සන්නිවේදන නිර්වචන
සන්නිවේදන විෂය තුළ සන්නිවේදනය පිළිබඳ නිර්්වචන රැසකි. 1930 දශකයේ පමණ සිට අද ද්කවා තනි පුද්ගලයන්, කන්ඩායයම් හා සංවිධාන වශයෙන් සන්නිවේදන නිර්වචන ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත-
බොහෝ විට සාර්ථක සන්නිවේදන නිර්වචනයක කරුණු 5 ක් ඇතුළත් බව පෙන්වා දිය හැකිය-
- සන්නිවේදනයේ ආරම්භකයා/මුලාශ්‍රය/සන්නිවේදක
- සන්නිවේදනය ලබන්නා /ග්‍රාහකයා :ඍැජසඑසැබඑ රැ ඍැජැසඩැර*
- සන්නිවේ්දන වාකහකය /චැනලය/මාධ්‍යය :ඵදාැරැඪැයසාැරැක්‍ය්බබැරැඵැාස්*
- පණිවිඩය/සන්දේශය
- සන්නිවේදනයේ ඵලය/බලපෑම
සන්නිවේදන නිර්වචන එකි නෙක ගෙන විිමසීමේදි පැහැදිලි වන්නේ ඒවා ප්‍රවේශන් කිහිපක් යටතේ වර්ගකළ හැකි බවය-
- ඵෛතිහාසික ප්‍රවේශය
- සමාජ-සංස්කෘතික ප්‍රවේශය
- විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශය
- දේශපාලනික ප්‍රවේශය
- විෂයානුබද්ධ ප්‍රවේශය
හැරල්ඞ් ලැස්වේල්ගේ නිර්වචනය
" කිසියම් කෙනෙක් කිසියම් මාධ්‍යකින් යමෙකුට යම් බැලපෑමක් කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන දෙය සන්නිවේදනයයි "
සන්නිවේදනය යනු කුමක්දැයි වඩාත් විද්‍යාත්මකව පැහැදිලි කළ හැරල්ඞ් ලැස්වේල් ගේ සන්නිවේදන නිර්වචනය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත-
සන්නිවේදනය විෂයානුබද්ධව, විද්‍ය්‍යාාත්මකව විග්‍රහ කරන ලැස්වෙල්ගේ නිර්වචනය සන්නිවේදනයේ අංග 05ක් වැදගත් වේ.
- කවුරුන් විසින් - සන්නිවේදන, මුලාශ්‍රය, සන්නිවේදකස්තානය
- කුමක් - පනිවිඩය/සන්දේශය (අන්තර්ගතය)
- කුමන මාධ්‍යයයකින් -වාහකය/චැනලය/මාධ්‍යය
- කවරෙකුට - ග්‍රාහකයා
- කුමක් සඳහා -සන්නිවේදන ඵලය/බලපෑම
පුද්ගපයෙකු තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට යමක් යම් මාධ්‍යයකින් කියනු ලබන්නේ එමඟින් යම් බලපෑමක් කිරීමේ අරමුණ ඇතිවය. ලැස්වෙල්ගේ නිර්වචනය අනුව සන්නිවේදනය යනු අංග කිහිපයකින් සමන්විත ක්‍රියාවලියක් බව පැහැදිලි වේ. සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් සඳහා පැවතිය යුතු අංග ඉතා සරලව පෙන්වා දී ඇති නිසා සන්නිවේදනයේ මුලිකාංග හඳුනාගැනීමේදීත්, සන්නිවේදන ක්‍රියාවලිය විග්‍රහකිරීමේදීත් මෙම නිර්වචනය ප්‍රයෝජනයය ගැනේ.
ක්ලෝඞ්ෂැනන් හා වොරන්න් විවර්ගේ නිර්වචනය
" යම් තැනක සකස් කල පණිවිඩයක් තවත් තැනක ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි "
මෙම විදවතුන් දෙපළ 1954 වසරේදි සන්නිවේදන අර්ථකතනය කර ඇත.
විෂයානුබද්ධ ප්‍රවේශයකින් සන්නිවේදනය දෙස බලන ෂැනන් සහ විවර් තෝරා ගැනීම පිලිබඳ සඳහන් කිරීම නිසා මෙම නිර්වචනය තුළ සමාජ සංස්කෘතික සහ දේශපාලන ප්‍රවේශයක්ද තිබිය හැකි බවට තර්ක කළ හැකිය. එනම් පණිවිඩය තෝරා ගැනීම සඳහා සමාජ දේශපාලන බලපෑමක් තිබිය හැකි නිසාය. එමෙන්ම පණිවිඩයය ප්‍රතිනිර්මාණය සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කළ හැකි බැවින් මෙහි විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශයක්ද ඇතැයි කිව හැකිය.
මෙම නිර්වචනය තුළද සන්නිවේදන අංග කිහිපයක් හඳුනාගත හැකිය.
- යම් තැනකදි තෝරා ගත් පණිවිඩයක් - මුලාශ්‍රය/සන්නිවේදන ස්ථානය
- වෙනත් තැනකදි - ග්‍රාහකයා/ග්‍රාහක ස්ථානය
- ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය-පණිවිඩය/අන්තර්ගතය
තෝරා ගන්නා පණිවිඩ තවත් තැනකදි ප්‍රතිනිර්මාණය කිරීමට මාධ්‍යයක් හෙවත් චැනලයක් යොදා ගැනීම හෝ මෙම ක්‍රියාවලියේ අරමුණ හෝ ඵළය පිළිබඳ මෙහිදි පැහැදිලිව සඳමන් කර නැත. නමුත් මෙම සන්නිවේදන අංග දෙක පිළිබඳ ඉඟිකිරීමක් සමස්ථ නිර්වචනය විග්‍රහ කිරීමේදි අපට හඳුනාගත හැකිය. එනම්, යමක් ප්‍රතිනිර්මාණය කිරීමට යම් විධික්‍රමයක් හා මාධ්‍යයක් අවශ්‍යය වන අතර නිර්මාණයක් කිරීමට අරමුණක්ද නිර්මාණයේ බලපෑමක්ද පවතියි.
විල්බර් ශ්‍රාමිගේ නිර්වචනය
සන්නිවේදන විෂය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක්වු මහචාර්්‍යය විල්බර් ශ්‍යාම් 1973 වසරේදි සන්නිවේදන නිර්වචනයක් ඉදිරිපත් කළේය.
" තොරතුරු ගැබ් වූ සඤ්ඤාවක් කරන කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික පැවැත්මක් ඇති කිරීම සන්නිවේදනයයි"
විල්බර් ශ්‍රාම් පැහැදිලි කරන්නේ මිනිසා විසින් සමාජය තුළ සිදු කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳවයි. එබැවින් මෙය සමාජ සංස්කෘතික ප්‍රවේශයක් සහිතය. තවද තොරතුරු අධ්‍යයනය හා විනෝදය ලබා දීම, පෙළඹවීම වැනි සන්නිවේදනයේ කාර්්‍යයන් පිළිබඳ දක්වා ඇති නිසා මෙම නිර්වචනයේ විෂයානුබද්ධ ප්‍රවේශක්ද පවතියි.
මිනිසුන් සමාජය තුළ සන්නිවේදනය කරන ආකාරය ශ්‍ර්‍යාම් පැහැදිලි කරන්නේ මිනිසුන් අනෝය්‍යන්‍ය වශයෙන් හෙවත් එකිනෙකා අතර සිදු කරන හුවමාරුවක් වශයෙනි. නිසාමෙහි සන්නිවේදනය හා ශ්‍රාවක භූමිකා හඳුනාගත හැකිය. හුවමාරුවකදි එක් අවස්ථාවක දෙනු ලබන්නා තවත් අවස්ථාවක ගනු ලබන්නf බවටද, ගනු ලබන්නා දෙනු ලබන්නා බවටද පත් වේ. මේ අනුව සන්නිවේදන ක්‍රියාවලිය තුළ භූමිකා හුවමාරු වන බව මෙම නිර්වචනයෙන් පැහැදිලි වීම විශේෂත්වයකි. සන්නිවේදකයා විටෙක ග්‍රාහකයා බවටද, තවත් අවස්ථාවක ග්‍රාහකයා සන්නිවේදකයා බවටද පත් වන බව සන්නිවේදනයෙය් අනf්‍යා්න්‍ය බව පිළිබඳ සඳහන් කිරීමෙන් අවබෝධ වේ. එමඟින් සන්නිවේදනයෙය් අඛණ්ඩ බවත්, එය ක්‍රියාවලියක් බවත්, එහි ද්විමාර්ගික ස්වරූපයක් ඉස්මතු වේ. තවද සන්නිවේදනය ඔස්සේ මිිනසුන් එකිනෙකාට බලපාන ආකාරය මෙහි විස්තර කරන නිසා සන්නිවේදනයේ “බලපෑමද” ඔහුගේ අවධානයට ලක්ව ඇත.
විල්බර් ශ්‍රා්‍යාම් ගේ නිර්වචනයය තුළින් පැහැදිලි වන වැදගත්ම කරුණක් වන්නේ පුද්ගලයයා සමාජයේ සෙසු පුද්ගලයයින් සමඟ සම්බන්ධ කරන මෙවලම සන්නිවේදනය බවයි.
GooGo
ReplyDelete👍Good
ReplyDelete