත්තරය බෙදා හැරීම් අංශයේ සේවයේ නිරත රණවීර මිතුරා මැතකදී මුණගැහුනු විට මැවී පෙණිනි. එච්. එම්. රණවීරය. ඒ කාලයේ ඔහු ඇත්ත පත්‍රයේ බෙදාහැරීමේ අංශයේ ය. රණවීර තරුණයා ඒ අවස්ථාවේ අපි ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියාගෙන ආ ත්‍රස්ත්‍රයන්ගේ තර්ජනනයට භාජනය වී පිලිස්සීම් තුවාළ ද ලැබුවෙනි. ගිනිතැබීම් පිළිබඳව වු නඩුවේ සාක්කි කරුවෙක් ද විය.
සිද්ධිය වූයේ උතුරේ සන්නද්ධ දෙමළ කල්ලි නිරායුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව යාපනයට පැමිණි අලුතය. ඒ කාලයේ දි සිද්ධිය මගේ සිතේ සිත්තම් වූයේ රණවීරගේ විස්තරයෙනි. මෑතක දි මුණගැසුනු විට අපි ඒ මතකය අලුත් කර ගනිමු. මා ඇතුලු ඇත්ත කතෘ මාණ්ඩලික වැඩි දෙනා ඒ වනවිට සේවය තබා නිවෙස්වලට අවුත්ය. රාත්‍රී කර්තෘ මණ්ඩල සේවයේ නිරත වු සුනිල් ද සිල්වා සහෝදරයා සේවය අවසන් කර යාමට සූදානම්ව සිටින බව රණවීරට මතකයි.
සිද්ධියට මුලින් ම කෙළින් ම මුහුණපෑවේ ඒ වෙලේ මුද්‍රණ අංශයේ සිටින රණවීර තරුණයාත්, ධර්මදාස සහෝදරයාත් යැයි හැඳින්වුනු වසන්ත පුද්ගලයාත් ය. ත්‍රස්ත කණ්ඩායම කඩාවැදුනු ගමන් ම එහි නායකයා තප්පර ගණනාවක් තුළ කඩි මුඩියේ කියූ වචන වලින් ප්‍රකාශ වූයේ ඇත්ත පත්තරය දේශද්‍රෝහී ව්‍යාපාරයක් සිංහල ජාතියට ද්‍රෝහී ව්‍යාපාරයක නිරතව සිටින බවකි. දේශද්‍රෝහී වන්නේ විදේශීය හමුදාවක් වන ඉන්දීය හමුදාව මෙරටට ගෙන්වීමේ ගිවිසුමට පක්ෂ වීමෙනි. එයින් එහි යුද්ධයේ නිරත රජයේ හමුදාව උතුරෙන් මෙරටට කැදවාගන්නට අවස්ථාව සලසාගෙන ජනතා විමුක්ති පෙරමුණේ සිංහල කොල්ලන් මරවන්නට ආණ්ඩුව මග පාදාගෙන ඇත. ඇත්ත පත්තරය ඒ අනුමත කිරීම සිංහල ජාතියට ඊට පිළිතුරු “ඇත්ත” පත්තරයේ සුළඟ වැදුනු අයගෙන් දිවට නැගෙන තරම්ය. ඉන්දීය හමුදාව කාර්යයන් ඉටු කිරීමට මිස මේ රටේ භූමි භායක් අත්කර ගැනීමට නොආ බවත් බංගලාදේශයේ කාර්යයන් ඉටු කිරීමට යැවූ ඉන්දීය හමුදාව ඒ කාර්යයෙන් පසු ආපසු ගෙන්වා ගනු ලැබූ බවත් පැහැදිලිව පෙණිනි. ජනතා විමුක්ති පෙරමුණ තරුණයන් ඝාතනය කරවීමේ චේතනාවක් “ඇත්ත” පත්තරයෙන් කිසිදාක ප්‍රකාශ වී තිබුණේ නැත. 1970 දශකය ආසන්න කාලයේ සිට “ඇත්ත” පත්තරය ජනතා විමුක්ති පෙරමුණ ව්‍යපාරයට විරුද්ධ වූයේ එය නියම විප්ලවයට බාධාකාරී වන අති ධාවනකාරී දේශපාලනයන් ය යන ස්ථාවරයෙහි සිටය. මතවාදී වශයෙන් ඔවුන් එයින් මුදවා ගැනීම “ඇත්ත” ප්‍රයත්නය විය. 1980 දශකය වු විට එක්සත් ජාතික පෙරමුණ ජාතිවාදය ද අවියක් කරගෙන ඇති බව පමණක් නොව. කුලවාදය පවා උපයෝගී කර ගන්නා බවත් පෙණුනේ ඇත්ත පත්තරයේ විරුද්ධත්වය ඒ අනුවද හැඩ ගැසිණි. “ඇත්ත”කර්තෘ මණ්ඩලික නොවූව ද රණවීරටත් ඒ දැනීම තිබිණි. ධර්මදාස සහෝදරයා එය පැහැදිලි කරන්නට පුලුවන් දැනුමක සිටියේය. එහෙත් ත්‍රස්ත කණ්ඩායම පැමිණ සිටියේ එවැනි දැනුම්වලට සවන් දෙමින් සංවාදයක යෙදෙන්නට සූදානම්ව නොවන බවත් රණවීරලාට තේරුම් ගත හැකි විය. ත්‍රස්ත නායකයෝ ඔවුන්ගේ ප්‍රකාශනපත් කීපයකට කියා දැමූ තැනින් ඔවුහූ මුද්‍රණ යන්ත්‍රවලට පෙට්‍රල් වත් කොට එළියට පැන ඒ මුද්‍රණ යන්ත්‍රවලට බෝම්බ එල්ල කලහ. ඒ වන විට රණවීරලා ද එළියට පැනගෙන ය. සියල්ල කෙරුනේ මිනිත්තු කිහිපයක් තුළය.
ඔවුන්ගේ කඩිමුඩිය කෙතරම් ද කිවහොත් වටිනා අලුත් ම මුද්‍රණ යන්ත්‍රය ඔවුන්ගෙන් මගහැරී ඉතිරි විය. සෙසු යන්තත්‍රවලට වන හානිය අවම කිරීම සඳහා රණවීරලා ගිණි නිවීමෙහි නිරත වූහ. රණවීර පිළිස්සීම් තුවාල ලැබුවේ ප්‍රයත්නයේ යෙදීය.
ත්‍රස්තයන් ඇත්ත ගොඩනැගිල්ල පිහිටි වන්තට පිටුපසින් පැනයාමේ දී එතැන වත්තේ බල්ලන් කුලප්පු වූහ. බල්ලන්ස සපා කෑමෙන් එක් ත්‍රස්තයකුට ඔත්පලවන තරමට තුවාල සිදුවිය. ඔහු ඒ සලකුණෙන් සැකකරුවකු වූ අතර ඒ අනුව තව අය ගැන ද දැනගෙන නඩු පවරන්නට මඟ පෑදිනි. පවරන්නන් වාලේ නඩුවකින් නඩුවක් පොළිසිය මඟින් පැවරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලට විරුද්ධව පොලීසිය හැමවිට ම හැබෑවට මෙහෙයවන අවධියක් නොවීමෙනි.
සිරිලාල් කොඩිකාර මේ සිද්ධිය තමන්ගේ පොතක මෙන්න මෙහෙම සටහන් කරලා තිබුණා
“ ඇත්ත පත්තර මුද්‍රණාලයට ත්‍රස්ත්‍රයන් පෙට්‍රල් වත් කර බෝම්බ ගසා ගිනි අවුලුවා රාත්‍රියෙහි මා එහි නොසිටිය ද මා දෑසින් දුටු තරමට වාගේ දැන් සතිය පත්තරය බෙදා හැරීම් අංශයේ සේවයේ නිරත රණවීර මිතුරා මැතකදී මුණගැහුනු විට මැවී පෙණිනි. එච්. එම්. රණවීරය. ඒ කාලයේ ඔහු ඇත්ත පත්‍රයේ බෙදාහැරීමේ අංශයේ ය. රණවීර තරුණයා ඒ අවස්ථාවේ අපි ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියාගෙන ආ ත්‍රස්ත්‍රයන්ගේ තර්ජනනයට භාජනය වී පිලිස්සීම් තුවාළ ද ලැබුවෙනි. ගිනිතැබීම් පිළිබඳව වු නඩුවේ සාක්කි කරුවෙක් ද විය.
සිද්ධිය වූයේ උතුරේ සන්නද්ධ දෙමළ කල්ලි නිරායුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව යාපනයට පැමිණි අලුතය. ඒ කාලයේ දි සිද්ධිය මගේ සිතේ සිත්තම් වූයේ රණවීරගේ විස්තරයෙනි. මෑතක දි මුණගැසුනු විට අපි ඒ මතකය අලුත් කර ගනිමු. මා ඇතුලු ඇත්ත කතෘ මාණ්ඩලික වැඩි දෙනා ඒ වනවිට සේවය තබා නිවෙස්වලට අවුත්ය. රාත්‍රී කර්තෘ මණ්ඩල සේවයේ නිරත වු සුනිල් ද සිල්වා සහෝදරයා සේවය අවසන් කර යාමට සූදානම්ව සිටින බව රණවීරට මතකයි.
සිද්ධියට මුලින් ම කෙළින් ම මුහුණපෑවේ ඒ වෙලේ මුද්‍රණ අංශයේ සිටින රණවීර තරුණයාත්, ධර්මදාස සහෝදරයාත් යැයි හැඳින්වුනු වසන්ත පුද්ගලයාත් ය. ත්‍රස්ත කණ්ඩායම කඩාවැදුනු ගමන් ම එහි නායකයා තප්පර ගණනාවක් තුළ කඩි මුඩියේ කියූ වචන වලින් ප්‍රකාශ වූයේ ඇත්ත පත්තරය දේශද්‍රෝහී ව්‍යාපාරයක් සිංහල ජාතියට ද්‍රෝහී ව්‍යාපාරයක නිරතව සිටින බවකි. දේශද්‍රෝහී වන්නේ විදේශීය හමුදාවක් වන ඉන්දීය හමුදාව මෙරටට ගෙන්වීමේ ගිවිසුමට පක්ෂ වීමෙනි. එයින් එහි යුද්ධයේ නිරත රජයේ හමුදාව උතුරෙන් මෙරටට කැදවාගන්නට අවස්ථාව සලසාගෙන ජනතා විමුක්ති පෙරමුණේ සිංහල කොල්ලන් මරවන්නට ආණ්ඩුව මග පාදාගෙන ඇත. ඇත්ත පත්තරය ඒ අනුමත කිරීම සිංහල ජාතියට ඊට පිළිතුරු “ඇත්ත” පත්තරයේ සුළඟ වැදුනු අයගෙන් දිවට නැගෙන තරම්ය. ඉන්දීය හමුදාව කාර්යයන් ඉටු කිරීමට මිස මේ රටේ භූමි භායක් අත්කර ගැනීමට නොආ බවත් බංගලාදේශයේ කාර්යයන් ඉටු කිරීමට යැවූ ඉන්දීය හමුදාව ඒ කාර්යයෙන් පසු ආපසු ගෙන්වා ගනු ලැබූ බවත් පැහැදිලිව පෙණිනි. ජනතා විමුක්ති පෙරමුණ තරුණයන් ඝාතනය කරවීමේ චේතනාවක් “ඇත්ත” පත්තරයෙන් කිසිදාක ප්‍රකාශ වී තිබුණේ නැත. 1970 දශකය ආසන්න කාලයේ සිට “ඇත්ත” පත්තරය ජනතා විමුක්ති පෙරමුණ ව්‍යපාරයට විරුද්ධ වූයේ එය නියම විප්ලවයට බාධාකාරී වන අති ධාවනකාරී දේශපාලනයන් ය යන ස්ථාවරයෙහි සිටය. මතවාදී වශයෙන් ඔවුන් එයින් මුදවා ගැනීම “ඇත්ත” ප්‍රයත්නය විය. 1980 දශකය වු විට එක්සත් ජාතික පෙරමුණ ජාතිවාදය ද අවියක් කරගෙන ඇති බව පමණක් නොව. කුලවාදය පවා උපයෝගී කර ගන්නා බවත් පෙණුනේ ඇත්ත පත්තරයේ විරුද්ධත්වය ඒ අනුවද හැඩ ගැසිණි. “ඇත්ත”කර්තෘ මණ්ඩලික නොවූව ද රණවීරටත් ඒ දැනීම තිබිණි. ධර්මදාස සහෝදරයා එය පැහැදිලි කරන්නට පුලුවන් දැනුමක සිටියේය. එහෙත් ත්‍රස්ත කණ්ඩායම පැමිණ සිටියේ එවැනි දැනුම්වලට සවන් දෙමින් සංවාදයක යෙදෙන්නට සූදානම්ව නොවන බවත් රණවීරලාට තේරුම් ගත හැකි විය. ත්‍රස්ත නායකයෝ ඔවුන්ගේ ප්‍රකාශනපත් කීපයකට කියා දැමූ තැනින් ඔවුහූ මුද්‍රණ යන්ත්‍රවලට පෙට්‍රල් වත් කොට එළියට පැන ඒ මුද්‍රණ යන්ත්‍රවලට බෝම්බ එල්ල කලහ. ඒ වන විට රණවීරලා ද එළියට පැනගෙන ය. සියල්ල කෙරුනේ මිනිත්තු කිහිපයක් තුළය.
ඔවුන්ගේ කඩිමුඩිය කෙතරම් ද කිවහොත් වටිනා අලුත් ම මුද්‍රණ යන්ත්‍රය ඔවුන්ගෙන් මගහැරී ඉතිරි විය. සෙසු යන්තත්‍රවලට වන හානිය අවම කිරීම සඳහා රණවීරලා ගිණි නිවීමෙහි නිරත වූහ. රණවීර පිළිස්සීම් තුවාල ලැබුවේ ප්‍රයත්නයේ යෙදීය.
ත්‍රස්තයන් ඇත්ත ගොඩනැගිල්ල පිහිටි වන්තට පිටුපසින් පැනයාමේ දී එතැන වත්තේ බල්ලන් කුලප්පු වූහ. බල්ලන්ස සපා කෑමෙන් එක් ත්‍රස්තයකුට ඔත්පලවන තරමට තුවාල සිදුවිය. ඔහු ඒ සලකුණෙන් සැකකරුවකු වූ අතර ඒ අනුව තව අය ගැන ද දැනගෙන නඩු පවරන්නට මඟ පෑදිනි. පවරන්නන් වාලේ නඩුවකින් නඩුවක් පොළිසිය මඟින් පැවරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලට විරුද්ධව පොලීසිය හැමවිට ම හැබෑවට මෙහෙයවන අවධියක් නොවීමෙනි.
ඊශ්‍රායල මාධ්‍ය ආචාරධර්ම
ඊශ්‍රායලය මැද පෙරදිග මධ්යධරණී මුහුදේ ගිණිකොණ මුහුදු තීරයේ සහ රතු මුහුදේ උතුරු වෙරළ තීරයේ පිහිටි සුන්දර රටකි.උතුරට ලෙබනන් දේශසීමාව ද සිරියාව සහ ඊසාන දෙසින් ජෝර්දානය, නැගෙනහිර ජෝර්දානය, පලස්තීනය හා ගාසා තීරයේ පලස්තීන ප්රදේශවල නැගෙනහිර හා බටහිරට මායිම්ව පිහිටා ඇත. රටේ සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රදේශයක භූගෝලීයව විවිධාකාර ලක්ෂණ ඇත. ඊශ්‍රායලයහි ආර්ථික හා තාක්ෂණ මධ්යස්ථානය යනු ටෙල් අවිව් (ඔැක ්ඩසඩ) වේ. ඊශ්රායල රාජ්යයේ ස්වාධිපත්යය ජාත්යන්තරව පිළිගනු නොලැබුන ද ආන්ඩුවේ එහි ආසනය සහ ප්රකාශිත අගනුවර වන්නේ ජෙරුසලම ය. 1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්වාධීන අරාබි සහ යුදෙව් රාජ්යයන් නිර්මාණය කිරීම හා ජාත්යන්තරකරණය කළ ජෙරුසලම නිර්දේශ කිරීම සඳහා අනිවාර්ය පලස්තීනය සඳහා වූ පාර්ශ්වික සැලැස්ම සම්මත කරන ලදී. පලස්තීනයේ යුදෙව් නියෝජිතායතනය විසින් මෙම සැලැස්ම පිළිගෙන අරාබි නායකයින් විසින් ප්රතික්ෂේප කරනු ලැබීය. ඊළඟ අවුරුද්දේ, ඊශ්රායෙලය ලෙස හඳුන්වන යුදෙව් රාජ්යයක් පිහිටුවීම ගැන යුදෙව් නියෝජිතායතනය ප්රකාශ කලේය. ඊස්රායලය අසල්වැසි අරාබි රාජ්යයන් සමග යුද්ධ කිහිපයක් යුද්ධ කර ඇත. එය බටහිර ඉවුර, ගෝලාන් හයිට්ස් සහ ගාසා තීරයට ඇතුලුවී ඇති භූමි භාගය (2005 සිට පසුකාලීනව විසුරුවා හරින ලද). එහි නීති ගෝලාන් හයිට්ස් හා නැගෙනහිර ජෙරුසලමට අදාළ වේ. පලස්තීන ප්රදේශවල ඊස්රායලයේ කදවුරු බැදීම වර්තමාන කාලවල දී ලෝකයේ දීර්ඝතම මිලිටරි කදවුරු බැදීමයි. ඊශ්රායල-පලස්තීන ගැටුම විසඳීමට දැරූ වෑයම තුලින් සාමය නොලැබිණි . ඊස්රායල් මධ්යම කාර්යාංශයේ සංඛ්යාලේඛන විසින් නිර්වචනය කරන ලද එම රටේ ජනගහනය 2017 දී 8,732,000 ක් විය. එය ලෝකයේ එකම යුදෙව් බහුතර රාජ්යය වන අතර 74.8% යුදෙව්වන් ලෙස නම් කර ඇත. රටේ දෙවන විශාලතම ජනගහනය වන්නේ අරාබිවරු ය. 20.8% (නැගෙනහිර ජෙරුසලමේ අරාබිවරුන් ද ඇතුලුව). ඊස්රායල අරාබිවරුන්ගෙන් බහුතරයක් සුන්නි මුස්ලිම්වරු වෙසෙන අර්ධ ප්‍රදේශ වල පදිංචිව සිටියහ.බෙදුයින් විශාල සංඛ්යාවක් ඇතුලත් වේ. ඉතිරි අය කිතුනුවන් හා ඩෝසෙස් ආගමිකයන් ය. වෙනත් සුලු ජාතීන්ට සිරියන්වරු, ආමේනියානුවන්, ඇසිරියානුවන්, බ්ලැක් හෙබ්රෙව් ඊශ්රායෙලිතයෝ, චෙක්සියානුවන්, මාරෝනීයුන් සහ සමාරියයන් අයත් වෙති.මෙහි සුඩාන්, එරිත්රියාව සහ අනෙකුත් උප සහරානු අප්රිකානුවන්ගෙන් ද නීතිවිරෝධී සංක්රමණිකයන් ඇතුළු අප්රිකානු සහ ආසියාවේ නොඉඳුල් විදේශීය ශ්රමිකයන් සහ සරණාගතයින්ගේන් පිරි පවතී. එහි මූලික නීති මගින් යුදෙව් හා ප්රජාතන්ත්රවාදී රාජ්යයක් ලෙස ඊශ්‍රායලය අර්ථ දැක්වීය. ඊශ්රායලය යනු පාර්ලිමේන්තු පද්ධතියක්, සමානුපාතික නියෝජන හා සර්වජන ඡන්දය ඇති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි රාජයකි. අගමැතිවරයා ආන්ඩුවේ ප්‍රධානියා වන අතර කේන්ස්ට් ව්යවස්ථාදායකය ලෙස හදුන්වයි. ඊශ්‍රායලය 2016 වන විට නාමික දල දේශීය නිෂ්පාදිතයෙන් ලෝකයේ 34 වන විශාලතම ආර්ථිකය සමඟ සංවර්ධිත රටක් හා ඕඊසීඩී සාමාජිකයෙක් ලෙස හැදින්විය හැකිය. රටක ඉහළ කුසලතා ඇති ශ්‍රම බලකායකින් සමන්විත වෙයි.ලෝකයේ වඩාත් උගත් රටවල සිටින තෘතීක අධ්යාපන උපාධිධාරීන්ගෙන්සේවය ලබන රාජ්‍යක් වේ. ඊස්රායලය මැදපෙරදිග ඉහළම ජීවන තත්වයක් හා ලොව ඉහළම ජීවිතාපේක්ෂාවකින් සිටින ජාතින් පිරි රටක් වේ.
1948 දී නිදහස ලැබීමෙන් පසුව, රට ”ඊශ්රායෙලය රාජ්යය” යන නාමය නිල වශයෙන් පිළිගන්නා ලදි ස්වාධීනත්වය ලැබීමෙන් පසු මුල් සතිවල දී, ශ්රායල පුරවැසියෙකු යැයි සඳහන් කිරීම සඳහා ඊශ්රායල ජාතිකයන් බලාපොරොත්තුවෙන් සිටි අතර , විදේශ ඇමති මොෂේ අලිට් විසින් එය නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී.
ඊශ්‍රායලය දරුවන්ගේ නම් ඉතිහාසගත වී ඇත්තේ බයිබලීය රාජධානිය හා සමස්ත යුදෙව් ජනයාලෙසයි . ඊශ්රායෙලය” යන නාමය (සම්මත ඉස්රායිල්, ඉර්රායිල්, සෙප්ටූඅජින්ග් ග්රීක්: ඉස්රායිල්, ‘ඉස්ලාම් (දෙවියන්) යනුවෙන් හැදින්වීමට හැකිය.‘, හොෂෙයා 12: 4 බොහෝ විට ”දෙවියන් සමග සටන්” ලෙස අර්ථකතනය කරයි) එහි වාක්ය ඛණ්ඩයේ සඳහන් යාකොබ්ට යාකොබ්ගේ දූතයා සමඟ පොරබැදීමෙන් පසුව හෙබ්රෙව් බයිබලය අනුවමෙම නම ලැබිණ. යාකොබ්ගේ පුත්රයන් දොළොස්දෙනා ඊශ්රායෙලයේ මුතුන් මිත්තන් වූ අතර ඊශ්‍රායලයයේ ගෝත්‍ර දොළොසක් ඇති බව කියවේ. යාකොබ් සහ ඔහුගේ පුත්රයන් කානාන් දේශයේ වාසය කළ නමුත් ඊශ්රායෙලිතයන් කානාන් දේශයට ආපසු ගෙන ගිය අතර, ඔවුන් 430 ක් වූ ඊජිප්තුවට ඊජිප්තුවට පැමිණීමට සාගතයක් හේතු විය.” මෙම ප්රදේශය ශුද්ධාසනය ලෙසද හැඳින්වේ. යුදෙව්වාදය, ක්රිස්තියානි ආගම, ඉස්ලාමය සහ බහායි ඇද ඇදහීම ඇතුළු සියලු ආබ්රහම් ආගම් වලට ශුද්ධ වූවකි. වර්ෂ 1920 සිට මුළු කලාපය පලස්තීනය ( බ්‍රිතාන්‍ය මැන්ඬේට් යටතේ) ලෙස හැඳින්වුනේ 1948 දී ඊස්රායල නිදහස ප්රකාශයට පත් කරන තුරුය. ශතවර්ෂ ගණනාවක් පුරා මෙම ප්රදේශය කානාන් දේශය, ජාජා, සමාරිය, යුදය, ඉයුහුද්, ඉයුඋයියාව, කොඑල්-සිරියාව, සිරියාව, පලේස්ටිනා සහ දකුණු සිරියාව ඇතුළු වෙනත් නම්වලින් ප්රසිද්ධ වී ඇත.
පූර්ව උරුමය
නවීන ඊශ්රායෙලයේ ඉපැරණි මානවයන් පිළිබඳ පැරණිතම සාක්ෂිය මීට වසර මිලියන 1.5 කට පෙර හමු විය.ඉපැරණි මිනිසෙකු ගේ පොසිල වූ අතර, එය ගලීල මුහුද අසල උබේඩියෙහි දක්නට ලැබුණි. වෙනත් වැදගත් පාේයොලිතික අඩවි වන්නේ ගුහා ටැබූන්, කෙසෙම් සහ මනෝ. අප්රිකාවෙන් පිටත සොයාගත් නවීන මානවයාගේ පැරණිතම ෆොසිල්ස් වේ.දැන් අවුරුදු 120,000 කට පෙර උතුරු ඊශ්රායලය හෙවත් උතුරු ප්රදේශයේ ජීවත් වූයේ ස්ක්හුල් සහ කෆෙෂේ පරම්පරාවයි. පුරාවෘත
පුරාණ ඊශ්රායෙලයේ සහ යූදාහි ඉතිහාසය
දේශයේ මුල් ඉතිහාසය අපැහැදිලිය. නූතන පුරාවිද්යාවට අනුව ඓතිහාසිකත්වය බොහෝ සෙයින් ඉවතලමින්, නික්මයාම හා පොහොය නික්මයාම පිළිබඳව සහ ජෝෂුවාගේ පොතෙහි විස්තර කර ඇති ජයග්රාහනය ගැන එමගින් පැහිදිලි වේ.ඊශ්රායෙලිතයන්ගේ මුතුන්මිත්තන්ට කානාන් දේශයේ වාසය කළ පුරාණ සෙමිටු කථන ජනයා විය හැකිය. නූතන පුරාවිද්යාත්මක වාර්තාවට අනුව ඉස්රායිල්වරුන් සහ ඔවුන් බලහත්කාරයෙන් කලාපය ග්රහණය කර නොගත් නමුත්, කානානීය ජනයා සහ සංස්කෘතිය, දෙවියන් වහන්සේ මත පදනම් වූ බව සුවිශේෂී ඒකකෘතික හා පසුව ඒක දේවවාදී -.පුරාවිද්යා සාක්ෂි මගින්ද පැහැදිලි වේ. මගින් ගම්වැසියන්ආගමික මධ්යස්ථාන පිහිටුවා ඇති නමුත් සීමිත සම්පත් හා කුඩා ජනගහනයක් සහිතව දක්නට ලැබේ.ගම්බිම් හා පැල්පත් වල ජීවත් වූ 300 ත් 400 ත් අතර ජනගහනයක් වාසය කළ අතර විශාල වශයෙන් ස්වයංපෝෂිත විය. ඔවුන් අතර ආර්ථික හුවමාරුව පැතිර ගියේය. ඔවුන් ලිඛිතව කුඩා ස්ථානවල පවා වාර්තා කිරීම සඳහා ප්රසිද්ධියට පත් විය. ඊශ්රායෙලයේ හා යූදාහි රාජධානිවල මුල්ම පැවැත්ම පිළිබඳව විවාදයක් පවතින අතර, ඒවායේ ප්රමාණය හා බලය ගැනද විවිධ මත පවතී. එහෙත් ඊශ්‍රායලය රාජධානිය පැවතුණු බව ඉතිහාසඥයින් පිළිගනිති. ක්රි.පූ. 900: 169-195 සහ යූදා රාජ්යයක් පැවතුණේය. ක්රි.පූ. 700 ආරම්බ වූ ඊශ්රායෙලයේ රාජධානිය ක්රි.පූ. 720 දී පමණ විනාශයට පත් වූ අතර, එය අසෝසියානු අධිරාජ්යය විසින් එය පරාජය කරන ලදි. පොදු යුගයට පෙර 586 දී, බබිලෝනියේ දෙවන නෙබුකද්නෙශර් රජ යූදා දේශය පරාජය කළේය. හෙබ්රෙව් බයිබලය අනුව, සලමොන් රජ මාලිගාව විනාශ කර යුදෙව්වන්ව බබිලෝනියට පිටුවහල් කළහ. පරාජය බබිලෝනියේ වංශ කථා වල ද මෙය වාර්තා විය. බබිලෝනියේ වහල්භාවයේ සිට ක්රි.පූ. 538 දී බබිලෝනිය අල්ලා ගැනීමෙන් පසුව මහා පර්සියානු සයිරස්ගේ පාලනය යටතේ අවසන් විය. ක්රි.පූ. 520 දී පමණ දෙවන පන්සල ඉදිකරන ලදි.පර්සියානු අධිරාජ්යයේ කොටසක් වූ යූදා රාජ්යය යූදා පළාත (යේහුඞ් මැඩිනාටා) ලෙස වෙනස් දේශසීමා සහිත ප්රදේශයක් බවට පත් විය. ඤ77% ක්රි.පූ 5 සිට 4 වන සියවස් දක්වා ජනගහනය 30,000 ක් පමණ ජනගහනයක් පුරාවිද්යාත්මක සමීක්ෂණවලින් පෙන්නුම් කරයි.මේ වන විට පළාතේ ජනගහනය අතිශයින් අඩු වී ඇත. ඊශ්රායලය යනු සර්වජන ඡන්දයකින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඇති කරන රාජ්‍යක් වේ. පාර්ලිමේන්තු බහුතරය විසින් මනාපය දක්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙක් අගමැති බවට පත් වේ. සාමාන්යයෙන් මෙයට හිමිකම් ලබන්නේ විශාලතම පක්ෂයෙහි සභාපතිවරයාය. අගමැතිවරයා රජයේ ප්රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්රධානියාය. ඊශ්‍රායලය පාලනය කරනු ලබන්නේ 120 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකි. එය ” ”ණබැිැඑ” ලෙස හැඳින්වේ. ණබැිැඑ සාමාජිකත්වය පදනම් වී ඇත්තේ දේශපාලන පක්ෂවල සමානුපාතික නියෝජන
ක්‍රමය මතය. 3.25% ක ඡන්ද කොට්ඨාශයක් සහිතව, ප්රායෝගිකව හවුල් ආන්ඩුවලට හේතු වී තිබේ. සෑම වසර හතරකට වරක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇතත්, අස්ථාවර සභ්ාගයන් හෝ කීපීසනයෙන් විශ්වාසභ්ංගයක් ලබා ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරිය හැකි ය. එය ව්යවස්ථාවක් වශයෙන් පිළිගනී. 2003 දී, මෙම නීති මත පදනම් වූ නිල ව්යවස්ථාවක් කෙන්ස්ට් විසින් ආරම්භ කරන ලදී. ඊශ්රායෙලයේ ජනාධිපති යනු රාජ්යයේ ප්‍රධානියාය. සීමිත සහ විශාල වශයෙන් උත්සව අවස්ථාවන්හි ඔහුට මුලාසනය හිමිය.ඊස්රායලයේ නිල ආගමක් නැත නමුත් රාජ්යයේ නිර්වචනය ”යුදෙව් හා ප්රජාතන්ත්රවාදී” ලෙස යුදෙව්වාදය සමග ශක්තිමත් බැඳීමක් තිබිය යුතුය. එමෙන්ම රාජ්‍ය නීතිය හා ආගමික නීතිය අතර ගැටුමක් නිර්මාණය කරයි. දේශපාලන පක්ෂ අතර අන්තර් ක්රියාකාරීත්වය මගින් වන බලපෑම මිට ප්‍රධාන හේතුවයි.
ඊශ්‍රායල නීති පද්ධතිය
ඊස්රායලයට මට්ටම් තුනකින් යුත් අධිකරණ පද්ධතියක් ඇත. අඩුම මට්ටමේ දිවයින පුරා ඇති බොහෝ නගරවල උසාවිමහේස්ත්‍රාත් උසාවි වේ. අභියාචනාධිකරණ සහ පළමු උසාවි දෙක ලෙස සේවය කරමින් දිස්ත්‍රික් උසාවියකි. ඊශ්‍රායලය තුල දිස්ත්රික්ක පහක පිහිටා ඇත. තුන්වන හා ඉහළම ස්ථානය ජෙරුසලමේ පිහිටිශේෂ්තාධිකරණයයි. එහි විනිසුරු අභියාචනාධිකරණයේ ඉහල උසාවිය සහ මහාධිකරණ විනිසුරු ලෙස ද්විත්ව කාර්යභාරයක් ඉටු කරයි. අවසාන භාගයේදී ශේෂ්ඨාධිකරණ පළමු ප්‍රාන්තය ලෙස ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙනු ලබන අතර පුරවැසියන් සහ පුරවැසියන් නොවන පුරවැසියන් මෙන්ම රාජ්ය බලධාරීන්ගේ තීරණවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට ඉඩ සලසනු ලැබේ . ඊශ්‍රායලය ජාත්යන්තර අපරාධ අධිකරනයේ පරමාර්ථවලට සහයෝගය දෙන නමුත්, අධිකරණයේ ස්වාධීනත්වය නොතකා සිටීමේ හැකියාව නැත. ඊශ්රායෙලයේ නීති පද්ධතිය නීතිමය සම්ප්රදායන් තුනක් ඇත: ඉංග්රීසි පොදු නීතිය,
සිවිල් නීතිය සහ
යුදෙව් නීතිය වේ..
උසාවි නඩු තීන්දු විනිශ්චයකරුවන් වෙනුවට වෘත්තීය විනිසුරුවන් මගින් තීරණය කරනු ලැබේ.එමෙන්ම විවාහය සහ දික්කසාදය සම්බන්ධ තීරණ ආගමික උසාවිවල බලය යටතේ පවතී. යුදෙව්, මුස්ලිම්, ඩෝසෝ සහ ක්රිස්තියානි. විනිශ්චයකරුවන් පත් කිරීම ක්රෙස්ටේට් සාමාජිකයින් දෙදෙනෙකු, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු, ඊශ්රායල් නීතිඥයන් දෙදෙනෙකු සහ ඇමතිවරු දෙදෙනෙකු (එක් අයෙකුගෙන්, ඊශ්රායෙලයේ අධිකරණ ඇමති වශයෙන් කමිටුවේ සභාපතිවරයා) විසින් සිදු කරනු ලැබේ. ක්රේස්ට් සභාවේ කමිටු සාමාජිකයින් රහසිගත ලෙස තේරී පත් වන අතර ඔවුන්ගෙන් එක් අය සාම්ප්රදායික වශයෙන් විපක්ෂයේ සාමාජිකයෙකි. කමිටුවේ ශ්රේෂ්ඨාධිකරන විනිශ්චයකරුවන් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සම්ප්රදායන් විසින් සම්ප්රදායන් විසින් තෝරා ගන්නා ලද අතර, ඊශ්රායල නීතිඥයින් විසින් තෝරා පත් කරනු ලැබේ. බාර්, දෙවන ඇමතිවරයා ඊශ්රායෙල කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලබයි. වත්මන් අධිකරණ ඇමති සහ කමිටු සභාපතිත්වය ඇයටෙල්ට් ෂකිඞ් වේ. ඊශ්රායෙලයේ උසාවි පරිපාලනය (”සාමාන්‍ය උසාවි” හා ”කම්කරු උසාව”) ජෙරුසලමේ පිහිටා ඇති අධිකරණ පරිපාලනය විසින් සිදු කරනු ලැබේ. සාමාන්ය හා කම්කරු අධිකරනයන් යන දෙකම විශේෂ උසාවි වේ: අධිකරණ ලිපිගොනු මෙන්ම අධිකරණ තීන්දුව ගබඩා කිරීම ඉලෙක්ට්රොනිකව සිදු කරයි. ඊශ්රායෙලයේ මූලික නීතියමගින් මානව ගෞරවය සහ නිදහස ද ලිබියාව ඊශ්රායලය තුළ මානව හිමිකම් සහ ස්වාධීනත්වය ද ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.
ඊශ්‍රායලය හා ජන මාධ්‍ය
” ෆ්රීඩම් හියුමන් ෆ්රීඩම්” පුවත්පතේ වාර්ෂික වාර්තාව තුල පළ වන ආකාරයට අනුව මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ වඩාත්ම නිදහස් රට ලෙස ඊශ්‍රායලය 65 වැනි ස්ථානයේය. උතුරු අප්රිකාව වැනි රටවල දුර්වල වාර්තාවක් තිබියදී මැද පෙරදිග මාධ්යය, විශේෂයෙන්ම ඊජිප්තුවේ හා ටියුනීසියාවේ පශ්චාත් විප්ලවවාදී රාජ්යයන්ය තුල මාධ්‍ය නිදහස වැඩිය.ඔවුන් නිදහසේ නව ආහාර රුචියක් සොයාගෙන තිබේ. ඔවුන් ජනමාධ්යවේදීන්ගේ වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ නීති රීති ඉහලින්ම අගයන රටක් ලෙස හැදින්විය හැකිය.
පලස්තීනයේප්‍රධාන නගරවල හෙබ්රෙව් සහ අරාබි පුවත්පත් 19 වන සියවසේ දෙවෙනි භාගය දක්වා දිවෙයි. ඊශ්රායෙල පුවත්පත් වෙලඳාමේ දිගු කාලීන සම්ප්‍රදායන් ඇත. පලස්තීනයේ හෙබ්රෙව් මාධ්යය වන 1863 දී සතිපතා පුවත්පත ්‍ය්කැඩ්බදබ ප්රකාශයට පත් කරන ලදී. හෙබ්රෙව් ලියවිලි පිළිබද අවධානය කිරීමේදී මුල් හෙබ්රෙව් ලියවිලි ආගමික පාඨකයකු බවට පත් කිරීම හෝ හෙබ්රෙව් භාෂාව නවීන කථන භාෂාවක් ලෙස ව්යාප්ත කිරීමට වාහකයක් ලෙස භාවිතා කරන ලදි. 19 වන සියවසේ පසුබිමෙහි යුදෙව් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ කිහිපයක් මගින් පත්රිකා ප්රකාශයට පත් විය.
1907 දී මාක්ස්වාදී සමාජවාදී සියොන්වාදී ” හපෝඑල් හැට්සායර් ව්යාපාරයේ ” සියොන්වාදී ක්රියාකාරීන් ඔවුන්ගේ ව්යාපාරයේ නම තැබූ සතිපතා පුවත්පතක් පිහිටුවන ලදී. වසර තුනකට පසුව, මාක්ස්වාදී සමාජවාදී සියොන්වාදී ව්යාපාරයේ පොලෙයි ටියොන්, හහ්ඞ්ට් තවත් පුවත්පතක් ප්රකාශයට පත් කළේය. පලස්තීනයේ සියොන්වාදී ව්යාපාරයේ බොහෝ නායකයින් ඔවුන්ගේ දායකයින් පිලිබඳ මෙම ප්රකාශනයෙහි සඳහන් විය.
1909 දී ප්රකාශයට පත් වූ ” හෙරුට් හෙළය ” ජෙරුසලමේ සෙෆර්ඩික් රාජ්‍යයේ හොරනෑව ලෙස සලකනු ලැබීය. පලස්තීනයේ පළමුවන දිනපතා පුවත්පත 1910 දී හාරිස් නවීන හෙබ්රෙව් ජාතික පියා වූ එලියේසර් බෙන් ජෙහූඩා විසින් ආරම්භ කරන ලදී. විසිවන ශතවර්ෂයේ ආරම්භයේදී අරාබි ජාතිකවාදී පුවත්පත් ද පෙනී සිටියේ, සියොන්වාදී යටත් විජිතකරනය වෙනුවෙනි (අල්-කර්මිල්, ෆිලස්ටින්, පසුව අල්-ඉත්තයිඞ්) පසුව ය.
1917 දී පලස්තීනයට එරෙහිව බි්රතාන්ය මැන්ඬේටරය පිහිටුවීම, දේශපාලන හා ස්වාධීන පෞද්ගලික පුවත්පත් වල වර්ධනයන් සලකුනු කලේය.
අනිවාර්ය බලධාරීන් විසින් වාරණයට ලක්වූවද, යුදෙව් මාධ්යවේදීන් පලස්තීනයේ මෙම කාල පරිච්ඡේදයේ මල් පිපුනේ ය. 1919- 1919 දී හිස්ටොරුට් කම්කරු සංවිධානය විසින් පිහිටුවන ලද ඩාවාර් වැනි දේශපාලනිකව ලිපි ලේඛනවලට අමතරව, 1918/1919 දී ලිබරල්-ප්රජාතන්ත්රවාදී ” හාරෙට්ස් ” පිහිටුවන ලද අතර යදිත් ඇරොනොට් 1930 ගනන්වල අවසානයේ පෙනී සිටීමට පටන් ගත්තේය සවස කඩදාසි ලෙස ඒවා හැදින්විය. 1948 දී මැරීව්ගේ තුන්වන නිදහස් දිනපතා පුවත්පතක් පිහිටුවන ලදී. 1919- 1919 දී හිස්ටොරුට් කම්කරු සංවිධානය විසින් පිහිටුවන ලද ඩාවාර් වැනි දේශපාලනිකව ලිපි ලේඛනවලට අමතරව, 1918/1919 දී ලිබරල්-ප්රජාතන්ත්රවාදී හාරෙට්ස් පිහිටුවන ලදී
ඇරොනොට් 1930 ගනන්වල අවසානයේ පෙනී සිටීමට පටන් ගත්තේය සවස කඩදාසි වර්ගයක් ලෙසිනි . 1948 දී මැරීව්ගේ තුන්වන නිදහස් දිනපතා කඩදාසියක් පිහිටුවන ලදී. ඊශ්රායලය තුළ පුවත්පත් තවමත් පුලුල් ලෙස පැතිර පවතී. සංඛ්යාලේඛන මධ්යම කාර්යාංශය අනුව ඊශ්රායල ජනගහනයෙන් 18.4% ක් නිතිපතා 2007 දී දිනපතා පුවත්පතක් කියවූ අතර 13.9% ක දායකත්වයක් දැරීය. ඒ සමගම නිතර නිතර සඟරා සහ පොත් කියවන ලදී. අද ඊශ්රායලයේ පුවත්පත් 20 ක් පමණ ඇත. එයින් 11 ක් හෙබ්රෙව් භාෂාවෙන් 4 ක්, අරාබි 4 ක්, රුසියානු 4 ක්, ඉංග්රීසි, ජර්මන් හෝ යදිෂ් භාෂාවෙන් ප්රකාශයට පත් කෙරේ. සෑම දිනපතා පුවත්පත්වල සංස්කෘතික අංගයන් වෙනුවෙන් කැප වූ විශේෂ කොටස් සහ අතිරේක ඇතුළත් වේ. ඊට අමතරව මූල්ය පත්රිකා තුනක් මෙන්ම පුළුල් විෂය මාලාවක් සඳහා සඟරා සහ සතිපතා පුවත්පත් ගණනාවක්ද, විශේෂයෙන් සමාජීය හා ආගමික කණ්ඩායම් ඉලක්ක කර ඇත. වසර ගණනාවක් තිස්සේ විශාලතම සහ වඩාත් ජනප්රිය පුවත්පත් වූයේ යඩියොඕට් අර්රොනොට් වේ එය පිටපත් (300,000 - 600,000) සංසරණය සහිත විය.ලිබරල් හාරෙට්ස් සිය ගැඹුරු දේශපාලන හා ව්යාපාරික වාර්තාකරණය සඳහා කැපී පෙනෙන අතර, ඊශ්රායල සංස්කෘතික, සාහිත්යමය හා කලාත්මක ජීවිතයට දැඩි කැපවීමක් සඳහා වුවද, සුළු සංසරණයකින් (65,000 - 75,000) එය කැපී පෙනේ. 1990 දශකයේ සිට යද්දි ඇරරොනොත් හෙබ්රෙව් දිනපතා විකුණුම්වලින් භාගයක්ම වැඩිවිය. මැරීව් සහ හාරෙට්ස් එක්ව වෙළඳපොළේ සෙසු කොටස් වෙළඳ පොළෙන් සියයට 25 ක් සහ සියයට 15 ක් නියෝජනය කළහ.
මෑත වසරවලදී ඊශ්රායල් පුවත්පත් ක්ෂේත්රය නාටකාකාර ලෙස වෙනස් වී තිබේ. දිනපතා මුද්‍රිත මාධ්ය මත දිනපතා පුවත්පත් හා වෙළඳ පළ පුවත්පත් සදහා වෙලඳපොලේ (ඊශ්රයර් හී-යෝම්, ඉරාස් පෝට්, මීට පෙර මෙට්රෝ) දෛනික මුද්රිත මාධ්යයට බලපාන්නට ඇත.
ඉදීප් ආරොොනික ඊශ්රායෙලයේ වඩාත් පුළුල් ලෙස කියවිය හැකි පුවත්පත් වන අතර, නිදහස් පත්ර ඉරානය ්‍ය්-හදප ඉතා දැඩි තරගකරුවෙකු බව ඔප්පු වී ඇති අතර, එය දැන් සංසරණය හා නිරාවරණය අනුව රටේ දෙවන පත්රිකාව වේ.
අනෙක් පුවත්පත්වලට සාපේක්ෂව කුඩා වුව ද ඉංග්රීසි-දිනපතා ජෙරුසලමේ පෝස්ට්හි විශාල බලපෑමක් ඇති කර ඇත. සාමාන්යයෙන් ඊශ්රායලයෙන් රාජ්යතාන්ත්රිකයන් හා විදේශීය මාධ්යවේදීන් විසින් එය කියවනු ලැබේ.
ගුවන්විදුලිය
යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයක් වන මෙහි බහු සංස්කෘතික සමාජයක සංවර්ධනය සඳහා විකාශන ඊශ්‍රායලය පද්ධතිය දශක ගණනාවක් තිස්සේ සමාජ හා සංස්කෘතික ඒකාබද්ධතාවයේ උපකරණයක් වී තිබේ. එම විකාශන සේවය 1936 දී පලස්තීනයේ දී බි්රතාන්ය මැන්ඬේට් පරිපාලනය විසින් යුදෙව් හා අරාබි ජනගහනයට සේවය කරන ලදී. එය ” කොල් යරුෂාලිම් ” ලෙස හෙබ්රෙව් භාෂාවෙන් ක්රියාත්මක විය. 1948 දී බි්රතාන්ය ගුවන් විදුලි නාලිකාව ඊශ්රායල රජය වෙත හැරී කොල් ඊශ්රායෙලය නම් කරන ලදි. මුලින්ම එය අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබීය. වගකීම පසුව තැපැල් හා විදුලි පණිවුඩ කාර්යාලය වෙතට මාරු කර පසුව 1965 දක්වා අගමැති කාර්යාලයට මාරු විය. 1965 දී බීබීසීයෙන් පසුව ඊස්රායල විකාශන අධිකාරිය (ෂඊ්) විසින් ස්වාධීන තත්ත්වය යටතේ ස්ථාපනය කරන ලදී. අධ්යාපන හා සංස්කෘතික කටයුතු ෂඊ් අධ්යක්ෂවරු හතක ස්වයං පාලක මණ්ඩලය යටතේ ස්වයංක්රීයව ක්රියාත්මක වේ.
වර්තමානයේ කෝල් ඊශ්රායෙලය විසින් විවිධාකාර ප්රේක්ෂකයින්ගේ ඉලක්ක කරගත් භාෂාවන් 14 හි වැඩසටහන් සම්පාදනය කරන ලද ගුවන් විදුලි මධ්යස්ථාන අටක ෂඊ් ජාලය විසින් මෙහෙයවනු ලබයි. සැහැල්ලු විනෝදාස්වාදය සහ ජනප්‍රිය සංගීතය, සම්භාව්ය සංගීතය, ප්රවෘත්ති, සංස්කෘතිය සහ ළමා වැඩසටහන් මෙහි ඇත . රෙස්පට් ඇලෆ් සංස්කෘතික වැඩසටහනක් ඉදිරිපත් කරන අතර, රීෂ්ට් බෑට් ප්රවෘත්ති, කාලීන සිදුවීම් හා කතා පිළිබඳ අවධානය යොමු කරයි. 1977 දී රමීට් ගිම්ල් ඊශ්‍රායල් සංගීතය විකාශය කිරීමට පටන් ගත්තේය. රුසියානු හෝ අරාබි භාෂාවෙන් විකාශනය වූ ” රෙකා හෝ රචෙට් ක්ලිට්ටා අලි ” යනු ඉතාලියේ මෑත සංක්‍රමිකයන් සඳහා රේඩියෝ සේවය යි. 1973 න් පසුව ජාත්යන්තර මුහුදු සීමාවන් තුලදී මුහුදු ගුවන් විදුලි නාලිකා විකාශනය කිරීමට පටන් ගත් අතර, ඊශ්‍රායල රජය විසින් ඊට උපකාර කරන ලදී.1990 ගනන් මැදදී ඊශ්‍රායල් තුළ ක්‍රියාත්මක වූ ගුවන්විදුලි මධ්‍යස්ථාන ගණනාවක් විය. 1999 දී ඊස්රායල් පාර්ලිමේන්තුව විසින් හොර රහසේ ගුවන් විදුලි නාලිකා ගණනාවක් නීත්යානුකූල කර ඇත. 1990 වර්ෂයේදී නිර්මාණය කරන ලද රූපවාහිනී සහ ගුවන්විදුලි සඳහා දෙවන අධිකාරිය යටතේ ක්රියාත්මක වන රේඩියෝ විකාශන ක්‍රියාත්මක වේ.
වර්තමානයේ, දළ වශයෙන් 23 ්ඵ, 15 එෆ්එම් සහ ඊස්රායලයේ ක්‍රියාත්මක වන කෙටි කාලීන ව බලපත්ර සහිත ස්ථාන 2 ක් ඇත. මිලියන 3.07 ක ගුවන් විදුලියට විකාශනය වන අතර එමගින් ජනගහනයෙන් සියයට අනූවක් පමණ ආවරණය කිරීමට හැකිවිය. ෂඊ් හි ” රෙස්ට් බෑට් ” 2009 වසරේදී සතිපතා නිරන්තරව නිරාවරණය වූ සියයට 28.5 ක විකාශනීය ගුවන්විදුලි නාලිකාවක් වූ අතර යුධ ස්ථානයේ ගල්ගාලාට්ස් 27.9% ක සාමාන්යෙන් සතිපතා විකාශනය වී ඇත.සිය දුෂ්කර ආරම්භය චැනල් 1 නාලිකාවේ පූර්ණකාලීනව රූපවාහිනී නාලිකාවට පූර්ණ ප්‍රවුත්ති හා අධ්‍යාපනික වැඩසටහන් පමණක් නොව විනෝදාස්වාදය, සංගීත වැඩසටහන් , ළමා වැඩසටහන් සහ චිත්‍රපට පවා විකාශනය කරන ලදී.
ඊශ්රායල ගුවන්විදුලි සේවය විසින් ඊශ්‍රායල් රජයේ ප්රසිද්ධ රූපවාහිනී සේවය සංවිධානය කරන අතර විකාශනය, කල්පිත හා අධ්යාපනික වැඩසටහන්වලින් ඊශ්‍රායල් දෙපාර්තමේන්තුව සහ වැඩසටහන් දෙපාර්තමේන්තුවට බෙදී ඇත.චිත්‍රපට මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව විදේශීය චිත්‍රපට සහ රූපවාහිනී මාලාවන් සපයයි.
දැනට ෂඊ් වැඩසටහන්:
■ ක්‍ය්බබැක 1 (්‍ය්රමඑ‘ ්‍ය්-ඍසියදබ) ෂඊ් හි ප්රධාන නාලිකාව වේ
■ චැනල් 23 (හ-හිනිටිට්, ”අධ්‍යාපනික චැනලය”)
■ චැනල් 33 යනු ෂඊ් හි අරාබි භාෂා නාලිකාවයි.
ඊශ්රායල පාර්ලිමේන්තුව හරහා විකාශනය කරන ලද චැනල් 99 (අරූස් හෙ-කේන්ස්ට්, ”කේන්ස්ට් චැනලය” ද ප්‍රධාන තැනක් ගනී.
කෙසේ වෙතත්, රූපවාහිනී ගාස්තුව ෂඊ් හි මූලික ආදායම් මාර්ගයක් වන අතර, එය සීමිත ප්රචාරණ සීමාවන්ට ඉඩ දී ඇත.
2009 අගෝස්තු මාසයේ දී ප්රචාරය කරන ලද නව ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී වැඩසටහන් (ෘඔඔ) වැඩසටහනේ දෙවන විකාශය වූ රූපවාහිනී සහ ගුවන්විදුලි අධිකාරිය වර්තමානයේදී අධිකාරියක් දරයි. ෘඔඔ විකාශනයන් පහක ස්ථාන: ඊශ්රායල් ගුවන් විදුලි අධිකාරියේ චැනල් 1 සහ 33, වාණිජ දුම්රිය ස්ථාන චැනල් 2 සහ 10 සහ ණබැිැඑ ක්‍ය්බබැක 99. ජාතික මට්ටමේ බහුපි්රයය ඵඡෑඨ-4 සම්පීඩනය සමඟ යුරෝපීය ෘඪඊ-ඔ පද්ධතිය ක්රියාත්මක වේ.
වර්ෂ 1995 පෙබරවාරි මාසයේදී ඊශ්රායල් සම්භාවනීය පර්යේෂණ මණ්ඩලය (ෂ්ඍඊ) පිහිටුවන ලද්දේ නවීන රූපවාහිනී ප්රේක්ෂක ප්රේක්ෂක මිනුම් ක්රමයක් ස්ථාපිත කිරීම සහ මෙහෙයවීම සඳහා වේ.එය ඊශ්‍රායලයේ විකාශනය සහ ප්‍රචාරක කර්මාන්තය සපයන ආයතනයයි.
සිනමාව
1920 සහ 1930 වර්ෂවලදී බ්‍රිතාන්‍ය යටත් විජිත පලස්තීනයේ දී චිත්‍රපට නිර්මාණය කිරීම ආරම්භ විය. මුල් යුගයේ දී සියොන්වාදී විසඳුම් ව්යාපාරයේ සාර්ථකත්වය ප්‍රසංසනිය හා න්යායික හා ලේඛනගත චිත්රපට මගින් සංලක්ෂිත වූ අතර සාමාන්යයෙන් ඩයස්පෝරාවේ ජීවත් වූ යුදෙව්වන් පිරිසක් ඉලක්ක කර ගත්හ. 1932 සිට 1948 දක්වා චිත්රපට නිෂ්පාදනයේදී මුල්ම දේශීය චිත්‍රපට නිෂ්පාදනය කළ නමුත් ඒවා ප්රවෘත්ති සහ ප්රචාරක චිත්රපටවලට සීමා විය. 1960 ගනන්වල හා 1980 ගනන්වල නූතන ඊස්රායෙල් චිත්රපටය ක්රමක්රමයෙන් හැඩගැස්වූයේ එහි සාමාන්ය ජනප්රියත්වයයි: මුල් කාලීන වූ වීරෝදාර ජාතිකවාදී චිත්රපට, ”්‍යසකක 24 ෘද බදඑ ්බිඇර” චිත්රපටය හොඳ උදාහරණයක් වේ එමෙන්ම ”බෝරෙක්ස්” 60 දශකයේ හා 70 ගණන්වල මුල් භාගයේදී, මිශ්රි, යුද අරාබි රටවල්, ඉරානය, තුර්කිය හා මධ්යම ආසියාව වැනිරටවල සිදුවීම් නිරූපනය කරන ලදී . යුරෝපීය හා ඇමරිකානු සිනමාවේ බලපෑම යටතේ චිත්රපටයේ වෘත්තිකයන් නව පරම්පරාවක් විසින් ”බෝරෙක්ස්” චිත්රපට සමග සමගින් විවිධ ආකාරයේ චිත්රපට නිෂ්පාදනය ආරම්භ කරන ලදී. පසුගිය දශකය පුරා ඊශ්‍රායල් සිනමාව ජාත්යන්තර තත්ත්වයේ සහ කීර්තියට පත්විය. අරී ෆොල්මන්ගේ ”වෝල්ට්ස් සමඟ බෂීර්” සහ සාමුවෙල් මවුස්ගේ ”ලෙබනන්” වැනි ඊශ්රායල් චිත්‍රපට බොහොමයක් ප්‍රධාන ජාත්යන්තර සම්මාන ලබා ඇත. වර්තමානයේ සිනමා සහ රූපවාහිනී කර්මාන්තය වේගයෙන් වර්ධනය වන අංශයක් වන අතර එය ඩොලර් මිලියන 40 ක් පමණ වාර්ෂිකව අපනයනය කරයි. සෑම අවුරුද්දකම ඊශ්රායෙල් රූපවාහිනී නළු නිළියන් 20 කින් හා චිත්රපට 20 කට ආසන්න ප්රමාණයක් නිෂ්පාදනය කරයි. නිෂ්පාදිත සමාගම් 120 ක් ඊශ්රායලය තුළ ක්රියාත්මක වන අතර, නිෂ්පාදන චිත්රාගාර 10 ක් සහ පශ්චාත් නිෂ්පාදන පහසුකම් 30 ක් ඇත. ඊශ්රායල් චිත්රපට අරමුදල පමණක් වසරකට ඊශ්රායෙලයේ පිටපත් 30 ක් පමණ වැය කරයි. ලෝක ව්යාප්ත අලෙවිකරණය සහ බෙදා හැරීම විශාල වශයෙන් සහන සපයයි. චිත්රපට නිෂ්පාදනය කිරීම දිරිගැන්වීමේ නීතියක් 2008 ඔක්තෝම්බර් මාසයේ දී හදුන්වා දුන්නේ විදේශීය චිත්‍රපට සහ රූපවාහිනී මාලාවන් නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහාය.
මාධ්ය සංවිධාන
පුවත් ආයතන
ඊ එම්එම් (ඉතාලි මීගුඩෙට්), ඊස්රායල් ප්රවෘත්ති ආයතනය, 1950 දී ප්‍රධාන ඊශ්‍රායල් පුවත්පත් සමාගම් වල සහ කොල් ඊස්රායල් දායකත්වයෙන් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ ලෝකය පුරා පවත්නා ප්‍රවුත්ති ආයතන වලට සමාන නිශ්චිත සිදුවීමක් ආවරණය කිරීම සඳහා වාර්තාකරුවකු යැවීමට නැතහොත් පුවත්පත් නිවේදන නිකුත් කිරීමට හැකි තොරතුරු ලබා ගැනීමයි. වසර 50 කට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායල් ” ටෙල් අවිව්හි ” පිහිටි එකම පුවත් ප්රවෘත්ති ආයතනය විය. කෙසේ වෙතත් පසු කලක කාලය තුළ නව මාධ්යයේ සීමාවන්ට මුහුණ දීමට එම ආයතනයට නොහැකි විය. 2006 දෙසැම්බරයේ දී එහි ක්‍රියාකාරිත්වය අඩපන වූ අතර වසා දමන ලදී.
1917 දී පිහිටුවන ලද යුදෙව් රූපවාහිනී ආයතනය (න්‍ඕ) යනු ලොව පුරා යුදෙව් ජනමාධ්ය පුවත්පත් හා මාධ්ය වෙත තොරතුරු සපයන ජාත්යන්තර ප්රවෘත්ති නියෝජිත ආයතනයකි. එය ජෙරුසලමෙහි කාර්යාලයක් පිහිටා ඇති නමුත් එහි නිව්යෝක්හි මූලස්ථානය පිහිටා ඇත.
ඊශ්‍රායල් මාධ්‍යවේදීන් හා මාධ්ය ක්‍රියාකරුවන් 800 කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ඊස්රායල් මාධ්යවේදීන්ගේ (භත්‍ෂන්) සමන්විත වන අතර සාමාජිකයින් ගණනාවක් මගින් සංවිධානය කරනු ලබයි. සම්මේලනයේ අරමුණු වන්නේ ජනමාධ්යවේදීන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීමයි. මාධ්යවේදීන්ගේ ජර්නල් සංගමය ප්රධාන වශයෙන් රූපවාහිනී වෘත්තිකයින් රැස්වන අතර ටෙල් අවිව් සහ හයිෆා හි කණ්ඩායම් මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන් නියෝජනය කරයි. රුසියානු කතා කරන වෘත්තිකයන් ඊශ්‍රායල් රුසියානු කතා කරන මාධ්යවේදීන් හා කලාකරුවන්ගේ සම්මේලනය මගින් සාමාජිකයන්වෙත නිතිපතා රැස්වීම් පැවැත්වීම හා මාධ්ය වෘත්තිකයන් හා ප්‍රවීන මාධ්යවේදීන් සමඟ සාකච්ඡා පවත්වති.
1963 දී පිහිටුවන ලද පු ඊශ්‍රායල් පුවත්පත් මණ්ඩලයේ තවත් අරමුණක් වන්නේ මාධ්යවේදීන්, ප්‍රචාරකයන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වෘත්තීය නිපුණතා පිළිබඳ ගැටළු සාකච්චා කිරීම සහ මාධ්ය නිදහස ආරක්ෂා කිරීමයි.
03 ජනමාධ්යවේදීන්ගේ වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ නීති රීති
( 1996 මැයි මස 16 වැනි දින ප්ලෑන්ඩර් සැසියේදී අනුමත කරන ලද වෘත්තීයමය ආචාර ධර්ම පිළිබඳ ඊශ්රායල් පුවත්පත් මණ්ඩලයේ නවතම යාවත්කාලීන කිරීම).
මෙය පුවත්පත් මාධ්‍ය වෙදිනට පමණක් නොව සෑම ගුවන්විදුලි හා රුපවහිනී මෙන්ම සිනමා හා නව මාධ්‍යකරුවන්ට ද අදාළ වේ .
අර්ථ දැක්වීම්
1. ”පුවත්පත්” යනු මුද්‍රිත සන්නිවේදන ක්‍රමයකි ,මෙය මාධ්යය සහ අයිතිකරුවන්ට , මාධ්ය ප්‍රකාශකයා සහ මාධ්ය කර්තෘ යන අයට විශේෂ වේ . සංස්කාරකවරයාද මාධ්‍යවේදියෙකි ”
පුවත්පත් නිදහස සහ එහි වෘත්තිමය වගකීම
2. ප්‍රවෘත්ති සහ අදහස් පිළිබඳ නිවැරදි, සාධාරණ හා වගකීම් සහිතව තොරතුරු මහජනතාවට සැපයීම සහ තොරතුරු මහජනතාවට දැන ගැනීමට, පුවත්පත් සහ මාධ්යවේදියෙක් විශ්වාසවන්ත විය යුතුය.
අඛණ්ඩතාව හා සාධාරණත්වය
3. :අ* පුවත්පත් කලාවේදියකු සහ මාධ්‍යවේදියෙකු අඛණ්ඩතාව, සාධාරණත්වය මෙන්ම බියෙන් තොරව කටයුතු කළ යුතුය.
:ආ* පුවත්පතක හෝ මාධ්යවේදියෙකු මුලාශ්‍රයක් හෝ පොරොන්දු වූ මුලාශ්‍රයක් තමාට ලබා දුන් තොරතුරු හෝ ඔහු විසින් ප්‍රකාශිත මතයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ නම් එය පොදු උනන්දුවකින් පවා ප්‍රකාශිත පුද්ගලයාගේ රහස්‍ය භාවය සුරැකිය යුතුය.
සත්‍යයට පක්ෂපාත වීම
4 :අ* පුවත්පත් කලාවේදියකු හෝ මාධ්යවේදියෙකු නොදැනුවත් හෝ නොසැලකිලිමත් ලෙස ප්‍රකාශ නොකරන, වැරදි, නොමඟ යවන හෝ විකෘති නොකරන දෙයක් ප්‍රකාශ පත් නොකළ යුතුය.
:ආ* පුවත්පත් කලාවේදියකු හා මාධ්යවේදියෙකු ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු උනන්දුවක් ඇති තොරතුරු, දේශපාලන බලපෑම්, ආර්ථික පීඩනය, හෝ ප්‍රචාරක වර්ජන , වර්ජනය කිරීම හෝ වර්ජනය නිසා හෝ පුවත්පතක පත් නොකිරීමෙන් වැළකිය යුතුය.
යම්කිසි පුද්ගලයෙකුට ඔහුගේ වචන හෝ ලියවිල්ලක ලිඛිත හෝ සෘජු සහ නිවැරදි උපුටනයක් ඇතුළත් කළ නොහැකි නම් එය ප්‍රකාශයන නොකළ යුතුය. සංස්කාරකවරයාට මෙම ලිපිය කල්තියා තහනම් නොකලේ නම්, කර්තෘට ලිපියක් පළ නොකළ යුතු අතර ලිපියේ අඩංගු අන්තර්ගතයට හෝ එහි ඇතිවන ඇඟවීම්වලට කිසිදු වෙනසක් සිදු නොකළ හොත් එය ප්‍රකාශයට ට පත් කළ හැකිය.
කරුණු පරීක්ෂා කිරීම
5. යම් භාණ්ඩයක් ප්රකාශයට පත් කිරීමට පෙර, පුවත්පත් කලාවේදියකු හා මාධ්යවේදීයා වඩාත් විශ්වසනීය මුලාශ්‍ර සමඟ නිවැරදිව පරික්ෂා කර බැලීමද එහි තත්වය පරීක්ෂා කිරීමද කළ යුතුය.
ප්‍රකාශයට ට පත් කරන ලද හදිසි භාවය නිසා ඉහත සඳහන් කළ අයිතමයේ නිරවද්‍යතාවය පරීක්ෂා කළ යුතුය.
යම් අයිතමයක් අතීතයේ ප්‍රකාශයට පත් කර ඇති කාරණය, අයිතමයේ විශ්වසනීයත්වය පරීක්ෂා කිරීම කලයුතු අතර ප්‍රකාශයට පත්කිරීම මගින් අපේක්ෂා කරන කාර්යය විනාශ නොකළ යුතුය .
වෛෂයිකත්වය
පුවත්පත් හා ජනමාධ්යවේදීන් ප්‍රවෘත්ති සහ අදහස් අතර හඳුනාගත යුතුය.
අදහස් ප්‍රකාශනයේ අයිතිය තුල ප්‍රකාශයට පත් කරන ලද පුවතක් පුවත් ආචාර ධර්ම වලට යටත්ව තිබිය යුතුය.
ක්. ප්රවෘත්ති පළ කිරීම සාධාරණ හා නොමඟ යවන සුළුය විය යුතුය.
ෘ. සිරස්තලය නොමඟ යෑවේ නම් එය පල නොකළ යුතුය.
පුවත්පත් කලාවේදියෙකු සහ පුවත්පත් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රචාරක ද්රව්යයක් ලෙස ප්‍රකාශයට පත් කරනු නොලැබේ, ප්‍රචාරය සහ පුවත් අතර වෙනස හඳුනා ගත යුතුය.
වැරදි, සමාව හා ප්රතික්රියාව නිවැරදි කිරීම
කරුණු ප්‍රකාශයට පත් කරන විටදී වැරදි , අතහැරීම් හෝ වැරදි තොරතුරු ඇත්නම් ඒවා නිවැරදි කර කඩිනම්ව ප්‍රකාශයට පත් කළ යුතුය. මීට අමතරව, සුදුසු අවස්ථාවලදී සමාව ඉල්ලා සිටිය යුතුය. සුදුසු අවස්ථාවලදී යම් පුද්ගලයෙකුට බරපතල වැරැද්දක්, පැහැර හැරීමක් හෝ නොසැලකිල්ලක් සිදුවුවහොත් ඒ පිළිබද ඉක්මනින් ප්රතිචාර දැක්වීම හා මුල් ප්‍රකශයට අදාලව අවධාරණය කිරීම සමග සාධාරණ ප්‍රචාරයක් ලබා දිය යුතුය.පෞද්ගලිකත්වය සහ හොඳ නම
යම් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව, පුවත්පත් කලාවේදියකු සහ මාධ්යවේදියෙකු විසින් පුද්ගලයාගේ පෞද්ගලිකත්වයේ හෝ යහපත් නමට අපහාසවන අන්දමේ අදාළ අයිතමයක් ප්‍රකාශයට පත් නොකළ යුතුය. එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු උනන්දුවක් හෝ ප්‍රමාණවත් තරම් බලපෑමක්නොකළ යුතුය. ඉහත සඳහන් කළ භාණ්ඩයක් ප්රකාශයට පත් කිරීම සාමාන්‍යයෙන් අදාල පුද්ගලයා පිළබද මූලික පරීක්ෂණයක් අවශ්‍ය වන අතර ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ ප්‍රකාශනයක් අවශ්‍ය වේ.
ජීවිත හානි
9. මියගිය හෝ බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකුගේ නම, ඡායාරූපය හෝ වෙනත් හඳුනාගැනීමේ විස්තරයක් පුවත්පතක් සහ ජනමාධ්යවේදියකු විසින් ප්‍රකාශයට පත් නොකළ යුතුය. එම පුද්ගලයාගේ මරණයට හා තුවාල ගැන තොරතුරු ලබා දීමට පෙර, අනතුරක් හෝ වෙනත් ව්‍යසනය වහාම ප්‍රකාශයට පත් කල යුතුය.
මරණය, මියගිය හෝ බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකුගේ විස්තර, නමක්, ඡායාරූපයක් හෝ වෙනත් හඳුනාගැනීමේ විස්තරයක් ප්රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තීරනය කිරීමේ දී, පුවත්පත් හා මාධ්යවේදියෙකු ඔහුගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගත යුතුය
යම් නමක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම, අපරාධයක ගොදුරු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් හෝ වෙනත් හඳුනාගැනීමේ විස්තරයක් මෙම පුවත්පත් කලාවේදියෙකු විසින් මෙම තොරතුරු ප්රකාශයට පත් නොකරන ලෙස කටයුතු කල යුතු සේම . ඒවා ප්‍රසිද්ද කිරීම සඳහා පොදු යහපත, ප්රකාශනය, ආකාරය, ප්‍රමාණය හා සංවේදීතාව පිලිබදව සලකා බැලිය යුතුය.
තුවාල ලැබූ පුද්ගලයෙකුට, අපරාධයක ගොදුරක් හෝ ලිංගික අපරාධයක් සිදුකල තැනැත්තෙකුගේ මත්ද්‍රව්‍යක් වර්ගයක් මත යැපෙන පුවත්පතක් සහ මාධ්යවේදියකු පළ නොකළ යුතුය.
බාලවයස්කාරයන් සම්බන්ද තොරතුරු
වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයෙකුගේ නම, ඡායාරූප හෝ වෙනත් පුද්ගලයෙකුගේ නම්, පුවත්පත් කලාවේදියකු හා ඔහුගේ මාධ්යවේදීන් විසින් ප්‍රකාශයට පත් කිරීමේදී ඔහුගේ හෝ ඇයගේපෞද්ගලිකත්වය, ශුභසාධනය, ඔහුගේ දෙමව්පියන්ගේ අන්තර්ගතය, භාරකරු සහ හඳුනාගැනීමේතොරතුරු ඉදිරිපත් කිරීමේදී වගකීම් සහගත විය යුතුය.
වයස 14 ට වැඩි සහ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකුගේ නම, පෞද්ගලිකත්වය හෝ සුභසාධනය විනාශ වීමට ඉඩ ඇතිතොරතුරක් , නමක්, ඡායාරූපයක් හෝ වෙනත් අනන්‍යතා තොරතුරු ප්රකාශයට පත් නොකළ යුතුය.
හඳුනාගැනීමේ ප්‍රකාශයට සහ මහජනතාවට අවශ්‍ය වන තොරතුරු ලබා දීම
මානසික රෝගී පුද්ගලයෙකු, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ඇබ්බැහි තැනැත්තෙකු, ප්‍රාතිහාර්ය ආධාරකයෙකු හෝ ආධාරකරුවෙකු හෝ රෝගාතුර වූ පුද්ගලයෙකුගේ කැමැත්ත හෝ ඔවුන්ගේ ඊළඟ ඥාතීන්ගේ අනුමැතියකින් තොරව ඔහුගේ නම, ඡායාරූප හෝ වෙනත් අනන්‍යතා තොරතුරු ප්රකාශයට පත් නොකළ යුතුය. තත්වය අනුව, ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු උනන්දුවක් පවතින විට සහ සුදුසු පරිදි ප්‍රකාශනය සදහා යොදා ගත හැකිය
මෙහිදී ඔවුන්ගේ වාර්තාකරණයේ දී, නීතියක් කඩකිරීම පිලිබඳ කාරණයක් ලෙස වරදකරු වුවහොත් පමණක් හැර අහිංසක පුද්ගලයෙකුට නිර්දෝෂ යැයි යන මූලධර්මයට පුවත්පතක් සහ මාධ්යවේදියකු ගරු ගරු කළ යුතුය.
ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු කැමැත්තක් නැතිව හෝ අධිකරණයේ නඩු පැවරීමට පෙර, අපරාධයක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයෙකු පිළිබඳව නම්, ඡායාරූප හෝ වෙනත් අනන්‍යතා තොරතුරු පළ නොකළ යුතුය.
යම් පුවත්පතක් සැකයක් ලෙස වාර්තා කිරීම , චෝදනාවක් මගින් හෝ පුද්ගලයෙකු විත්තිකරු බවට පත් කිරීම සදහා තොරතුරු පුවත්පත් මාධ්යවේදියෙකු ඉදිරිපත් කිරීම නොකළ යුතුය. වැරදිකරු වූ පුද්ගලයා හෝ අභියාචනය කළ තැනැත්තකුගේ කිර්තිය හානි නොකළ යුතුය.
මෙම ප්‍රකාශය සිවිල් කටයුතුවලට සම්බන්ධ වන විට, පුවත්පත සහ මාධ්යවේදියකු සියළු පක්ෂවල තත්වය ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක ප්‍රකාශය ගොනු කර තිබේ නම් එය සාධාරණ ලෙස වාර්තා කරනු ලැබේ. ආරක්ෂක ප්‍රකාශයක් ගොනු කර නොමැති සිවිල් නඩු තීන්දුවක් ඉවත් කර හෝ ඉවත දැමූ අවස්ථාවකදී, එම නඩුව ගොනු කිරීම සම්බන්ධයෙන් වාර්තා වශයෙන් තොරතුරු ප්රකාශයට පත් කළ හැකි ය.
ඉවත් කිරීම හෝ පසෙකට තැබීම හැරුණු විට ඉහත සඳහන් කළ පරිදි ඉවත් කර හෝ ඉවත් කර ඇති හිමිකම් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් නොකළ යුතුය.
පුවත්පත් කලාවේදියකු සහ මාධ්යවේදියෙකුගෙන් සිවිල් ප්‍රශ්න ක්‍රියාවලියක් ප්‍රශ්න හෝ ප්‍රශ්න වලින් තොරව ප්රකාශ නොකළ යුතුය. එවැනි ප්‍රශ්න විසඳුම් වලට සමීපව සුරැකිය යුතුය.
වෙනස්කම් සහ වර්ගවාදය
ජාතිය, ජාතිය, ආගම, ලිංගිකත්වය, රැකියාව, ලිංගික හැඩගැස්ම, අසනීප හෝ භෞතික වශයෙන් පදනම් වූ ජාතිවාදයේ හෝ ජනවාර්ගික භේදයේ පදනම මත වර්ගවාදය හෝ නීතිවිරෝධී වෙනස්කම් කිරීමෙහි උසිගැන්වීම හෝ දිරිගැන්වීම අඩංගු කවර හෝ පුවත්පතක් හෝ පුවත්පත් කලාවේදියෙකු ප්‍රකාශයට පත් නොකළ යුතුය. මානසික අපහසුතාව, දේශපාලන විශ්වාස හෝ අදහස් සහ සමාජ හෝ ආර්ථික තත්වය. වාර්තාවේ මාතෘකාවට අදාළ වන ඒවා මිස, මෙම ලක්ෂණයන් පළ නොකළ යුතුය.
පුවත්පත් ප්‍රකාශකයෙකු සහ එහි අයිතිකරුවන් ප්‍රකාශයට පත් කිරීම වසරකට වරක් සන්නිවේදන ක්ෂේශ්ත්රය තුළ සහ පිටතදී තමන් සතුව පවත්නා ව්යාපාරික හා ආර්ථික අවශ්යතා පිළිබඳව නිසි හෙළිදරව් කිරීමක් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
කිසියම් කරුණක් පිළිබඳව යම් සන්නිවේදන ක්ෂේස්ත්‍රය තුළ හෝ පිටත යම් පුවතක් තුළ යම් ආර්ථික හෝ වෙනත් උනන්දුවක් ඇති පුවතක් තිබේ නම් එම පුවත් වාර්තාවට යාබද ස්ථානයක එම කාරණය පිළිබඳ නිසි හෙළිදරව් කිරීමක් කළ යුතුය.
අවිධිමත් භාවිතය
අග පුවත්පත් කලාවේදියෙකු හා මාධ්‍යවේදියෙකු තම ප්‍රකාශය , ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රකාශ කිරීම වැලැක්වීම සඳහා ඔවුන්ගේ කාර්යය හෝ ඔවුන්ගේ බලය අනිසි ලෙස භාවිතා නොකළ යුතුය
කාර්යය හේතුවෙන් ඔවුන් සතුව ඇති තොරතුරු නුසුදුසු ලෙස භාවිතා නොකළ යුතුය.
අතිරේක රැකියාව
ජනමාධ්‍ය වේදීන් යම්කිසි රැකියාවක්, වැඩ කිරීම, සේවාවක්, මහජන සම්බන්ධතා, දැන්වීම් ප්‍රචාරය කිරීම සහ උනන්දුව ඇතිවීම පිළිබඳ සැකය හෝ මහජනතාව නොමඟ යවන ප්‍රචාරක දැන්වීම් පලකිරීම නොකළ යුතුය
ප්‍රතිලාභ
මාධ්‍ය වේදියෙක් ඔහුගේ මාධ්යවේදී කටයුතු සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ මුදල් ජනමාධ්යවේදියකුගෙන් ඉල්ලා නොසිටිය යුතු අතර ලාභ අපේක්ෂා නොකළ යුතු ය.
නිදහස
1. පුවත්පත් කලාවේදියකු හා මාධ්‍යවේදියෙකු විසින් තම කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් හෙළි නොකරන ලද තොරතුරු බාහිර ආයතනයකින් සහ විශේෂයෙන්ම දැන්වීම්කරුවන් සහ රාජ්ය, ආර්ථික හා දේශපාලන ආයතන ඉල්ලා සිටීම නොකළ යුතුය.
තොරතුරු ලබාගැනීම සඳහා පුවත්පත් කලාවේදියෙකු සහ මාධ්යවේදියකු පිඩාවට පත් නොවිය යුතුය.ප්‍රචණ්ඩත්වය , කප්පම් ගැනීම්, තර්ජන, වංචා කිරීම්, නීති විරෝධී පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම, නීති විරෝධී ලෙස හොර රහසේ හෝ වෙනත් ආකාරයකින් මාධ්යවේදී වෘත්තියට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියා සුදුසු නොවේ.ජනමාධ්‍ය වේදීන්ගේ විශ්වාසනීයත්වය කඩකිරීම බරපතළ ලෙස මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් වන අතර, සිද්ධිය සම්බන්ධව කරුණු සොයා බැලීමේ හැකියාවක් තිබේ
ප්‍රකාශනයේ මුලාශ්‍රය දැක්වීම
පුවත්පතක හෝ මාධ්යවේදියෙකු තවත් පුවත්පතක හෝ මාධ්යවේදියෙකුගේ තොරතුරක් ඉදිරිපත් නොකළ යුතුය. වෙනත් සන්නිවේදන මාධ්යයකින් හෝ පුවත්පත් ආයතනයකින් දැනටමත් ප්රකාශයට පත් කර ඇති තොරතුරු සෑම විටෙකම පළ කරන ලද තොරතුරු, පුවත්පත් කලාවේදියා සහ සොරා නොගත යුතුය. මාධ්‍යවේදියෙකු මුලින්ම ප්‍රකාශකයාගේ අනන්‍යතාවය සඳහන් කළ යුතුය.
පුවත්පත් කලාවේදියකු හා මාධ්යවේදියකු විසින් එය රහසිගතව තබා ඇති තොරතුරු අනාවරණය නොකළ යුතු අතර ප්‍රබවයේ අනුමැතියෙන් තොරව රහස්‍ය ප්‍රභවයේ අනන්‍යතාවය හෙලි නොකළ යුතුය.
පුවත්පතෙහි ආචාර ධර්ම
23. අග පුවත්පත් කලාවේදීන් ආචාරධර්ම ක්සේශ්ත්රය තුළ සේවය කරන මාධ්යවේදීන්ගේ සුදුසු සුදුසුකම සහතික කළ යුතුය.
ආග පුවත්පත් ප්‍රකාශකයෙකු සහ එහි අයිතිකරුවන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ වෘත්තීය ජනමාධ්ය ආචාර ධර්මප්‍රතිපත්ති වලට අනුකූලව පුවත්පත් කලාවේදී සිදු කරන ලද සියලූ පුවත්පත් කාර්යයන් සවිබල ගැන්විය හැකි කොන්දේසි පවත්වා ගැනීමයි.
ඇග වෘත්තීය ජනමාධ්ය ආචාර ධර්ම පිළිබඳ මූලික කාරණයක් පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීමේදී මාධ්ය පුවත්පත් මණ්ඩලයේ ආචාර ආචාරධර්ම කමිටුව උපදේශක ආයතනයක් ලෙස කටයුතු කළ යුතුය.
කර්තෘ සහ මාධ්යවේදියෙකු
කිසිම අයිතමයක් හෝ ලිපියක් පළ කිරීමේදී මාධ්යවේදියෙකුගේ නමක් නොමැතිව, කර්තෘවරයෙකු විසින් සැලකිය යුතු ලෙස වෙනස් කර තිබේනම් , එම මාධ්යවේදීන්ගේ කැමැත්තෙන් තොරව.
ඊ. පළවන පුවත්පත් වාර්තාකරුවෙකු විසින් ලියන ලද ලිපියකින් ප්‍රකාශයට පත් කළ සංස්කාරකයකු, වෙනත් පුවත්පතක ලිපිය ප්‍රකාශයට පත් කිරීමට මාධ්යවේදියකුට ඇති අයිතිය උල්ලංඝනය නොකරයි.
ජනමාධ්යවේදීන් හා සේවය අවසන් කිරීම
අග අපරාධ චෝදනාවක් සඳහා රාජ්‍යය විසින් විත්තිකරුට චෝදනා කර ඇති මාධ්යවේදියෙකු පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම විනිශ්චය මණ්ඩලය විසින් විභාග කරනු ලබන අතර, ඔහු කෙරේ කරනු ලබන චෝදනා මාධ්යවේදී වෘත්තියට අපකීර්තියට පත් කරනු ඇත. එම අපරාධය ජනමාධ්යවේදී වෘත්තියට අපකීර්තියට පත්වන බව ආචාර ධර්ම විනිශ්චය මණ්ඩලය සොයා ගන්නා විට, එම පුවත්පතේ මාධ්යවේදීන් තම වැඩ කටයුතුවල ප්‍රමාණවත් පරිදි නිසි පරිදි ව්‍යාප්ත කිරීම සඳහා පුවත්පත ඉල්ලා සිටීම සුදුසුය. සහ අවසාන තීරණයක් වන තුරු, සම්පූර්ණ තත්වයන් මත පදනම්ව.
ආ. ආචාර ධර්ම විනිශ්චයකරු විසින් තීරනය කරන ලද වරදක් පිළිබඳ අවසන් විනිශ්චය අනුව මාධ්යවේදියෙකු වරදකරු කරනු ලැබුවේ කොතැනකදී ද, මාධ්යවේදී වෘත්තියට අපකීර්තියට පත්වන විට මාධ්යවේදියකුගේ රැකියාව නවතා දැමීමට නිසි පරිදි පුවත්පතෙන් ඉල්ලා සිටීමට විනිශ්චය සභාවට අවසර ඇත. මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පදනම්ව ආචාර ධර්ම විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි.
ඇග ඉහත පරිදි රැකියාව අත්හිටුවීම හා අවසන් කිරීම සලකා බැලීමේදී, ආචාර ධර්ම විනිශ්චයකරු විසින් පුවත්පත් මණ්ඩල රෙගුලාසි වල දක්වා ඇති සිවිල් ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කළ යුතුය.
මාධ්යවේදී ආචාර ධර්ම
ඊශ්රායෙලය පුවත්පත් මණ්ඩලය
වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ නීති
මාධ්යවේදීන්
(ඊශ්රායල පුවත්පත් කවුන්සිලය විසින් 1996 මැයි මස 16 වැනි දින පුන්ය මණ්ඩල සැසිවාරයේදී අනුමත කරන ලද අතර, 26.3.97, 6.9.99, 13.2.02, 7.1.03, 16.3.03, 18.9.08 , 18.9.08)
අර්ථ දැක්වීම්
(සංශෝධන 7.1.03)
1. ”පුවත්පත්” සන්නිවේදන මාධ්යකි එමෙන්ම මිට සන්නිවේදන සහ අන්තර්ජාල පුවත්පත් සහ අයිතිකරුවන්, ප්‍රකාශකයා සහ සංස්කාරක ඇතුළත් වේ.
සංස්කාරකවරයා යනු ”මාධ්යවේදීයෙක්” ලෙස හැදින්වේ
පුවත්පත් නිදහස සහ එහි වෘත්තිමය වගකීම
2. ප්‍රවෘත්ති සහ අදහස් නිවැරදි, සාධාරණ හා වගකීම් සහිතව මහජනතාවට සැපයීම සහ පුවත්පත්හි නිදහස සහ මහජනතාවට දැන ගැනීමට, පුවත්පත් සහ මාධ්යවේදියෙකු කටයුතු කළ යුතුය.
සමාලෝචනය
ඊශ්‍රායලය බහුතර ජනමාධ්‍ය පරිසරයක් තුළ ජනමාධ්‍ය නිදහස භුක්ති විඳිනු ඇත. කෙසේ වෙතත්, පලස්තීන කණ්ඩායම් සහ අසල්වැසි රටවල් සමඟ ඇති කරගෙන ඇති ගැටුම් හේතුවෙන් මාධ්ය ජාලයන් මිලිටරි වරණයකට සහ ගජන් නියෝගයන්ට යටත් වන අතර මාධ්යවේදීන් බොහෝ විට සංචාරක සීමා වලට මුහුණ දෙයි. දිගුකාලීන මාධ්‍ය බහුත්වවාදීන්ට තර්ජනය කරමින් ආර්ථික බලපෑම් මෑත වසරවලදී ප්‍රධාන වෙළඳසැල්වල තිරසාරභාවය යටපත් කර ඇත.
පුද්ගලික මුද්‍රිත විකාශන මධ්‍යස්ථාන වල මුල්‍ය ශක්යතාව පිළිබද 2015 දී විශේෂයෙන් සැලකිලිමත් වූ අතර විශේෂයෙන්ම රටේ මුද්‍රණ අලෙවි සැළැස්ම වන නිදහස් ඊශ්‍රායල් හේම් හි වැඩෙන වෙළඳපල කොටස සැලකිල්ලට ගෙන තිබේ. ඇමරිකන් වයපාරිකයෙකු වන ෂෙල්ඩන් ඇඩල්සන් විසින් එය සන්තකයේ සහ පවත්වා කර ඇති අතර, ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දැඩි ලෙස සහයෝගය දක්වයි. සැලකිය යුතු උද්වේගයක් වූයේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියේ ශබැඑ වැනි ප්‍රධාන මාධ්යවල ප්‍රධාන වෙළඳ මාධ්යවල ප්‍රචාරය නොවූ වෙළඳ ප්‍රචාරණ සහ වෙළඳනාම අන්තර්ගතයන් වැඩි කිරීමයි.
පුවත්පත් නිදහස සඳහා නීතිමය ආරක්ෂාවන් දැඩිව තිබේ. රටේ මූලික නීති වලට නිශ්චිතවම විසඳුමක් නොලැබුණත්, මූලික නීති වලට එය ඇතුළත් කර ඇති නීති සම්පාදනය කිරීමට කෙස්සට (පාර්ලිමේන්තුවට) බලය ඇත .
ඊශ්‍රායල් නිදහසේ ප්‍රකාශනයෙහි සඳහන් මූලධර්මයන් සඳහන් කරන ලද අධිකරණ නියෝගවල නීතිමය නිදහස සඳහා නීතිමය අයිතිය ද තහවුරු කර ඇත. ඉරාකය ක්‍රියාශීලි තොරතුරු පාරිභෝගිකයින් වේ. හෙබ්රෙව් පුවත්පත් ප්රධානීන් මිලියන 8 කට අඩු ජනගහනයෙන් ජනගහනයෙන් මිලියන දහසකට අධික පාඨකයන්ට එකතු වේ. ඊස්රායල් සමාජයේ බහුත්වවාදී සැකැස්ම, පුවත්පත්වල ආකෘතිය තුලින් පිළිබිඹු වන අතර, විවිධ ආගමික, වාර්ගික හා ජනමාධ්ය පාඨකයන්ට සේවය කරන සතිපතා පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි රාශියකට වඩා වැඩි ප්‍රමාණයක් ඇත.
2011 ඔක්තෝබර් 13 වැනි දින වන විට ජෙරුසලමේ මාධ්‍ය තත්ත්වය පිළිබඳ විරෝධතා ඇති විය.මේ පිළිබඳ ජනමාධ්ය ආචාර ධර්ම පිළිබඳ ජනමාධ්ය සභාවේ ආචාර ධර්මයට ප්‍රතිචාර වශයෙන්, යථාර්ථයට ගැලපෙන කරුණු ලෙස අසත්ය හෝ අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීමට මාධ්යවේදීන්ට ඉඩ දීම සිදුකරන ලදී
මාධ්‍ය තුළ යහපත් ලෙස කටයුතු කිරීම, එම තනතුරේ අඩංගු මාධ්ය ආචාරධර්මයේ ප්‍රක්නප්ති හා නිර්ණායකයන්ගෙන් අපරිධ්රතාවයන් හා අපගමනය වලින් ප්‍රතිචාරයක් දැක්විය යුතුබව පෙනී යයි.මෙම නොගැළපීම්, එක්සත් ජාතීන්ගේ යෝජනා, ජාත්යන්තර පරිචයන් සහ ජාත්යන්තර අධිකරණයේ විනිශ්චය ඇතුළුව, අතිවිශාල ලියකියවිලි හමුවේ වුවද, එය අර්ථකථනය කිරීම නොතකා හැරීමේ ඉඩ නොතකා හැරිය හැකි භයානක පූර්වාදර්ශයකි. මෙයට අනිසි ලෙස භාවිතා කිරීම සඳහා යෝග්‍ය වාතාවරණයක් ඇති කිරීම, විශ්වසනීය තොරතුරු ලබා ගැනීමේ අයිතිය, මානව අයිතිවාසිකම් පිළිබඳ සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට අදාළ වේ.
ජාත්යන්තර මාධ්ය ආචාරධර්ම මධ්යස්ථානයේ ජනමාධ්ය ආචාරධර්ම පිළිබඳ ගැටළු පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික සංවිධානයන් ගණනාවක් ඊශ්‍රායලය පිලිබදව අවදානය යොමු කරයි. මාධ්ය ආචාරධර්ම මණ්ඩලයේ ස්ථාවරය පිළිබඳව එම ආයතන පරීක්ෂණයක් සිදුහකරන ලදී එහි නිර්වචනය අනුව ජනමාධ්‍ය ආචාරධර්ම කවුන්සිලයේ මාධ්‍ය ආචාරධර්ම ප්‍රඥප්තියේ මූලධර්ම අනුගමනය කිරීමට අදහස් කරන ලදි. මෙම මූලධර්ම, වෘත්තියේ ප්රතිඵලයක් ලෙස සමාජයේ වරප්‍රසාදිත තත්වයක් ඇති ජනමාධ්යවේදීන් ඇතුළු ජනමාධ්යවේදීන්ගේ හැසිරීමකි. ඔවුන්ට විශාල වගකීමක් ඇති බලයක් තිබේ; එම බලයේ උපකරනය වචනය වන අතර, වචනයේ සමාජ විඥානය හැඩගැන්වී ඇත. ඩිජිටල්කරණය සහ අන්තර්ජාලයට විශ්වීය ප්‍රවේශය තුළ පණිවිඩය සරල හා කෙටි වන අතර එමඟින් තනි වචනවල වැදගත්කම වැඩි කිරීම බව සැලකිය යුතුය. එබැවින් මාධ්‍ය පණිවුඩ සකස් කිරීමේදී පහත දැක්වෙන මූලධර්ම පිළිපැදිය යුතු විට, විශේෂයෙන් වැදගත් වන්නේ: නිරවද්යතාවය , අවංකභාවය, පාඨකයින්ගේ මානව අයිතිවාසිකම්, සවන්දෙන්නන් හා සත්‍යය පිළිබඳ නරඹන්නාට සහ වෘත්තීය ප්රමිතීන්ට අනුකූලව දැඩි ලෙස කටයුතු කිරීමයි.ඉහත සඳහන් ප්රඥප්තියෙහි මෙසේ සඳහන් වේ. ”මාධ්යවේදීන්, සංස්කාරකවරුන්, නිෂ්පාදකයින් සහ විකාශකයන් විසින් ඔවුන් සම්බන්ධ කරන තොරතුරු සත්යය සමග එකඟ වන බව සහතික කර ගැනීම, වෙහෙස මහන්සි වන අතර විකෘති කිරීමකින් තොරව ඔවුන්ගේ නියම සන්දර්භය තුළ වාර්තා කිරීම බලාපොරොත්තු වේ ” (සත්යතාවේ ඊනියා මූලධර්මය) තව දුරටත් මාධ්යයේ නිදහස මාධ්යවේදීන්, සංස්කාරකවරුන්, නිෂ්පාදකයින් සහ ප්‍රචාරකයන්ට සන්නිවේදනය කිරීමේ අන්තර්ගතය සහ ස්වරූපය හා එහි ප්‍රතිපල ප්‍රතිවිපාක සඳහා වගකිව යුතු” නිදහසේ හා වගකීම පිළිබඳ ඊනියා මූලධර්මය” පිළිබද අවධානය කිරීම වටී.
ජාතයන්තර මාධ්ය ආචාර ධර්ම මධ්‍යස්ථානයේ පූර්ණ මතය
ආරවුලට ලක්වන ඕනෑම කරුණක් පිළිබඳව ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට දැනුම් දීම සඳහා මාධ්යවේදීන්ට වගකීමක් ඇත. ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කිරීම මතභේදාත්මක කරුණුවලින් (හෝ බහු පාර්ශ්වික) දෙකම නියෝජනය කළ යුතු අතර, විශ්වාසනීය (සහ හැකි නිල නිල) මුලාශ්‍රයන්ගෙන් විවිධාකාර සහ ප්‍රතිවිරුධ්ධ අදහස් ඇතුළුවිය යුතුය. කරුණු පාඨකයින් ඔවුන්ගේ පාඨකයින්ගේ කොටසක තර්ක විතර්ක විය හැකි නම්, කරුණු කාරණා විවාදයට ලක් වන්නේ මන්දැයි සහ විවේචනාත්මක විවිධාකාර අනුපිළිවෙලවල් මාලාවක් ඉදිරිපත් කළ යුතු ය.
පාඨකයන්ගෙන් / සවුත්තුකරුවන්ගේ පැමිණිලිවලදී, පුවත්පත් කලාවේදියකුට නිසි ප්‍රතිචාර දැක්වීම හෝ ප්‍රවෘත්ති පිලිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන සංස්කාරකවරුන්ට (සහ හැකි පරිදි ප්රකාශයට පත්) ලිපි වලට ප්රතිචාර දැක්වීම සඳහා සුදුසු හා ස්ථාවර ක්රමයක් අනුගමනය කළ යුතුය. ”
ඊශ්රායලය තුළ වාරණය පිළිබඳ නීති පදනම් වන්නේ 1945 සිටබි්‍රතාන්‍ය හදිසි රෙගුලාසි මතය. ඊශ්‍රායල සිනමා ශ්රේණිගත කිරීමේ මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ අචාරධර්ම කඩකිරීමක් සිදුවූ විටය.සීමා කිරීම් සහ චිත්රපට තහනම් කිරීම අශිෂ්ට, ජාතිවාදී හෝ ප්රචණ්ඩත්වයට අවවාද කිරීමක් ඇති චිත්‍රපට වලට මෙම බලපෑම වැඩිය.තහනමට හා වාරණයට ලක්ව ඇත්තේ චිත්‍රපට හෝ නාට්‍ය අතලොස්සක් පමණි. කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.ආරක්ෂක හා මිලිටරි ප්‍රශ්න සම්බන්ධයෙන් වන චිත්‍රපට වාරණය ඊශ්රායෙලයේ මිලිටරි වාරනය පිලිබඳ වගකීමකි. ප්රකාශයට පත් කිරීමට පෙර සියලු ලිපි ලේඛන සඳහා සියලු ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වුවද, ඊශ්රායලයේ න්යෂ්ටික අවි වැනි සංවේදී විෂයයන් පිළිබඳ ප්රසිද්ධ ලැයිස්තුවක් පමණක් ඉදිරිපත් කල යුතුය. එසේ නොකළහොත් එම චිත්‍රපටය කපා දැමිය හැකිය.සංවේදී විෂයයන් ලැයිස්තුවක්, ප්රකාශයට පත් කිරීමට පෙර වාරණයට ඉදිරිපත් කිරීමට නියමිත ලිපි, ඊශ්රායල මාධ්යවේදීන්ගේ නියෝජිත කණ්ඩායමක් වන ඊස්රායල් බලධාරීන් හා ‘කර්තෘ කමිටුව‘ අතර වාරික ගිවිසුමක රාමුව තුළ තීරණය කරනු ලැබේ. ”දේශපාලන ප්රශ්න සම්බන්ධයෙන්, සංවේදී තොරතුරුවලට ඇඟිලි ගැසීමෙන් මිස, අදහස් හෝ තක්සේරු කිරීම් මත වාරණයක් සිදු නොවනු ඇත.” ඊස්රායලය පිළිබඳ වාර්තාවක් මෙසේ සඳහන් කරයි. ”රටේ ජනමාධ්යවේදීන් කලාපයේ වෙනත් තැන්වල සොයාගත නොහැකි නිදහසක් භුක්ති විඳින නමුත් 2000 දී දෙවන ඉන්ටිෆාඩාව ආරම්භයේ සිටම ඔවුන් සඳහා ආරක්ෂිතම වසරක් ලෙස පැවතුනි” ඊශ්රායලය, පලස්තීනුවන් සහ ලෙබනනයේ හිස්බුල්ලා අතර ගැටුම් ප්රදේශ ආවරණය කරන වාර්තාකරුවන් විසින් භෞතික අවදානම් දැරීය.
1956 සිට 1967 දක්වා ජර්මනියේ නිෂ්පාදනය කරන ලද සියලුම චිත්රපටි පෙන්වීම තහනම් කරන ලදි.
1957: චීනයේ ” ගේට්ටුව ” ච්ත්‍රපටය ඉතාලියේ තහනම් කර තිබුණි. ඊස්රායල් සිනමා මණ්ඩලයේ අධ්යක්ෂකවරයා විසින් චීන හා රුසියානු සොල්දාදුවන් ”චුදිතයන්” ලෙස නිරූපනය කරන ලදී.
1965: ගෝල්ඞ්ෆින්ගර්ගේ ” ගර්ට් ෆ්රෝබෙගේ ” නාසි අතීතයට පෙර සති හයකට තහනම් කර තිබිණි. කෙසේ වෙතත් දෙවන ලෝක යුද සමයේ ගෙස්ටාපෝහි ජර්මනියේ ජර්මානු යුදෙව්වන් දෙදෙනෙකුව සැඟවීම සඳහා යුදෙව් පවුල ප්‍රසිධ්ධියේ ස්තුතිය පළ කළ විට තහනම ඉවත් කරන ලදී.
1973: ඇලෙක් ගිනස්ගේ ” හිට්ලර්ගේ ආලෝකය ආලෝකය ” විනිශ්චය මණ්ඩලය විසින් ඒකමතික තීන්දුවක් මත පසුගිය දින දහය තහනම් කරන ලදී.
1988: ශුද්ධ වූ භූමියේ ක්රිස්තියානි ඇදහිලිවන්තයන්ගේ හැඟීම්වලට බලපෑම් වන නිසා මාටින් ස්කෝර්සෙස්ගේ ” අවසාන පරීක්ෂාව ” තහනම් කරන ලදී. ඊශ්රායෙලයේ ශේෂ්ඨාධිකරණය පසුව තීන්දුව අවලංගු කලේය. 2002: ජෙනින්, ජෙනින් විසින් ඊශ්රායල් සිනමා ශ්රේණිගත කිරීමේ මණ්ඩලය විසින් එය තහනම් කර ඇති අතර එය මහජනතාවට අවමානයට ලක්විය හැකිය යන මතය නිසාය.ඊශ්රායෙලයේ ශ්රේෂ්ඨාධිකරණය පසුව තීන්දුව අවලංගු කළේය.
ඉශ්‍රායල් ජනමාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයේ වැදගත්කම
ඉශ්‍රායල් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයේ 3 (ඊ) දක්වා ඇති පරිදි මාධ්‍යවේදියෙකුට ලබා දුන් තොරතුරක් ප්‍රසිද්ධ මාධ්‍යක පලකරන්නේ නම් එම තොරතුර ලබා දුන් පුද්ගලයාගේ හෝ එම තොරතුරු මුලාශයේ රහස්‍යභාවය සුරැකීම මාධ්‍ය ආචාර ධර්මයකි. රහස්‍යභාවය සුරකින්නේ නැතිනම් එම පුද්ගලයාට එන සමාජමය බලපෑම් වැඩිය. තොරතුරු ලබාදුන් පුද්ගලයාට සාජයට මුහුණ දීමට නොහැකි වේ. තොරතුරු ලබා දුන් පුද්ගලයාගේ පේද්ගලික ජිවිතයට හානි සිදු වීමට පවා ඉඩ තිබේ. එම නිසා තොරතුරු ලබා දුන් පුද්ගලයාගේ හෝ තොරතුරු මුලාශ්‍රයේ රහස්‍යභාවය සුරැකීම ඉතා වටිනේය. මෙමගින් නිදහස් හා ජනතාවට ඉතා සර්වසාධරණ මාධ්‍ය ක්‍රියාවලියකට ඉඩකඩ විවර වේ. 04වන වගන්තියට අනුව “සත්‍යට පක්ෂපාති වීම” යන්න ඉතා වැදගත් සාධකයක් කොට දක්වා තිබේ. ජනතාව නොමග යවන/ අසත්‍ය ඣී තොරතුරු කිරීම ආදිය නොකල යුතු බව දන්වා තිබේ. ඉදිරිපත් කරන තොරතුරු අනුව එම තොරතුරු මගින් ජනතාව මුලාවට පත්වේ නම්, ජනතාව නොමග යවයි නම් එම තොරතුරු මගින් සිදුවන බලපෑම අයහපත් බලපෑමක්වේ. නුතන මානවයා / ජනයා දැඩිසේ තොරතුරු පිපාසයකින් පෙළෙන අතර එම ලබා ගන්නා තොරතුරු මගින් ඔහු මුලාවට අපහසුතාවයට පත් වේ නම් එය ආචාර ධර්ම වලට පටහැනිසේම රටෙහි සංවර්ධන ක්‍රීයාවලිය අඩපණ කිරීමට සමත් වේ. එසේම මෙහි 4 (ඊ) යටතේ දැඩිසේ අවධාරණය කර තිබේන්නේ දේශපාලන බලපෑම් ආර්ථික විධනය හෝ ප්‍රචාරණ වර්ජන යනාදිය නිසා තොරතුරු පලකිරීමෙන් වැලකීම නොකල යුතු බවයි. ඉහත සදහන් බලපැම් නිසා මාධ්‍යවේදියෙකු ෂත්‍ය වසන් කරයි නම් ජනතාවද ඉන් මුලාවට පත් වේ. ඉශ්‍රායල යනු පලස්තියන අතර නිතර නිතර ගැටුම් ඇතිවන රටකි. මෙහිදි මෙම ගැටුම් නිසා ජිවිත හානි දහස් ගණනින් සිදු වේ. යුධ තොරතුරු වාර්තාකරණය ද සැගවිසකීන් තොරව නියමාකාර ලෙස ඉදිරිපත් කල යුතු බව දන්වා තිබේ. ජනතාවට එම තොරතුරු සගවයි ද ඉන් මුළු රටම අදුරු කරවීමට හැකියාව තිබේ. 4වන පරිච්ඡේදයේ ක් තුල දක්වා ඇත්තේ “සෘජු හෝ නිවරදි” ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදියෙකුට නොහැකි නම් එය පල කිරිමෙන් වැලකිය යුතු බව දන්වා තිබේයි. එහි තවදුරටත් සංස්කාරක වරුන්ට හා කතෘ වරුන්ට අවධාරණය කර සිටින්නේ මාධ්‍යවේදියා ලබා දෙන තොරතුරු වසන් නොකල යුතු බවයි. මෙම 04වන පරිච්ඡේදය හොදින් පරික්ෂා කර බලන විට පනියන්නේ ඉශ්‍රායල් මාධ්‍ය ආචාර ධර්ම සංගඟායේ දැඩිලෙෂ ජනතාවට යහපතට මුල් තැන දී ඉදිරිපත් කිරීමට උත්සහා ගත් බව පෙනී යයි. “මාධ්‍යවේදියා” සත්‍ය සමාජයට ලබාදෙන්නන් බවට පත්විය යුතු බව ඉශ්‍රායල් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයේ යලිත් යලි යලිත් තහවුරු කරයි.
05 වන පරිච්ඡේදය තුල කරුණු පරික්ෂා කිරීම ද ඉතා වැදගත් අංශයක් සේ “මාධ්‍යවේදියාට” අවධාරණය කරයි. මාධ්‍යවේදියා ජනතාවට ඉදිරිපත් කිරීමට ලබා ගන්නා තොරතුරු ඉතා සියුම් ලෙෂ පරික්ෂා කර බැලිය යුතුය. එමෙන්ම එමගින් වන සමාජ බලපෑම හා එහි ගුනාත්මකභාවය පිලිබද සැලකිලිමත් විම ඉතා වැදගත් බව පෙන්නා තිබේ. එහි දෙවන කොටස තුල දක්වා ඇත්තේ ඉක්මනින්/හදිස්සියේ ඉදිරිපත්කරන්නාවූ තොරතුරු වුවද ෂත්‍ය අසත්‍යතාව ඉතා සුවුශේෂිව විමසා බැලිය යුතු බවයි. ඇතැම් මාධ්‍ය ක්‍රියාකාරිත්වය හා පරිපාලනමය තත්වයන් තුල ඇතිවන දෝෂ සහිත භාවය නිසා මෙම ඉදිරිපත් කරන තොරතුරු වල ෂත්‍යතාවය පිලිබද වගකීම මාධ්‍යවේදියා ගත යුතු වේ.
06 වන පරිච්ඡේදය තුල වෛෂිකත්වය පිලිබදව සාකච්ඡාකරනු ලැබේ. ප්‍රවෘත්ති හා තොරතුරු ඉදිරිපත් කිරීමේදි මාධ්‍යවේදින් විසින් පුවත් ආචාරධර්ම වලට අනුව සකස්කර තිබිය යුතුය. එසේ නොවන පුවත් හා එම මාධ්‍ය ආයතන පිලිබදව ඉශ්‍රායල් රජයෙන් අවධානයෙන් සිටි.
“ක් ප්රවෘත්ති පළ කිරීම සාධරණ හා නොමග යවන සුළු විය යුතුය.”
යනුවෙන් දැක්වීම තුල ග්‍රාහකයා වෙත නිවරදි තොරතුරු ඉදිරිපත් කිරීම පිලිබද ආචාරධර්ම වගකීම පවරනු ලබයි. වෙනත් සන්නිවේදන ක්‍රම වලට වඩා ප්‍රවෘත්ති මගින් සුදුවන බලපෑම වැඩිය. එම නිසා පුවත් නොමග යවන සුළුනම් රටතුල කැලඹිමක් පවා ඇති කල හැකිය. උදා:- පලස්තින ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබදඑ ක්තර පුවත් පතක පුවතක් නිසා ජෙරුසලම තුල මහත් කැලඹිලිකාරි බවක් ඇති වුවේය. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් තම සුවත් හා මාධ්ය වෙත ග්‍රෘහකයා රදවා ගැනිම හා අද්දවා ගැනිම වෙනුවෙන් නිර්මාණශිලි පුවත් සිරස්තල ඉදිරිපත් කරයි. ඇතැම් ඒවා ජනතාව නොමග යවන සුළු එවා වේ. එම නිසා 6 ෘ යටතේ ඊශ්‍රායල් පුවත් ආචාරධර්ම සංග්‍රහය දන්වා තිබේන්නේ
“සිරස්තලයද නොමග යැවේ නම් එය පල නොකල යුතුය”
මෙහි ෑ යටතේ දක්වා ඇත්තේ ප්‍රචාරණය හා පුවත් වෙන වෙනම සිදුකල යුතු බවයි.පුවත්පත් හා ඇතැම් මාධ්‍ය වේදින් විසින් ප්‍රවෘත්ති මුලාවෙන් සිදුකරන වෙනත් ප්‍රචාරණ සිධින් තහනම් කර ඇත. ශ්‍රි ලංකාවේ යම් යම් රූපවාහිනි මාධ්‍ය හා පුවත් මගින් මාධ්‍ය මගින් ඊසංබැි භැඅි ලෙස විවිධ ව්‍යාපාරික තොරතුරු මුදා හරියි. ඇතැම් වර්තා කිරීම් ප්‍රවෘත්ති ස්වාභාවයක් ගත්තද මේවා මගින් වෙළද ප්‍රචාරණ හා ව්‍යාපාරික අරමුණු ඉටුකරනු ලැබේ. ඊශ්‍රායල් පුවත් පත් මණ්ඩලය ආචාරධර්ම සංග්‍රහයට අනුව එවැනි ප්‍රචාරණ තහනම්ය. “පුවත්පත් කලාවේදියෛකු හා පුවත්පත් මාධ්‍යාව්දියෙකු විසින් ප්‍රචාරන හා පුවත් අතර වෙනස පැහැදිලිව හදුනාගත යුතුය.” මෙම ආචාරධර්ම සංග්‍රහය තුල හන 07වන පරිච්ඡේදය වැරදි සමවෙ හා ප්‍රතික්‍රියාව නිවරදි කිරීම යනුවෙන් සදහන් කර ඇත. යම් මාධ්‍යවේදියෙකු විසින් වරදක් සිදුවිය හැකිය. එම වරද වෙනුවෙන් සාමව ඇයදිම හා වරද නිවරදි කිරීම යහපත් ආචාර ධර්මයක් වේ. මෙම ආචාරධර්ම සංග්‍රහයට අනුව
“කරුණු ප්‍රකාශයට පත් කිරිමේදි අත හැරිම් හෝ වැරසි තොරතුරු ඇත්නම් ඒවා නිවරදි කර කඩිනමින් ප්‍රකාශ කල යුතුය.”
්‍යම් අතපසුවිමක් වරදක් සිදු වූ විට එම වරද හා අතපසු විම ඉතා ඉක්මනින් කඩිනමින් නිවරදිකිරීම කල යුතු වේ. ඒසේ නොමැති විට එනම් කල්ගත වුවහෝත් එය සමාජ ගත වී ග්‍රහාකයාටත් තොරතුරට ආදාල වස්තු බිජයටත් දැඩි සේ හානි සිදු fවි. හය අපහාසයක් විය හැකිය. වැරදි තොරතුරක් සමාජ ගත කිරිමෙන් සමාජය තුල ඇති කැලල මකා දැමිමට “කඩඩිනමින්” නටයුතු කල යුතු බව දන්වා ඇත්තේ එම නිසා වේ. එම ප්‍රකාශය දිර්ඝ කරමින් තවදුරටත් දන්වා සිටින්නේ “මිට අමතරව සුදුසු අවස්ථාවන් වලදි සමාව ඉල්ලා සිටිය යුතුය. සුදුසු අවස්ථාවන් වලදි යම් පුද්ගලයෙකුටබරපතල වැරද්දක්, පැහැර හැරිමක්, නොසැලකිල්ලක් සිදු වුවහොත් ඒ පිලිබද ඉක්මනින් ප්‍රතිචාර දැක්විම හා මුල් ප්‍රකාඹයට ආදාල අවදාරණය කිරිම සමග සාධාරණ ප්‍රචාරණයක් ලබා දිය යුතුය.”
මෙම ඉදිරිපත් කිරිම තුල ඊශ්‍රායල් පුවත්පත් වගකිම් සහාගතව හා සමාජ සාධාරණශ්‍රිලිව කටයුතු කිරිමේ ආචාරධර්මිය වගකිම පෙන්වා දෙයි. ජන සමුහයක තොරතුරු පිපාසය නිසා තොරතුරු ඉදිරිපත් කරනවා සේම එම තොරතුරු මගින් තවත් පුද්ගලයෙකුට හෝ තොරතුරු මුලාශ්‍රයක් වෙත වරදක් නොකල යුතුය.
08 වන පරිච්ඡේදය තුල “පෞද්ගලිකත්වය හා හොදනම” පිලිබදව අවධාරණය කරයි. පුවත්පත් මගින් තොරතුරු ලබා දෙන විට පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය හෝ මහපත් නමට අපකිර්තියක් නොවන ලෙෂ කටයුතු කල යුතු බව පෙන්වා දෙයි. පුවත්පත් තුල යමෙකුගේ චරිත ලක්ෂණ ඔහුට මුහුණ දිමට සිදු වූ සිදු විම් රෝග ආර්ථික ලක්ෂණ ශාක්ෂරතා ඥාණයේ පහත් මට්ටම ආදිය වාර්තා කිරිම තුල ඔහුගේ ප්‍රතිරුපය හා හොදනම රටක් ඉදිරියේ බිද වැටි යයි. එම නිසා ඊශ්‍රායල් පුවත්පත් ආචාරධර්ම සංග්‍රහාය පැහැදිලිවම 08 වන පරිච්ඡේදය තුල පෞද්ගලිකත්වය හා හොදනම තවදුරටත් දිර්ඝ කරමින් දන්වා ඇත්තේ යයම් පුද්ගලයෙකුගේ තොරතුරු හෙලි කරන්නේ නම් ඒ පිලිබදව මුලික පරික්ෂනයක් ස්ද්කල යුතු බවයි. එම මුලික පරික්ෂණය මගින් සාධාරණ ප්‍රකාශයක් ඉදිරිපත් කර වාර්තා කල යුතුය.
“එය ප්‍රකාශයට පත් කිරිම සදහා පොදු උනන්දුවක් හෝ ප්‍රමාණවත් තරම් බලපැමක් නොකල යුතුය.”
යනුවෙන් දැන්විම තුල තොතරුරු ඉදිරිපත් කිරිම දසහා කරන කැපකිරිම තුල ඉහත සදහන් ආකාරයේ පුද්ගලයෙකුගේ තොරතුරු ඉදිරිපත් කිරිමේදි මෙම වගන්තියේ සමදහන් ආකාරයට “පොදු උනන්දුව, ප්‍රමාණවත් තරම් බලපැමක්”නොවන ආකාරයෙන් ඉතා සියුම්ව ඉදිරිපත් කල යුතුය. සිරස්තල වශායන් හෝ පුද්ගලයා පිලිබද තොරතුරු කෙන්ද්‍ර වන ආකාරයෙන් බදිරිපත් කිරිම ආචාරදර්මිනව පටහැනි වේ.
09 වන පරිච්ඡේදය තුල ජිවිත හානි පිලිබදව ප්‍රබලව දක්වා තිබේ.
09 ්
“මියගිය හෝ බරපතල තුවාල ලැබු පුද්ගලයෙකුගේ ගම, ඡායාරූපය හෝ වෙනත් හදුනාගැනිමේ විස්තරයක් පුවත්පත් හා ජනමාධ්‍යවේදියෙකු විසින් ප්‍රකාශයට පත් නොකල යුතුය.”
්‍යම් අනතුරු ගැටුම් ආදිය සිදුවිම තුල පුද්ගල ජිවිත හාවියට හෝ බරපතල තුවාල ලැබිමට සිදුවේ. එහිදි එම පුද්ගලයන්ගේ නම, ඡායාරූපය හෝ වෙනත් හදුනාගැනිමේ විස්තරයක් ඉදිරරිපත් කිරිම තුල එම පුද්ගලයාගේ නමට හෝ පෞද්ගලිකත්වයට දැඩිසේ හානි සිදුවේ. එම නිසා පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු වස් එකි තොරතුරු වාර්තා කිරිම ආචාරධර්මිකව නවතා තිබේ. පුවත්පත් මාධ්‍යවේදින් විසින් එම මිය ගිය පුද්ගලයෙකුගේ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ජිවත්ව සිටින පවුලේ උදවියට ඔහුටට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන්ට රට තුල මුහුණ දිය නොහැකි තත්වයක් උදා වේ. එමෙන්ම බරපතල තුවාල ලැබු පුද්ගලයෙක් හෝ යම් දුෂණයකට ව්‍යසනයකට මුහුණ දුන් පුද්ගලයෙකු හෝ ඔවුන් පිලිබද තොරතුරු වාර්තාකරණය නිසා එම පුද්ගලයා ලැජ්ජාවට පත්ව සියදිවි නසා ගැනිමේ අවස්ථා ද වාර්තා වී තිබේ. එම නිසා එකි ආචාරධර්මිය සිමාව සිමාව ඉතා අගනා වටිනා සිමාවක් ලෙස ඊශ්‍රායල් තුලද බල පැවැත්වේ. යම් හේතුවක් මත එකි පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු වාර්තා කිරිමට සිදුවුවහොත් පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ඉතා වගකිමෙන් කටයුතු කල යුතු බව “ඊ” කොටසේ දක්වා තිබේ. මිනිසුන් විවිධ මාධ්‍ය මගින් (නිල හෝ නිල නොවන) තොරතුරු ලබා ගන්නා විට ඉහත මරණ හෝ තුවාල සිදුවිම් පිලිබදව ඔවුන් දැන ගනි.
පුවත්පත් මාධ්‍යද තරගකාරි අරමුණින් හෝ සමාජ ආරක්ෂතා හා සාධාරණ හේතුන් මත මෙකි වරතාකරණය සිදුකරන්නේ නම් පෞද්ගලිකත්වය පිලිබද ඉතා වගකිමෙන් කටයුතු කිරිම ඉතා වටිනේය. (ක්) කොටස තුල එකි සිදුවිම් වාර්තා කිරිfමිදි පොදු යහපත ප්‍රකාශනය කරන ආකාරය හා සංවේදි භාවය පිලිබදව අවදානය යොමු කල යුතු බව දැඩිව අවධාරණය කරයි. පුද්ගලයාගේ නම, ඡායාරූප, තොරතුරු වර්තා නොකර සිදුවිම වර්තා කලද, එම සිුවිව වර්තා කිරිම මගින්ද පොදු ජනයා තුල කැලඹිමක් ඇතිවිය හැකිය. ජාතින් අතර හෝ දේපාර්ෂවය අතර ගැටුම් ඇති විය හැකිය. ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව ගිලිහි යා හැකිය. එම නිසා (ක්) කොටස තුලද ආචාරධර්මිය ප්‍රබල සිදා පනවා තිබේ. එමෙන්ම එම තොරතුරු වාර්තා කරන ආකාරය පිලිබදව සැලකිලිමත් විය යුතුය. ප්‍රබලව හා සෘජුව කරන බලපැම් හා දඅඩිව අවධාරණය කිරිම් යනාදිය තුල ඉතා ප්‍රබල ලෙෂ සමාජය තුල ගැටුම් ඇතිවිය හැකිය. එමෙන්ම සංවේදිතාවය පිලිබදවද කරුණු දන්වා ඇත. තොරතුරක් ඉදිරිපත් කරන ආකාරය හා එම තොරතුරේ අන්තර්ගතය නිසා ජනතාව සංවේදිතාවයට පත්වන අවස්ථා ඇත. එම සංවෙදිතාවයන් නිසා ආතතිය, ක්ලාන්තය, විශාදය ආදි මානසික රෝග මෙන්ම ජිවිත හානිද සිදුුවිය හැක.
එමෙන්ම අපරාධයකටට ගොදුරු වූ තැනැත්තෙක් මෙන්ම අපරාධයක් සිදුකල පුද්ගලයෙක් හෝ ලිංගික අපරාධයක් සිදුකල පුද්ගලයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් පිලිබදවද වාර්තා කිරිම ඉශ්‍රායල් පුවත්පත් ආචාරධර්ම සංග්‍රහය මගින් නවතා දමා තිබේ. එසේ වරදක් අපරාධයක් සිදුකල පුද්ගලයෙකු පිලිබද තොරතුරු වර්තාකරණය මගින් එම පුද්ගලයා අනාගතයේ යහපත් පුද්ගලයෙකු වුවද සමාජය තුලල ඇතිවන කකැලල නිසා ඔහුගේ යහපත් බවට ඉඩ ඇහිරි යයි. ඔහුගේ පවුලේ අනෙකුත් පාර්ශවයන් දැඩිලෙෂ අපහසු තාවයට පත්වේ. එමනිසා මෙකි ආචාරධර්ම සංග්‍රහාය ඉතා ප්‍රබල ලෙෂ ජනතාව හා ජාතික සාමය ැආරක්ෂාව ගැන සිතන ආචාරධර්මිය සංග්‍රහායක් බවට පෙනි යයි එම නිසා ජිවිත හානි පිලිබදව කරිතා කිරිම ඉතා ප්‍රබල ආචාරධර්මිවය සිමාවන්ට යටත් කිරිම ඉශ්‍රායල පුවත්පත් මණ්ඩලයේ ඉතා යහපත් ක්‍රියාවලියක් වේ.
දසවන පරිච්ඡේසය තුල බාලවයස් කාරයන් සම්බන්ධ තොරතුරු වාර්තා කිරිමේ ආචාරධර්මිය සිමාවන් පිලිබදව සාකච්ඡා කරනු ලබයි. ඊශ්‍රායල් නිතියට අනුව වයස අවුරුදු 14ට අඩු පුද්ගලයන් බාල වයස්කාරයන් ලෙස අර්ථ දක්වයි. මෙම බාල වයස්කාරයන් රටේ අනාගත පරිපාලනය බාර ගැනිමට සිටින පාර්ශවය බැවින් ඔවුන් පිලිබද ඉතා විශේෂ අවධානයක් යොමුකර තිබේ.
වයස අවුරුදු 14කට අඩු පුද්ගලයෙකුගේ සිදුවිමක් සම්බන්ධව ක්‍රියාකාලාපයක් පිලිබද වර්තා කරන විට නම, ඡායරූප හා ඔහුට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකුගේ තොරතුරු වාර්තාකිරිමේදි ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය, ශුභසාධනය භාරකරුගේ හෝ දෙමාපියන්ගේ සංවර්ධනයට හානි නොවන ලෙස ඉඉදිරිපත් නිරිමට ආචාරධර්මිය වගකිමක් ලබා දේ. එමෙන්ම එහි 3 කොටස තුලද සදහන් වන ආකාරයට එම වර්තාකරණය මගින් 14ට වැඩි හා 18ට අඩු පුද්ගලයෙකුගේ නම, ඡායාරූප වෙනත් අන්‍යතා වාර්තා කිරිම මුළු මනින්ම නවතා දමා තිබේ. ඊශ්‍රායල් නිති පද්ධතිය තුලද බාලවයස්කාරයන්ටට ඉතා ප්‍රබල ස්ථානයක් ජාතික ආරක්ෂාවක් හා අවධානයක් ලබා සී තිබේ. ළමයාගේ මානසික තත්වය හා නිදහස ආරක්ෂාකිරිමට ඉශ්‍රායල් නිති පද්ධතිය තුල විශේෂ පනත් ඇත. ඒ මෙන්ම ඊශ්‍රායල් පුවත් ආචාරධර්ම සංග්‍රහය මගින් මෙකි සිමාවන් ආචාරධර්මියිව මාධ්‍යවෙදින් හා මාධ්‍යකරුවන් වෙත ඉතා සාධනිය වේ.
හදුනාගැනිමේ ප්‍රකාශයට සහ මහජනතාවය අවශය වන තොරතුරු ලබා දිම තුල
මානසික රෝගි පුද්ගලයෙකු මත්පැන් ඇබ්බැහි තැනෙත්තෙකු රෝග ආධාර කරුවෙකු හෝ තොරතුරු ඔවුන්ගේ කැමැත්ත හා අවසරයකින් තොරව නම්,ඡායාරූප, අන්‍යතා තොරතුරු ප්රකාශයට පත් නොකල යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රකාශන අවශ්‍යතාවක් ඇත්නම් පමණක් ඔහුගේ හෝ ඇයගේ අවසරය මත එකි තොරතුරු වර්තා කල යුතුය. පුද්ගලයෙකුට මාධ්‍යකරණය තුල ගරු කල යුතුය. නමුත් නිතියක් කඩ කල පුද්ගලයෙකු එනම් අධිකරණය මගින් නිත්‍යානුකුලව වරදකරු කල පුද්ගලයෙකු පිලිබද පමණක් වාර්තාකරණය තුල කරුණු හෙලිදදරව් කිරිමට ඉඩ ඇතත් ඉහත සම්බන්ධ සියළු සිමාවන්ට යවත් විය යුතු බව පෙන්වා දෙයි.ඔහු හෝ ඇයගේ නම, ඡායාරූප, තොරතුරු වාර්තාකිරිම පිලිබදව දැඩි ලෙස සිමා මායිම් දක්වා ඇත. එමෙන්ම අධිකරණය මගින් නිතා්‍යානුකුලව වැරදි කරුවෙකු කිරිමට ප්‍රථම එම සිදුවිම හෝ අපරාධයන් සම්බන්ධව සැක කරන පුද්ගලයෙකුගේ නම්, ඡායාරූප හෝ වෙනත් අන්‍යතා තොරතුරු පල නොකල යුතුය. ඉහත සදහන් ආචාරධර්මිය සිමාදෙස බලන කල ඉතා ප්‍රශස්ත හා සාධාරණ මාධ්‍ය ක්‍රියාවලියක් ඊශ්‍රායල තුල ඇති බව පෙනි යයි.
මෙම පුවත්පත් ආචාරධර්ම සංග්‍රහාය තුල දැක්වෙන පරිදි මාධ්‍යකරුවන්ගේ චාර්යාව සම්බන්ධව ඉතා සුවිශේෂි අවධානයක් නතු කර තිබේ. ප්‍රතිලාබ සම්බන්ධව දක්වන පරිදි “මාධ්‍යවේදියෙක් ඔහුගේ මාධ්‍යවේදි කටයුතු සම්බන්ධව කාරණයක් සම්බන්ධව අල්ලස් හෝ මුදල් ජනතාවගෙන් ඉල්ලා නොසිටිය යුතු අතර ලාභ අපේක්ෂා නොකල යුතුය.”
යනුවෙන් ආචාරධර්මියව දක්වා තිබේ. මාධ්‍යකරුවන් යම් යම් සිදුවිම් සම්බන්ධව වාර්තා කිරිම හා මාධ්‍ය නටයුතු මෙහෙය විමේදි ඉතා ප්‍රබලව අගය කල යුතු වගකිමක් ලෙෂ මෙය ගෙනහැර දක්වයි. ලාභ අපෙක්ෂාවෙන් හෝ අල්ලස් ලබා ගැනිම හරහා සිදුකරන සන්නිවේදන ක්‍රීයාවලිය නිදහස් හා සාර්ව සාධරණ මාධ්‍ය ක්‍රියාවලියක් නොවේ. එම නිසා වඩාත් යහපත් මාධ්‍ය ක්‍රියාවලියක් වෙනුවෙන් මෙකි සිමාවන්ට යටත් කර තිබේ. තවද මෙහි දත්වා ඇති පරිදි එකි ලාභ ලබා ගැනිම හා අල්ලස් ලබා ගැනිම මගින් ජනතාව තුල එකි මාධ්‍යකරණය තුල ඇති විශ්වාසය භංග වී යයි.
එමෙන්ම මාධ්‍යකරුවන්ගේ නිදහස සම්බන්ධවද ආචාරධර්මිය සිමාවන් දක්වා ඇත. එනම්
“පුවත්පත් කලාවෙදියෙකු හා මාධ්‍යවෙදියෙකු තම කාර්යන් ඉටුකිරිම සම්බන්ධව හෙලි නොකරන ලද තොරතුරු භාහිර ආයතනවකින් සහ විශේෂයෙන්ම දැන්විම් කරුවන් සහ රාජ්ය ආර්ථික හා දේශපාලන ආයතනයන්ගෙන් ඉල්ලා සිටිම නොකල යුතුය.”
යනුවෙන් දැන්විම තුල මාධ්‍යවේදින්ට හෙලි නොකරන රහස් රාජ්‍ය හෝ පෞද්ගලාක අංශ තුල ඇත. එම රහස් මාධ්‍යවෙදින් විසින් එම ආයතන වලින් ඉල්ලා සිටිම ආචාරධර්මවලට පටහැනි බව ඊශ්‍රායල් පුවත්පත් මණ්ඩලය අවධාරණය කරයි. පෞද්ගලිකත්වය යන මුල ධාතුව පුද්ගලයන්ට මෙන්ම ආයතන කෙරේ බලපවත්වන ආකාරය පැහැදිලිය.
එමෙන්ම තොරතුරු වර්තා කිරිමේ ප්‍රබලතාව මත එම මාධ්‍ය ආයතනයේ පුවත්පතේ වටිනාකම ඉහල යන බැවින් තොරතුරු ලබා ගැනිම සදහා මාධ්‍යවෙදින් විසින් ප්‍රචන්ඩකාරි ක්‍රියා, තර්ජන, නිතිවිරෝධි ආක්‍රමණ නිතිවිරෝධි හෝ හොර රහසේ මාධ්‍යයන්ට හානියක් වන ක්‍රියා නොකල යුතු බව පෙන්වා දෙයි. තොරතුරු ඉදිරිපත් කිරිම මෙන්ම තොරතුරු සොයාබැලිමේදී ද ඉතා වටිනා ආචාරධර්මිය සිමාවන් දක්වා තිබේ. මාධ්‍යකරුවා මාධ්‍ය අන්තර්ගතය තුල සමාජයට සාධරණයක් කිරිම මෙන්ම මාධ්‍ය තොරතුරු සෙවිමද ඉතා ආචාරශිලි විය යුතු බව පුවත්පත් ආචාරධර්ම පිලිබද ඉශ්‍රායල් ඉදිරිපත් කිරිම තුල පැහැදිලි වේ.
ප්‍රකාශනයේ මුලාශ්‍රය සම්බන්ධව ආචාරධර්මිය සිමාවන් දක්වා තිබේ. මෙහිදි වෙනත් මාධ්‍යවෙදියෙකු වර්තා කරන ලද වෙනත් මාධ්‍යවෙදියෙකු සතු තොරතුරු සොරාගෙන ඉදිරිපත් නොකල යුතු බව පෙන්වා දෙයි. තොරතුරු සොරා නොගෙන තමන් විසින්ම ස්වයං ලෙෂ තොරතුරු සොයා ගැනිම ඉතා කේන්ද්‍රගත ආචාරධර්මයන් ලෙෂ ඉශ්‍රායලය තුල සදහන් වේ. වෙනත් මාධ්‍යවෙදියෙකුගේ කැමැත්තකින් තොරතුරු ලබාගන්නේ නම් පමණක් වාර්තාකල හැකි අතර නමුත් මුල් වාර්තාකරුගේ අයිතිය සදහන් කල යුතුය. එමෙන්ම මාධ්‍යවෙදින් හා මාධ්‍ය ආයතන ෂතුව ඉතා රහසිගත ලෙෂ තොරතුරු ගබඩා කර ඇති විට එම තොරතුරු ලබා ගෙන ප්‍රසිද්ධ කිරිම නොකල යුතුය.
පුවත්පත් ආචාරධර්ම හා එහි පාලනය පිලිබදයව මෙහි අර්ථ දක්වා ඇත.
පුවත්පත් කලා වෙදින් හා ආචාරධර්ම ක්ෂෙත්ත්‍රයන් තුල සේවය කරන මාධ්‍යවේදින් තමන්ගේ සුදුසුකම සනාථකර ගත යුතුය. ඊශ්‍රායල් රජය මගින් බලපවත්වන මාධ්‍යවේදි පරික්ෂනයට පෙනි සිටිය යුතු අතර ඒ හරහා සහාතිකයකක් ලබා ගැනිම අනිවාර්්‍ය කර තිබේ. එය මෙම ආචාරධර්ම සංග්‍රහහාය තුලද දක්වා තිබේ. එමෙන්ම මෙම ආචාරධර්ම සංග්‍රහාය තුල එන සියළු තොරතුරු වන සිමාවන්ට සියළු දෙනා එනම් මාධ්‍යකරුවන් හා මාධ්‍යවේදින් යමක් විය යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධව හා ආචාරධර්ම පිලිබද මුලික කාරණයන් පිලිබද මතයන් ඉදිරිපත් කරන විට ඉශ්‍රායල් මාධ්‍ය පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම කමිටුව උපදේශන ආයතන ලෙෂ කටයුතුකල යුතු බව පෙන්වා දෙයි. මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය පමණක් නොව එම ආචාරධර්ම බලපැවැත්විම හා අවධානය සම්බන්ධව ඊශ්‍රායල් පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම කමිටුව අවධානයෙන් සිටින බවයි. සංවර්ධනය වන ඉතා සාධාරණ හා මාධ්‍ය ව්‍යාපාරයක් සදහා එකි බලපැම ඉතා අගනේය. වෙනස්කම් හා වර්ගාවාදය පිලිබදව දක්වන අර්ථකථනය තු ජජාති වාදය හා ආගම් වාදය අවුස්සන සුළු තොරතුරු ඉදිරිපත් නොකල යුතුය. රටක විවිධ ආගම් ජාති ඇත. කිතුණු හා මුස්ලිම් ජාතිකයන්ද වෙනත් සුළු ආගම් ද ගණගාවක් තිබේ. අවසාන කොටසස තුල ආචාරධර්මිය වගකිමක් ලෙෂ ආගමික හෝ ජාතික ඛණ්ඩ අතර ගැටුම් හා භේද ඇති නොවන ආකාරයෙන් තොරතුරුවර්තාකල යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම මෙම ආචාරධර්ම සංග්‍රහය තුල එන තවත් වැදගත් කොටසක් වන්නේ පුවත්පත් හිමිකරුවන් හා ප්‍රකාශකයෙකු ෂතු හෝ අයිතිකරුවන් වසරකට වරක් තම හිමිකම් පිලිබද වර්තාවක් ඉදිරිපත් කල යුතු බව පෙන්වාදෙයි.මෙමගින් මාධ්‍ය ෂතු අවශ්‍යතා දුබලතා හා ප්‍රබලතා පිලිබද රාජ්‍ය අංශයටත් ජාතික හා ආර්ථික ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ටත් ඉතා වැදගත් වේ. රටක සංවර්ධනය සදහා දායක වීම මාධ්‍ය ෂතු ප්‍රධාන වගකිමක් වේ. ජාතික හා ආර්ථික ප්‍රතිපත්ති සැලසුම්කිරිම හා පාලනය කිරිම සදහා ජනතාව පෙළගැස්විම මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගෙන කටයුතු කිරිම ඉතා වැදගත් වේ. පුවත්පතක හෝ යම් මාධ්‍යක් මගින් ඉදිරිපත් කරන තොරතුරක් තුල ආර්ථික හෝ වෙනත් උන්නදුවක් ඇති තොරතුරක් වේ නම් එය වැඩි විස්තර සහිතව ඉදිරිපත් කල යුතු බව පෙන්වා දෙයි. මෙය ජාතික සංවර්ධනය සදහා ප්‍රබල ලෙෂ දායක විමකි. ඉතා පුළුල් ලෙෂ දැඩි විස්තර සහිතව වැඩි ඉඩක් ගෙන මෙකි තොරතුරු වාර්තා කිරිම ඉශ්‍රායල් පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම සංග්‍රහායේ ඉතා වැදගත් ස්ථානයක් තබා ඇත.
අවිධිමත් භාවිතය යන කොටස තුල කලාවේදියෙකු හා මාධ්‍යවේදියෙකු තමන්ගේ ප්‍රකාශ තොරතුරු ඉදිරිපත් කිරිමට ඔවුන් ෂතු බලය අනසි ලෙෂ භාවිතා නොතල යුතු බව පෙන්වා දෙයි. පුවත්පත් මාධ්‍යවේදියෙකු ෂතුව සුවිශාල බලයක් ඇත. එම බලය ඉතා සාධරණව හා සියුම් ලෙෂ භාවිතා කිරිම රටක නිදහස් මාධ්‍යකරණයට ඉතා වැදගත් වේ. මාධ්‍යවේදින් ද සිමාරහිතව බලය පාවිච්චි කරන්නේ නම් විශාල පරිහානියක් රට තුල සිදුවිය හැකිය. එමනිසා එකි ආචාරධර්ම ඉතා වැදගත් වේ.
මාධ්‍යාවෙදින් ෂතුව සුවිශාල තොරතුරු සංඛ්‍යාවක් ඇත. යම් යම් අරමුණු නිසා එම තොරතුරු අනිසි ලෙෂ භාවිතා නොකල යුතු බව අවධාරණය කරන්නේ එක් වචනයකින් මාධ්‍යාව්දියෙකුට රටක් දෙකඩ කිරිමට හැකියාව තිබේන නිමාය. එමනිසා ඉතා සියුම්ව හා වගකිම් සහගතව තම මෙහෙවර ඉටටු කිරිම ඉතා වැදගත් ආචාරධර්මයකි.
මාධ්‍ය මගින් වේළද දැන්විම් හා ව්‍යාපාරික තොරතුරු ප්‍රචාරණය කරන විට එම වෙළද ප්‍රචාරණය හා තොරතුරු මගින් පාරිභොගිකයා නොමගයවන හා අපහසු තාවයට පත්වන තොරතුරු ඉදිරිපත් කිරිම ආචාරධර්මිකව නවතා දමන ලෙෂ පුවත්පත් මණ්ඩලය අවධාරණය කරයි. පුවත්පතක තොරතුරු තුල මෙන්ම සෑම මාධ්‍යකටම පොදු වූ ආචාරධර්ම පද්ධතියක් ලෙෂ මෙය දැක්විය හැකිය. රටක සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සදහා පුද්ගලයන් රවටා කරන වෙළද හා වාණිජ කටයුතු මගින් රටේ සංවර්ධනය අඩාල වේ. එමෙන්ම පුද්ගලයන්ගේ විශ්වාසනියභාවය හා පෞද්ගලික පරිභොජනයට හානියක් සිදු වේ. විවිධ නොමග ගවන ආකාරයේ මිලදි ගැනිම් ආදිය ජනතාවට විනාශකාරි බලපැම් ඇති කරන නිසා ඉතා වටිනා ආචාරධර්ම සිමාවක් ලෙෂ හැදින්විය හැකිය. ශ්‍රි ලංකාවේ නිතිමය තත්වයන් තුලද ලොව සැම රටකම පාහේ ද මෙම නොමග යවන සුළු වෙළද ප්‍රචාරන ආචාරධර්ම සිමාවන් යටතේ පාලනය කර තිබේ.
එමේන්ම මෙහි ආචාරධර්මිය සිමාවන් පුවත්පත් කතුවරුන් වෙත ද පනවා තිබේ. පුවත්පත් කතුවරයෙකු මාධ්‍යවේදියෙකු ලබා දෙන තොරතුරක් මාඹ්‍ය ආයතනයේ වාණිජ හා දේශපාන යටි අරමුණු වලට ආදාලව වෙනස්කම් කරන විට මාධ්‍ය ෂතු මෙන්ම එම තොරතුරු ෂතු ගුණාංග විනාශ වේ. අවසාන බලපැම අපෙක්ෂිත බලපැමට වඩා වෙනස්වේ. එම නිසා කතු වරුන්ද තම සම මාධ්‍යවේදින් ලබා දෙන තොරතුරු විකෘති කිරිම නොකල යුතුය. එමෙන්ම කතෘ සහ මාධ්‍යවේදි පරිච්ඡේදය තුල ඊ කොටසේ දැක්වෙන ආකාරයට මාධ්‍යවේදියෙකු විසින් කතුවරයෙකුට ලබා දුන් තොරතුරක් පුවත්පතක පල වුවද එම මාධ්‍යවේදියාට එම තොරතුර වෙනත් පුවත්පතකට ලබා දිය හැකිය. මෙම මාධ්‍යවේදින්ගේ නිදහස ඉතා ඉහලින් අගයකිරිමට පාදක වන සිමාවකි. බලපැම් වලින් තොරව මාධ්‍යවේදියාට නිදහසේ කටයුතු කල හැකිය. එය මාධ්‍යවේදියාගේ අයිතිය පිලිබද ඉහලින් ෂලකා බැලිමකි. එමෙන්ම අවසාන කොටස තුල මාධ්‍යවේදින්ගේ සේවය අවසන් කිරිම පිලිබදව අර්ථ දක්වයි.
එහි ් – ඊ – ක් යන අනු කොටස් හොදින් කියවා බැලු විට ආචාරධර්ම කඩ කරන මාධ්‍යවේදියෙකුට ඊශ්‍රායලය තුල සේවය කිරිම තහනම් වේ. එම නිසා සෑම මාධ්‍යවේදියෙකුම ඉතා වගකිමෙන් නටයුතු කල යුතුය. පුවත්පත් මණ්ඩලය විසින් අපරාධ චෝදනාවක් සදහා සැකකාරයෙකු වූ විට එය පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම විනිශ්චය මණ්ඩලය මගින් විභාග කරනු ලබයි. රටක ඉතා ඵලදායි හා ආරක්ෂිත මාධ්‍ය ව්‍යාපාරයක් සදහා මෙයය ඉතා අගනා ක්‍රියාවලියකි. එමෙන්ම එම මාධ්‍ය ආචාරධර්ම මණ්ඩලය මගින් අවසාන තිරණය ගත් පරිදි මාධ්‍යවේදියෙකු වරදකරුවෙකු වුවහොත් ඔහුගේ සේවය නවතා දැමිමට පුවත්පත් මණ්ඩලයට පුර්ණ බලය ඇත. එමෙන්ම මාධ්‍යවේදියෙකුගේ අත්හිටුවිමට හා අවසන් කිරිම පිලිබද ආචාරධර්ම විනිශ්චය මණ්ඩලය මගින් පුවත්ලත් මණ්ඩල රෙගුලාසි වල දක්වා ඇති රේගුලාසි අනුව කටයුතු කල යුතුය. මෙම ආචාරධර්ම සංග්‍රහය පුවත්පත් මණ්ඩලය මගින් ඊශ්‍රායල් පුවත්පත් මාධ්‍යවේදින් වෙනුවෙන් නිර්මාණය කලද ඊශ්‍රායල් රජය මගින් මෙම ආචාරධර්ම සංග්‍රහය රූපවාහිනි හා ගුවන් විදුලි නව මාධ්‍යකරුවන් වෙතද පනවා තිබේ. රට තුල පැහැදිලි සංවර්ධනයත් සාමය ආරක්ෂා කිරිමත් මාධ්‍ය සදාචාරය ආදි වහුහය පාලනය සදහා මෙම ආචාරධර්ම සංග්‍රහය ඉතා වටින බැව් පෙනි යයි. ඉශ්‍රාලය යනු නිරන්තර යුධ ගැටුම් වලට මුහුණ දෙන යොමු වන රටක් නිසා රටතු සමාය ආරක්ෂා කිරිමට හා රටේ යහ පැවැත්මට ඉතා වටිනා සාධකයක් වේ. ඊශ්‍රායල් පුවත්ලත් මණ්ඩලයේ මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය ලොව සැම රටකම පාහේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආචාරධර්ම වලටත් වඩා ඉහලින් මුලය, මාධ්‍ය, සන්නිවේදනය හා ග්‍රහකයා පිලිබදව අවධානය යොමුකරමින් සකස් කරන ලද ආචාරධර්ම සංග්‍රහයක් බව පෙනී යයි
Subscribe to:
Posts (Atom)